ගොහු බණුව

ඉලෙක්ට්‍රොනික ශ්‍රව්‍ය පරිවර්තනය කරයි

ගොහු බණුවක්[1] හෙවත් ශබ්ද විකාශන යන්ත්‍රයක් යනු ලව්ඩ් ස්පීකරයක් හෝ ස්පීකරයක් හෝ ලෙස දු හැඳින්වෙන, සද මවනුව රෙදෙවු, තෙලදසුන් හා විදිලි මියැසි උවාරණ තරයන[2] සැටි වලැ ගැනෙනා අයිතමයකි.

මිලෙන් අඩු බණුවක්. එය සැමැනියෙන් කුඩා රෙදෙවුවලැ වෙයි.
පුවළ බණුවක්.

වැඩ කරන අයුරු

රෙදෙව්වෙකින්, තෙලදසුනෙකින් හෝ විදිලි මියැසි උවාරණයකින් හෝ ලැබෙනා විදිලි සනක් සද බවට පිරිවටනුව ගොහු බණුව විදිලි හා යතකුරු[3] හා යන මූලධර්ම දෙකම ගනියි. ගොහු බණුවෙකින් සද නිපැයෙනුව එසේ ලැබෙනා සන විදුරොන්[4] තරයනයකට ඇමිණියැ යුතු යි.

සැමැනියෙන් ගොහු බණු සාදා ඇත්තේ තද කඩදාසි කේතුවක්, තුනී තඹ තත්[5] දරණයක් හා කවයුරු යකතක් හා ගනිමිනි. කේතුව, තඹ තත හා යකත සැමැනියෙන් උදුකොනුයුරු ලී පිරිපැසෙකැ සවි කැරැ ඇති. තඹ තත් දරණය හරහා විදිලි සනක් ගිය, එය පෙරට හා පසුපසට හා සැලේ. තද කඩදාසි කේතුව කම්පනය වී සද පිළිනිපැයෙනුව තඹ තත් දරණය ද යකත ද හේතු වේ.

ගොහු බණුව තුළැ audio crossover වියැ හැකි.

යොදාගැනීම්

රෙදෙවු, තෙලදසුන්, සරහුරු ඇසි වයු, තැනැති පරිගණක (පරිගණක බණු), ඉස් බණු හා කන් බණු හා වැනි අටවුවලැ කුදුතර බණු දක්නට ලැබේ. නිවෙස් හයි-ෆයි සැටි (ස්ටීරියෝ), විදුරොන් මියැසි උවාරණ, රඟහල් හා ප්‍රසංග ශාලා තුළැ සද වැරැකැවීම හා ජන ඇමැතුම් සැටි හා සඳහා පුවළ, ගොසුතර බණු සැටි ගැනේ.

ඉතිහස

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් 1876 දී පළමු ඇසියැ හැකි ගොහු බණුව නිමැවී යැ. එසේ ගොහු බණුවක් නිමැවූයේ සිය තෙලබණුව සඳහා සද තරයනා අටව්වෙක් ඇවැසි වූ බැවිනි. 1878 දී, ජර්මානු නව නිමැවුම්කරුවකු වූ වර්නර් වොන් සීමනස් විසින් වැඩි දියුණු කැරුණු විදු-ගතික ගොහු බණුවක් සඳහා වූ පේටන්ට් බලපත ලබා ගැනුණි.

සටහන්

යොමු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගොහු_බණුව&oldid=550275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි