නත්තල් පෙරරැය

නත්තල් පෙරරැය යනු, ලොව පුරා පුළුල් ලෙසින් සැමරෙන වාර්ෂික නිවාඩු දිනයක් වන නත්තල් දිනයට පෙර, සම්පූර්ණ දිනය හෝ සැඳෑව හෝ වෙයි. බටහිර ක්‍රිස්තියානි සභාවෙහි එය සැමරෙන්නේ දෙසැම්බර් 24 දිනදී වන අතර,[3] නත්තල් දිනය බලාපොරොත්තුවෙන් සම්පූර්ණ හෝ භාගික හෝ නිවාඩු දිනයක් ලෙසින් ක්‍රිස්තියානි ලෝකයේ සහ බටහිර ලෝකයේ පුළුල් ලෙසින් සැමරෙන එය, ඉතා වැදගත් සංස්කෘතික උත්සවයන්ගෙන් එකක් ලෙසින් සැලකෙයි.

නත්තල් පෙරරැය
1904–05 කාලයෙහි කාල් ලාසන් විසින් නිර්මිත දියසායම් සිත්තමක් වූ ජූලෆ්ටන් (නත්තලට පෙරරැය),
Also calledනත්තල් සැඳෑව,
නත්තල් බලාපොරොත්තුව,
නත්තල් උදාව,
නත්තලට පෙර රාත්‍රිය
Observed byකිතුනුවන්,
බොහෝ අන්‍යාගමිකයින්[1]
Typeක්‍රිස්තියානි, සංස්කෘතික
Significanceජේසුස් වහන්සේගේ උපන්දිනයට පෙරාතුව දිනය හෝ සන්ධ්‍යාව
Observancesතෑගි සඳහා සාප්පු යෑම, තෑගි දීම, නිවාඩු දින සුබ පැතීම, මැදියම් රැය දේව මෙහෙය, අනෙකුත් දේවස්ථාන මෙහෙයයන්, ආහාර ගැනුම, නත්තල් තෑගි රැගෙන එන්නන් පැමිණීම සඳහා සූදානම් වීම, නත්තල සඳහා සූදානම් වීම
Dateදෙසැම්බර් 24 (විකල්ප වශයෙන් ජනවාරි 6 or 18)[2]
Frequencyවාර්ෂික
Related toනත්තල් දිනය, නත්තල් සමය

නත්තලට පෙර දින උත්සව සැමරීමට එක් හේතුවක් වන්නේ, සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ජනවන්දනාමය දිනය ඇරඹෙන්නේ ඉරුබැසීමත් සමග බැවින් වන අතර,[4] මෙම සංකල්පය යුදෙව් සම්ප්‍රදායයෙන් ලැබූ දායාදයකි. [5] මෙම ප්‍රගුණනය පදනම්ව ඇත්තේ උප්පත්ති පොතෙහි මැවීමේ කතාන්තරයෙහි: "සවස ගතවිය, උදය උදාවිය, ඒ පළමු වන දවසය " යන්න සමගිනි.[6] නැගෙනහිර සම්ප්‍රදායයෙහිදී වසර පුරා සියළුම මංගල්‍යය දිනයන් සඳහා ජනවන්දනාමය දිනය අරභයා මෙම ආකෘතිය භාවිතා කරන අතර [7] සාමාන්‍යයෙන් ජනවන්දනාමය දිනය මධ්‍යම රාත්‍රියෙහි ඇරඹෙන බටහිර සම්ප්‍රදායයෙහි, මෙය නත්තල (මෙන්ම ඉරිදා දිනයන් සහ අනෙකුත් ප්‍රධාන උත්සව) සඳහා පවත්වාගෙන යනු ලැබෙයි. [8] නිවාඩු දිනයට පෙර සන්ධ්‍යාවේ බොහෝ දේවස්ථානවල දේවස්ථාන සීනු නාද කරන අතර යාච්ඤා සිදු කරනු ලැබේ; නිදසුනක් වශයෙන්, ස්කැන්ඩිනේවියානු (ලූතරානු) දේවස්ථාන. [9] ස්කැන්ඩිනේවියානු වැනි සමහරක් භාෂා වලින්, නත්තලට පෙර දිනට ව්‍යවහාර වන්නේ "නත්තල් සන්ධ්‍යාව" යන නමය.

ක්‍රිස්තියානු සම්ප්‍රදායය අනුව ජේසුස් වහන්සේ උපන්නේ රාත්‍රියේ බැව් සැලකෙන හෙයින් ( ලූක් 2:6-8 පදනම් කොට ගෙන), නත්තලට පෙර දිනයේදී මධ්‍යම රාත්‍රි මෙහෙයය, සාම්ප්‍රදායික ලෙසින් මධ්‍යම රාත්‍රියේදී, පැවැත්වෙන්නේ උන්වහන්සේගේ උපත සිහිකිරීම සඳහාය. [10] ජේසුස් වහන්සේ රාත්‍රියේ උපත ලද බවට සංකල්පය හුවා දැක්වෙන්නේ, ජර්මානු භාෂාවෙන් නත්තලට පෙර දිනය "හයිලිගේ නාට්" ("ශුද්ධවූ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන්ද, ස්පාඤ්ඤ භාෂාවෙන් "නොචෙවුයෙනා" ("සුභ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන් සහ, "සයිලන්ට් නයිට්,ඕ හෝලි නයිට්" ගීතය වැනි අනෙකුත් නත්තල් අධ්‍යාත්මික ප්‍රකාශයන් වෙතින් වෙති.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නත්තල්_පෙරරැය&oldid=515779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි