චීනයේ බෞද්ධ ඉතිහාසය

බෞද්ධාගම 1 වන සියවසේදි පමණ මධ්‍යම ආසියාවෙන් චීනයට පැතිරුණු අතර (අශෝක අධිරාජ්‍ය සමයේ චීනයට වැඩම කළ භික්ෂුවක් මඟින් පැවතුනු බවට ද ජනප්‍රවාද පවතී) 8 වන සියවස තෙක් එය ඉතාමත් සක්‍රිය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ව පැවතුනි.

ක්‍රි.ව. 67 දී මොටොන් හා Chufarian නම් බෞද්ධ භික්ෂුන් දෙනමගේ ආගමනයන් සමඟ බුද්ධාගම චීනයට නිල මට්ටමෙන් හඳුන්වා දෙන ලදි. ක්‍රි.ව 8 දී අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ ලුම්යැන්ග් නුවර ආසන්නයේ තනන ලද ධවල අශ්ව විහාරය වර්තමානයේද දක්නට ලැබේ.

tiny globe
උතුරු වෙයිහි මෛත්‍රී බුදු පිළිමය

ප්‍රථම මහායාන ග්‍රන්ථය චීන භාෂාවට පරිවර්තනය කළේ කුෂාණ භික්ෂුවක් වු ලෝතක්සේම විසින් ක්‍රි.ව. 178-189 කාලය තුළදීය. චීනය තුළ හමුවු මුල්ම කලා කෘති නම් ක්‍රි.ව. 200 දී පමණ ගාන්ධාර සම්ප්‍රදායට අනුව තනන ලද කුඩා ප්‍රතිමාය.

මැන්ග් අධිරාජ්‍යය (618 - 907) සමයේදි බුදුදහම ප්‍රචලිත වු අතර මෙම අධිරාජ්‍යයන් විදේශීය බලපෑම් සඳහා ඉතාමත් විවෘතව පැවති අතර චීන බෞද්ධ භික්ෂුන් 4 සිට 11 වන සියවස් තුළ ඉන්දියාවට සංචාරය කිරීම නිසා ඉන්දියානු සංස්කෘති සමඟ හුවමාරුවීම ඇතිවිය. ටැන්ග් අධිරාජ්‍යයේ අගනුවර වු චැන්ගන් (වර්තමානයේ සියදන්) බෞද්ධ චින්තනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. බුදුදහම ‍එතැනින් කොරියාවට ව්‍යාප්ත වු අතර කෝටොෂි නම් තානාපතිවරයා මඟින් එය ජපානයට පැතිරුනි.

නමුත් ටැන්ග් අධිරාජ්‍යයේ අවසානය සමයේදී විදේශීය බලපෑම් කෙරෙහි විරෝධයක් ඇතිවිය. ටැන්ග් අධිරාජ්‍යයා වු සොන්ග් 845 දී සියළු විදේශීය ආගම් (ක්‍රිස්තියානි, නෙස්ටෝරියානු, ශරකුස්වාදය හා බෞද්ධ) නීතියට පටහැනි බව ප්‍රකාශ කර දේශීය වාට් වාදයට අනුග්‍රහ දැක්විය. ඔහුගේ රාජ්‍ය පාලන සමයේදී බෞද්ධ වස්තුන් රාජසන්තක කිරීම, විහාරස්ථාන විනාශ කිරීම හා භික්ෂුන් වහන්සේලා ඝාතනය මඟින් බෞද්ධ සංස්කෘතික හා චින්තනයේ බලය නැතිකර දැමීම.

නමුත් මෙම මහා සංහාරයෙන් සියවසකට පමණ පසු ඇතිවු සොන්ග් අධිරාජ්‍ය සමයේදී (1127-1279) බුදුදහම නැවත පුනර්ජීවනය ලැබීය.

චැන් බුදුදහම සියවස් ගණනක් සමෘද්ධිමත්ව පැවතුනු අතර ජපානයේ සෙන් බුදුදහමේ මුල්‍ය වුයේ මෙයයි. හෙන්ගි රාජ්‍ය සමයේදි චීනයේ චැන් බුදුදහමට විශාල අනුග්‍රහයක් ලැබුණු අතර විහාරස්ථාන සංස්කෘත හා අධ්‍යාපන කෙන්ද්‍ර බවට පත්විය.

වර්තමානයේදි චීනය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශවලට අනුව ලෝකයේ වැඩිම බෞද්ධ කලා නිර්මාණ එකතුවට හිමිකම් කියයි. ටැන්ග් රාජ්‍ය සමයේ දි 8 වන සියවසේ කන්දක නෙලන ලද ප්‍රතිමාවක් වන ලෙෂාන් බුද්ධ ප්‍රතිමාව ලෝකයේ විශාලම ශෛලමය බුද්ධ ප්‍රතිමාවයි.


සටහන්

History of Buddhism China
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි