දෙමළ ඊළාම් විමුක්ති කොටි

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (ඉංග්‍රීසි: 'Liberation Tigers of Tamil Eelam', දෙමළ: தமிழீழ விடுதலைப் புலிகள், ISO 15919: tamiḻ īḻa viṭutalaip pulikaḷ; පොදු ව්‍යවහාරයෙහි එල්ටීටීඊ හෝ කොටි ලෙසින් වැහැරෙයි) පෙරදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී සංවිධානයකි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය
ධජය
නාමයதமிழீழ விடுதலைப் புலிகள்
වෙනත් නම්කොටි, එල්ටීටීඊය
Major actions5 මැයි 1976 (1976-05-05) – 19 මැයි 2009 (2009-05-19)
නායක(යෝ)වේළුපිල්ලේ ප‍්‍රභාකරන් (1976 - 2009)
අභිප්‍රායශ්‍රී ලංකාවේ උතුරු පළාත සහ නැගෙනහිර පළාත ඒකාබද්ධ කොට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගීම
මතවාදයදෙමළ ජාතිවාදය
බෙදුම්වාදය
අති මහත් සංඛ්‍යාවකි
සැළකිය යුතු ප්‍රහාරඅති මහත් සංඛ්‍යාවකි
තත්වයඅක්‍රීය. 2009 වසරේ මැයි මසදී යුධමය වශයෙන් පරාජය විය.[1]
ප්‍රමාණය18,000 (2004 දී)
වාර්ෂික ආදායමඇමරිකානු ඩොලර් මිලියන 200–300 පමණ .[2][3]
ආදායම් මූලාශ්‍රවිදේශීය දෙමළ ජනයාගේ ආධාර, ත්‍රාසාද්ග්‍රහණය,[4] අවි ආයුධ වෙළඳාම, යටත් ප්‍රදේශ වලින් බදු අය කිරීම
වෙබ් අඩවියeelam.com (දැන් ක්‍රියා විරහිත ය)

මෙම සංවිධානයේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුල ස්වාධීන දෙමළ ඊලම් රාජ්‍යයක් බිහි කිරීමයි. මේ සඳහා ඔවුන් බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ඇරඹූ අතර එය වසර තිහක් ඉක්මවූ ආසියාවේ දීර්ඝතම ගැටුමක් බවට පත් විය. ශ්‍රී ලංකාව මෙම සංවිධානයෙහි සහ යුධමය ක්‍රියාකාරකම් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් පරාජය කරන ලදී.

සංවිධානයේ බලයේ උපරිම කාලසීමාව තුල ඔවුනට මනා ලෙස සංවිධිත ගරිල්ලා හමුදාවක් තිබු අතර ලාංකීය හා ඉන්දියානු දේශපාලන නායකයන් ඉලක්ක කරගැනුම් ඇතුළු ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට ඔවුන් සමත් වූහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන්නවුන් මොවුන් අතින් ඝාතනය වූ ඉහල පෙලෙහි රාජ්‍ය නායකයන්ගෙන් සමහරෙකි. කොටි සංවිධානය රටවල් 32 ක තහනමට ලක් වූ සංවිධානයක් වුව ද යුරෝපයේ හා ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරාව (විසිරිතය) මගින් ලැබුණු සහය ඔස්සේ කටයුතු කෙරුණ අතර සංවිධානයේ ආරම්භයේ සිට අවසානය දක්වා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් එහි නායකයා වශයෙන් කටයුතු කරන ලදී.

යුද්ධය පැවතී කාලසීමාව පුරා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් පාලනය කරන ලදී. මෙම කාලසීමාව තුල එල් ටි ටි ඊ සංවිධානය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමග භයානක ගැටුම් වලට මුහුණ දුනි. සිවු වතාවක් සාම සාකච්ඡා වලට සහභාගී වූ එල් ටි ටි ඊ ය සිවු වතාවේම එම සාකච්ඡා වලින් ඉවත් විය. 2002 සාම සාකච්ඡා වලට සහභාගී වන විට ඔවුන් විසින් වර්ග කිලෝ මීටර 15000 ක බිම් කඩක් පාලනය කරන ලදී. 2006 සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා හමුදා දියත් කරන ලද හමුදා මෙහෙයුමෙන් පසුව මුළු දිවයිනම ලංකා රජයේ පාලනයට නතුවූ අතර එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට ලක් විය. එල්.ටි.ටි.ඊ. සංවිධානය මැයි මස 17 වන දින තම පරාජය නිල වශයෙන් පිළිගත් අතර මැයි මස 19 වන දින ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදාවන් විසින් ඝාතනය කරන ලදී. ඉන් පසු සෙල්වරාසා පත්මනාදන් (රණ නාමය : කේ.පි) නායකත්වයට පත් වූ නමුත් ශ්‍රී ලංකාව විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

අතීතය

ආරම්භය

1976 දී වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ආරම්භ කෙරිනි.

බල ව්‍යාප්තිය

ඉන්දීය සාම හමුදා යුගය

පශ්චාත් ඉන්දීය සාම හමුදා යුගය

2001 සාම සාකච්ඡා

කොටින්ට එල්ලකළ ප්‍රහාරයන්

අනු අංකයදිනයදියත් කරන ලද්දේප්‍රහාරයස්ථානයමුලාශ්‍ර
11993 ජනවාරි 16ශ්‍රීලංකා නාවික හමුදාවපේදුරුතුඩුව මුහුදේදී ශ්‍රීලංකා නාවික හමුදාව විසින් "MV Ahat " නමැති කොටි ත්‍රස්තවාදීන්ගේ නැවක් විනාශ කිරීම.පේදුරුතුඩුව මුහුදේදී
21996 ජුලි 19ශ්‍රීලංකා ගුවන් හමුදාවමුලතිවු මුහුදේදී කොටි බෝට්ටු 100 කට අසන්න ප්‍රමාණයක් විනාශ කෙරිණි.මුලතිවු මුහුද
32009 අප්‍රේල් 3විශේෂ කාර්ය බලකායවිශේෂ කාර්ය බලකාය අම්පාරේ ලාහුගලදී එල්ල කල ප්‍රහාරයකින් ප්‍රමාදන් මාස්ටර් නමැති ප්‍රස්ත නායකයා ඇතුළු කොටි ත්රස්තවාදීන් 13 දෙනෙකු මරාදැමීම.අම්පාර ලාහුගල
41991 මාර්තු 25යුදහමුදාවමේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් දියත් කල "ටයිගර් වේවුස්" මෙහෙයුමෙන් කොටි ත්රස්තවාදීන් 408 දෙනෙකු මරාදැමීම.-
51990 ජුලි 14යුද හමුදාව1990 ජුලි 14 දාසිට සැප්තැම්බර් 31 දක්වා වවුනියාවේ සිට මන්නාරම් පාරේ පුරවසම් කුලම් දක්වා ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට දියත්කල "බුෂ් අවි " මෙහෙයුමේදී කොටි ත්‍රරස්තවාදීන් 173 දෙනෙකු මරාදැමීම.වවුනියාව

වත්මන් ක්‍රියාකාරකම්

වර්තමානය

උප කණ්ඩායම්

පාදක රටනායකනම
නෝවේනෙදියවන්

වෙනත් ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා

වෙනත් ත්‍රස්තවාදී සංවිධාන එල්.ටි.ටි.ඊ උපක්‍රම භාවිතය

ඝාතන

R.premadasaRajiv gandoooAlfred DuraiappahAranthalawa Bikshun

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

මානව හිමිකම් උල්ලංඝනය

සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර

ළමා සොල්දාදුවන්

ජන සංහාර (වර්ග ඝාතනය)

මොවුන් විශාල සිංහල දමිළ මුස්ලිම් මිනිසුන් ඝාතනය කරන ලදි ඒ මරාගෙන මැරෙන බොම්බ,ක්ලෙමො බොම්බ ,කපා කෝටා හා කුඩා ළමුන් යෝදා ගෙනය.මේ කුරිරැ ත්‍රස්තවාදී සංවිධානය වැඩි වශයෙන් යොදා ගනුලැබුවේ වයස 11-15 අතර කුඩා ලමුන්‍ වේ.කුඩා ළමුන් සොල්දාදුවන් ලෙස යොදවා හමුදා ව පරාජයට පත් කීරීමට උත්සාහ කර ඇත ඒ LTTE නායකයන්ගේ ළමුන් පීටරට සැප විදින අතරය.කුඩා ළමුන් බලහත්කාරයෙන් ගෙන ගොස් යුද පුහුණු වක් ලබාදී යුද්ද කීරීමට යවන ලදී. LTTE සංවිදානය වීසින් ශ්‍රි ලංකාවේ ප්‍රදාන මර්මස්ථාන වන මහ බැංකුව,ගුවන් තොටුපල දුමරිය ස්ථාන හා බස් රථ වලටද ප්‍රරහාර එල්ල කරන ලදි.මේ සදහා ක්ලේමො බෝම්බ හා මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර ප්‍රදාන විය.ඉතා සාහසික ලෙස මොවුන් අහින්සක මිනිසුන් ඝාතනය කරන ලදි

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීම

ලංකාව තුල මොවුන් 2009 මැයි 18 දින යුදමය වශයෙන් පරාජය කරන ලද්දේ හිටපු ජනාදිපති වරයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් හා තිුවිධ හමුදා සෙබලුන්ගේ කැපවීම නිසාය.බටහිර රට වල්(USA,එක්සත් රාජධානිය,නොර්වේ)හා ශ්‍රි ලංකාවේ සමහර දේශපාලනය කරන උදවිය(රනිල් වික්‍රමසිංහ-තොප්පිගල කියන්නෙ කැලයක්,රවී කරුනානායක-කිලිනොව්චි යනවා කියාල යන්නේ මැදවච්චි ලක්ශ්මන් කිරිඇල්ල-යුද්ධ කරන්න ඕනා ගොනෙකුට පුලුවන් )

හා NGO වල අපහාස විධදාරා ගනිමින්‍ ය.යුද්ධය අවසාන කීරීමෙන් පසු ලංකාව තුල LTTE සංවිධානය තහනම් කෙරිනි.එතැන් සිට වර්ථමානය දක්වා මෙය ක්‍රියාත්මක වේ.

අපරාධ

මුහුදු කොල්ලකෑම

ආයුධ ප්‍රවාහනය

නීති විරෝධී සංක්‍රමණ

දකුණු ඉන්දියාව,ඇමරිකාව,කැනඩාව,ස්විඩනය

මේවාද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි