ජනමත විමසුම
ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) යනු යම් යෝජනාවක් සඳහා මැතිවරණ කොට්ඨාසයක සිටින සියලු ම චන්ද දායකයින් හට ඡන්දය ප්‍රකාශ කළ හැකි ඍජු ඡන්දයකි. මෙයක ප්‍රතිඵලයක් ලෙස නව නීතියක් සම්මත කර ගැනීම සිදු විය හැකි ය.
පරණතම භාවිතය
ජනමත විමසුමක් එම තේරුමින් ම භාවිතයට ගැනීම පළමුවෙන් ම සිදු කෙරුණේ 16වැනි සියවසේ ග්‍රෞබ්‍යූන්ඩන් (Graubünden) නම් ස්විස් කැන්ටනයේ ය.[1][2]
තාර්කිකත්වය
දේශපාලන-දාර්ශනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට, ජනමත විචාරණ යනු ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ උසුරුවකි. නමුත් නූතන ලොවෙහි ජනමත විමසුම් නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයෙහි ලා ද වටහාගත යුතු ය. එනිසා, මෙම විමසුම් ඉතා ම වරණීය ලෙස දැනට පත් ව ඇති නිලධරයන් හට නීත්‍යානුකූල අවසරයක් හෝ රිසියක් නැති ඡන්ද පද්ධති වෙනස් කිරීම වැනි ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට භාවිතා කරයි.
රටවල් අනුව ජනමත විමසුම
18වැනි සියවස අවසානයේ සිට ලොව පුරා සිය ගණන් ජාතික ජනමත විචාරණ සංවිධානය කොට තිබුණි;[3] ස්විට්සර්ලන්තය 1848 හි දී නූතන රාජ්‍යයක් වීමෙන් අනතුරු ව ජාතික ඡන්ද 600 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇත.[4] ඉතාලිය ජාතික ජනමත විමසුම් 72ක් සමඟ දෙවන ස්ථානයේ සිටියි: ජනප්‍රිය ජනමත විමසුම් 67ක්, ව්‍යවස්ථාමය ජනමත විමසුම් 3ක්, සංස්ථායික ජනමත විමසුම් එකක් හා එක උපදේශාත්මක ජනමත විමසුමක් වශයෙනි.[5]
බහුවරණ ජනමත විමසුම්
ව්වේචන
මූලාශ්‍ර
- The Federal Authorities of the Swiss Confederation, statistics (German). http://www.bfs.admin.ch/bfs/portal/de/index/themen/17/03/blank/key/stimmbeteiligung.html
- Turcoane, Ovidiu (2015). "A proposed contextual evaluation of referendum quorum using fuzzy logics" (PDF). Journal of Applied Quantitative Methods. 10 (2): 83–93.
යොමු
ඉදිරියට කියවන්න
- Morel, L. (2011). ‘Referenda’. In: B. Badie, D. Berg-Schlosser, & L. Morlino(eds), International Encyclopedia of Political Science.Thousand Oaks: SAGE: 2226-2230.
- Qvortrup, Matt (2017). "Demystifying Direct Democracy". Journal of Democracy. 28 (3): 141–152. doi:10.1353/jod.2017.0052.
- Setälä, M. (1999). Referendums and democratic government. London and New York: Palgrave Macmillan.
- Topaloff, Liubomir (2017). "Elite Strategy or Populist Weapon?". Journal of Democracy. 28 (3): 127–140. doi:10.1353/jod.2017.0051.