පාරජම්බුල කිරණ

දෘශ්‍ය ආලෝකයට වඩා ඉහළ සංඛ්‍යාතයක් ඇති විද්‍යුත් චුම්භක තරංග විශේෂයකි. සුර්යයා ගෙන් නික්මෙන මෙම තරංග නිසි ප්‍රමාණයෙන් ලැබීමෙන් සම වර්ණවත්වීම හා සමේ විටමින් ඩී සංශ්ලේශණය සිදුවේ. එහෙත් ප්‍රමාණයට වඩා මෙම කිරණ වලට නිරාවරණය වීමෙන් ජාන විකෘතිවීම,සමේ පිළිකා ඇතිවීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා සමට හානිවීම සිදුවිය හැක. ප්‍රතිදීප්ත බල්බ තුළ ආලෝකය නිපදවීමෙදී මෙම කිරණ ඇතිකර ප්‍රතිදීප්ත සංයෝග මත වැටීමෙන් දෘශ්‍ය අලෝකය නිපදවයි. වස්තුවල ඉරිතැලීම් හා පිපිරීම් සොයා ගැනීමටත් ව්‍යාජ මුදල් නෝට්‍ටු හඳුනාගැනීමටත් යොදාගැනීමටත් පාරජම්බුල කිරණ භාවිතා කරයි.

පාර ජම්බූල යනු 'ජම්බූල'ට ඉහළින් පිහිටි යන්නයි. ජම්බූල (දම්) යනු දෘශ්‍ය ආලෝකය සෑදී ඇති වර්ණ හතෙන් සංඛ්‍යාතය වැඩි ම වර්ණය වන අතර පාරජම්බූල කිරණ යනු ජම්බූල වර්ණයට වඩා ඉහළ සංඛ්‍යාත පරාසයට අයත් මිනිස් ඇස සංවේදී නොවන කිරණ වර්ගයකි. මිනිස් ඇසට නොපෙනුන ද, මී මැස්සන් වැනි කෘමීන් පාරජම්බූල කිරණ ස`දහා සංවේදී බව සොයාගෙන ඇත. සූර්ය ආලෝකයේ පාරජම්බූල කිරණ කුඩා ප්‍රමාණයක් අඩංගු ය. විද්‍යුත් විසර්ජන මගින් සහ රසදිය වාෂ්ප ලාම්පු මගින් ද පාරජම්බූල කිරණ නිපදවෙයි.

මෙම කිරණ මගින් මිනිස් සිරුරේ විටමින් D නිපදවන නිසා යම් ප්‍රමාණයකට සූර්ය ආලෝකයට නිරාවරණය වීම ප්‍රයෝජනවත් ය. එසේ වුව ද අධික ව පාරජම්බූල කිරණවලට නිරාවරණය වීමෙන් ඇසෙහි සුද සහ සමෙහි පිළිකා ඇති විය හැකි ය.

රෝහල්වල විෂබීජ විනාශ කිරීමට පාරජම්බූල කිරණ භාවිත වෙයි. සමහර රසායනික ද්‍රව්‍ය පාරජම්බූල කිරණවලට නිරාවරණය වූ විට දිලිසීමක් ඇති වෙයි. බැංකු වැනි ආයතනවල මුදල් නෝට්ටුවල ඇති රහස්‍ය සංකේත පරීක්ෂා කිරීමට මෙම සංසිද්ධිය භාවිත වෙයි. සමහර රෙදි සෝදන කුඩු වර්ගවලට මෙවැනි රසායනික වර්ග එකතු කෙරෙයි. එම කුඩු භාවිත කර සේදූ රෙදි හිරු එළියට නිරාවරණය වූ විට බැබළීමක් ඇති වෙය


විද්‍යුත් චුම්භක වර්ණාවලිය

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පාරජම්බුල_කිරණ&oldid=447616" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි