ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 1847 මාර්තු 3 වැනිදා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී උපත ලැබුවේය.ඒ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මෙල්විල් බෙල්ට සහ එලිසා ග්‍රේස් මවට දාවය. ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සිටිමුත් ඔවුන් ශ්වසනාබාධවලට ගොදුරුවීමෙන් ළමාවියේදීම මිය ගියහ.

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්

ජීවිතයේ මුල් අවධිය

ළමාවියේදීම ඇලෙක් නව සොයා ගැනීම් සිදුකළේය. වයස 12 දී තම අසල්වැසි මිතුරා සමඟ ඔහුගේ අසල්වැසියාට පිටි පිළියෙල කරන යන්ත්‍රයක් සාදා දුන් ඇලෙක්සැන්ඩර් හට ජෝන් හර්ඩ්මන් නම් වූ එම අසල්වැසියා නව සොයාගැනීම් කිරීමට වෙනම වැඩපොළක් සාදා දුන්නේය.

කුඩා කල සිටම ඔහු චිත්‍ර ඇඳීමට, මැටි බඳුන් කර්මාන්තයට හා සංගීතයට මහත් ඇල්මක් දැක්වීය. තනිවම පියානෝව ඉගෙනීම හා විවිධ කටහඬ අනුකරණයෙන් ඔහු පවුලේ අයව මවිත කරවීය. තම මවගේ සෙමෙන් වර්ධනය වූ බිහිරි බව ඔහුට මහත් දුකක් විය. විවිධ ශබ්ද හා ක්‍රම මගින් තම බිහිරි මව හා කථා කරන්නට ඔහු උත්සාහ දැරීය. ඔහුගේ පිය පරම්පරාව භාෂා ශබ්ද නැගීම සම්බන්ධ ගුරුවරුය. ඉතා දුර්වල පාසල් අධ්‍යාපන මට්ටමක් පෙන්වූ ඔහුව සීයා වෙත යවන ලදි. මෙහිදී ඔහු විද්‍යාව කෙරෙහි වූ උනන්දුව වැඩිදියුණු කරගත් අතර වයස 16 දී භාෂා ශබ්ද නැගීම සම්බන්ධව සිසු ගුරුවරයෙකු බවට පත්විය. පළමුව එඩින්බරෝ සරසවියට ඇතුළත් වූවද ඔහු උපාධිය ලබාගත්තේ මොරෙන්ටෝ සරසවියෙනි.

1863 දී වෙනත් නව නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනුකරණය කරමින් ඔහු සහ ඔහුගේ සහෝදරයා නිමවූ "කතාකරන ඔලූව” ඔහුගේ පියා සහ අසල්වැසියන්ගේ ප්‍රසාදයට හේතු විය. තම සුරතල් බල්ලාව විවිධ ශබ්ද නැංවීමට ඔහු පුරුදු කළේය. වයස 19 දී පියාගේ මිතුරෙකුට ලිපියක් ලියමින් ඔහු තම හඬ නැංවීමේ යාන්ත්‍රික නිර්මාණ පිළිබඳව හඳුන්වා දුනි. එමඟින් තවදුරටත් තම හැදෑරීම් ඉදිරියට ගෙනයා හැකි විය. ඔහුගේ කුඩා කාලය අසුන්දර විය

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි