නැක්සලයිට්

නැක්සලයිට්වරු හෙවත් නැක්සල්වාදීන් යනු ඉන්දියාවේ මාවෝවාදීන් සඳහා යෙදෙන පොදු නමකි. මෙම නම යෙදීමට හේතු වූයේ, මාවෝවාදීන්ගේ නායකත්වය යටතේ ඉන්දියාවේ නැක්සල්බාරි ප්‍රදේශයේ ඇතිවූ ගොවි කැරැල්ලකි...

1964 වසරේදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය දෙකඩ විය. සෝවියට් පාක්ෂික කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) පිහිටුවා ගත් හ. එම පක්ෂය චීනයට පක්ෂ කණ්ඩායමක් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් කෙටි කලකින් මෙම පක්ෂයේ ද බෙදීමක් ඇතිවිය. වඩා රැඩිකල් කොටස්, තම පක්ෂය මැතිවරණවලට තරඟ කිරීමට ගත් තීරණය විවේචනය කළහ. ඔවුන් බලාපොරොත්තු වූයේ මාවෝ සේතුංගේ යුධ දර්ශනයට අනුව, ග්‍රාමීය දුගී දුප්පත් ගොවි ජනතාව ප්‍රමුඛ කොට ගත් බලවේග සමඟ එක්ව, විප්ලවයකින් ධනපති ක්‍රමය බිඳ දැමීමයි.

1967 වසරේදී මෙම කණ්ඩායම විසින් සමස්ත ඉන්දියානු කොමියුනිස්ට් විප්ලවවාදීන්ගේ සම්බන්ධීකරණ කමිටුව (All India Coordination Committee of Communist Revolutionaries - AICCCR), පිහිටුවා ගන්නා ලදී. AICCCR හි අරමුණ වූයේ නව විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමයි. මේ අතර මෙම රැඩිකල්වාදීන්ගේ මෙහෙයවීමෙන් 1967 දී නැක්සල්බාරි කැරැල්ල ඇති විය. මේ අනුව මෙම රැඩිකල් කොමියුනිස්ට්වාදීන් නැක්සල්වරුන් ලෙස පතල වූහ.

1969 දී, චාරු මසුම්දර්ගේ නායකත්වයෙන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස් ලෙනින්වාදී) පිහිටුවා ගන්නා ලදී. ඉන්දියාවේ වර්තමානයේ ක්‍රියාත්මක හා අතීතයේ ක්‍රියාත්මක වූ නැක්සල්වාදී කණ්ඩායම්වලින් දෙක තුනක් හැරුණු විට අනෙක් සියල්ලේම මූලය ඇත්තේ මෙමෙ පක්ෂයේ ය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නැක්සලයිට්&oldid=469522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය