බුද්ධා (රූපවාහිනී කතාමාලාව)
බුද්ධා - රාජාඔන් කා රාජා (අර්ථය බුද්ධ - රජුන්ගේ රජු) යනුවෙන් හැඳින්වෙන්නේ සී ටීවී සහ දූර්දර්ශන් නාළිකා ඔස්සේ විකාශය වූ ඉන්දියානු ඓතිහාසික නාට්‍යයකි. මෙය නිෂ්පාදනය කළේ බී. කේ. මෝදි විසින් ස්පයිස් ග්ලෝබල් යන සන්නාමය යටතේ ය. මෙම වැඩසටහනේ නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයා රිද්වානා ඛාන් ය.[1][2][3][4][5] මෙම වැඩසටහන සී ටීවී සහ දූර්දර්ශන් නාළිකා ඔස්සේ 2013 සැප්තැම්බර් 8 දින සිට සෑම ඉරිදා දිනකම පෙ.ව. 11:00ට විකාශය විය.[6][7] කබීර් බේඩි විසින් ගෞතම බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තිය පිළිබඳ අනාවැකි පලකළ අසිත තාපසයා ලෙස පසුබිම් රංගනයේ යෙදෙයි.[8] මෙම මාලා නාට්‍යය මගින් බුදුන් වහන්සේගේ ජීවන පුවත නිරූපණය වන අතර, එමගින් සිද්ධාර්ථ කුමරු බුද්ධත්වයට පත්වූ අයුරු විදහා දක්වයි.[9][10][11][12] මෙහි මහාමායා දේවියගේ චරිතය සඳහා මුලින් සමීක්ෂා සිං යොදා ගැනීමට නියමිතව තිබුණත්, පසුව ඒ සඳහා දීපිකා උපාධ්‍යායි යොදාගැනිණි.[13][14] හිමාංශු සෝනි විසින් මෙහි ප්‍රධාන චරිතය වන බුදුන් වහන්සේගේ චරිතය නිරූපණය කරනු ලබයි.[15][16][17][18] 2010 ඉන්දියා රූ රැජින තරගාවලියේ අවසන් දසදෙනා අතරට පැමිණීමට සමත් වූ කාජල් ජායින් විසින් සිද්ධාර්ථ ගෞතමයන්ගේ බිසව වූ යශෝධරා දේවියගේ චරිතය නිරූපණය කරනු ලබයි.[19][20] මුලින් අශුතෝෂ් ගෝවාරිකර්හට ෂේඛර් කපූර්ගේ සහභාගීත්වයෙන් බුදුන් වහන්සේ පිළිබඳ රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කිරීමට අවශයව තිබිණි.[21]
බුද්ධා - රාජාඔන් කා රාජා | |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික නාට්‍ය |
රචනය කලේ | ගජ්රා කොටාරි ප්‍රකාශ් කපාඩියා පුනීත් එස්. ශුක්ලා |
රඟපෑම | හිමාංශු සෝනි කාජල් ජායින් සංකේත් චෞක්සේ කබීර් බේඩි සමීර් ධර්මාධිකාරි ජගත් සිං රේෂ්මි ඝෝෂ් සිද්ධාර්ත් වසුදේව් අමි් බේල් හේමන්ත් චෞධරි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 55 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | බී. කේ. මෝදි |
සිනෙමාරූපණය | වීර් ධවල් පුරාණික් |
ධාවන කාලය | පැය 1 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සී ටීවී දූර්දර්ශන් |
Original airing | 8 සැප්තැම්බර් 2013 |
කථාපුවත
සිද්ධාර්ථ කුමරුන් උපත ලබන්නේ ක්‍රිස්තු පූර්වයෙහි වෙසක් පොහෝ දින සුද්ධෝදන රජු සහ මහාමායා දේවියගේ එකම දරුවා ලෙස ය. උපතේ දී පවා කුමරු සුවිශේෂී දරුවකු වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුතු වූ ඔහු මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවාණන් වනු ඇතැයි ඇතැම්හු අනාවැකි පලකරති. තවත් සමහරෙක් පවසන්නේ ඔහු රජවරුන්ගේත් රජකු වන බව ය. සිද්ධාර්ථ කුමරුන් මෙම අනාවැකි දෙකම සත්‍ය කොට පෙන්වයි. සිය ළමාවියේ දී දක්ෂ රණශූරයකු වන කුමරු සිය පියාගේ ආඩම්බරයට හේතු වේ. ඔහු සිය ආදරණීය භාර්යාව වන යශෝධරා දේවියට සංවේදී කාරුණික ස්වාමියකු ද වේ. සියලුම ආකාරයේ වේදනාවන් දැකීමෙන් ඔහුගේ පියා ඔහුව වළකාලන්නට තැත් කළ ද, ඉන් ඔහුව නවතාලන්නට හැකි නොවේ. ළමාවියේ පවා සිද්ධාර්ථ කුමරු තමන් අවට සිදුවන සෑමදෙයක් පිළිබඳවම විමසිලිමත් විය.
සිද්ධාර්ථ කුමරුන් සමාජ සහ භෞතික දෑ, ස්වාභාවික සහ මිනිස් නිර්මාණ පිළිබඳ විස්මයට පත්වෙයි. කුමරුන් ස්වභාවයෙන්ම අනුකම්පා සහගත පුද්ගලයෙකි. සිද්ධාර්ථ කුමරුන්ගේ පැනයන් අවට ලෝකය පිළිබඳහුදු යෞවනයකුට ඇතවන ස්වාභාවික කුතුහලය නිසාම බිහි වූ ඒවා නොවේ. ඒවා තමන් අවට දකින ලෝකය පිළිබඳවූ ගැඹුරු දාර්ශනික පැනයන් විය. මේ නිසා යොවුන් විය වන විට ඔහුගේ පියාණන්ට ඔහුව වේදනාවන් දැකීමෙන් වළක්වාලිය නොහැකි වේ.
සිද්ධාර්ථ කුමරුන් බුද්ධත්වයට පත්වන්නේ ඉන් තමන් පමණක් නොව සියලු මිනිස් වර්ගයාම සුගතිය කරා රැගෙන යමිනි. උන් වහන්සේගේ ඉගැන්වීම් තවත් වසර දහස් ගණනාවක් යන තෙක්ම මෙලොව ආලෝකමත් කළේ ය. බුදුන් වහන්සේ අන් කිසිවකුටත් වඩා සත්‍යය, සාමය, දයාව, අනුකම්පාව සහ යහපත සඳහා පෙනී සිටියහ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් නූතන ලෝකය තුළ යළි පුනර්ජීවනය ලැබීම විස්මයට කාරණයක් නොවන්නේ එහෙයිනි.
චරිත නිරූපණය
- කබීර් බේඩි, අසිත තාපසයා ලෙස
- හිමාංශු සෝනි, සිද්ධාර්ථ කුමරු / බුදුන් වහන්සේ ලෙස[22][23]
- විශේෂ් බන්සාල්, සිද්ධාර්ථ කුමරුගේ ළමා විය ලෙස[24]
- සමීර් ධර්මාධිකාරි, සුද්ධෝදන රජු ලෙස; බුදුන් වහන්සේගේ පියාණන් ය.
- දීපිකා උපාධ්‍යායි, මහාමායා දේවිය ලෙස; බුදුන් වහන්සේගේ සැබෑ මෑණියන් ය.
- ගුන්ගුන් උප්‍රාරි, ප්‍රජාපතී දේවිය; බුදුන් වහන්සේගේ සුළු මව සහ සුද්ධෝදන රජුගේ දෙවන බිසවයි.
- කාජල් ජායින්, යශෝධරා කුමරිය ලෙස; සිද්ධාර්ථ කුමරුගේ භාර්යාවයි.[25]
- ජගත් සිං, දේවදත්ත ලෙස
- සංකේත් චෞක්සේ, චන්න ලෙස; සිද්ධාර්ථ කුමරුගේ හොඳම මිතුරා සහ රිය ධාවකයායි.
- සිද්ධාර්ත් වසුදේව්, ද්‍රෝණධන් ලෙස; සුද්ධෝදන රජුගේ දෙවන සොහොයුරායි.
- නිගාර් ඛාන්/රේෂ්මි ඝෝෂ්, මංගලා දේවී ලෙස; සිද්ධාර්ථ කුමරුගේ නැන්දණිය සහ ද්‍රෝණධන්ගේ භාර්යාවයි.[26][27][28]
- හේමන්ත් චෞධරි, මහාමන්ත්‍රී උද්‍යාන් ලෙස
- සරීකා ධිලන්, මාන්විකා ලෙස[29]
- ඝාන්ශ්‍යාම් ශ්‍රීවාස්තව
- අමිත් බේල්, ගුරු වාචස්පති ලෙස
- සූර්භි ශුක්ලා, ලෝෂිකා ලෙස; යශෝධරා දේවියගේ සේවිකාවකි.[30]
- දේව්‍යාංශ් තපූරියා, දේවදත්ත ලෙස; මංගලාගේ පුත්‍රයායි.
- වන්දනා ලාල්වානි, සුද්ධෝදන රජුගේ සොයුරිය ලෙස
- මායාන්ක් අරෝරා, ආනන්ද කුමරු ලෙස
නිෂ්පාදනය
මෙම වැඩසටහනේ පසුතල හා වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලද්දේ නිධි යාෂා (වස්ත්‍ර සහ ආභරණ) සහ වර්ෂා ජායින් (පසුතල නිර්මාණ ශිල්පී) විසිනි..[31][32] බුද්ධා කතාමාලාවේ පළමු දර්ශනය රූගත කරන ලද්දේ 2013 මැයි 27 දින, බුද්ධ පූර්ණිම උත්සව දිනයේ දී මුම්බායේ චිත්‍රපට නගරයේ ඉදිකළ දැවැන්ත පසුතලයක ය.
අන්තර්ජාතික විකාශය
රට | ජාල(ය)/නාළිකා(ව) | විකාශය ආරම්භය | තේමාව |
---|---|---|---|
කාම්බෝජය | SEATV[33] | 2016 | ពុទ្ធប្រវត្តិ (බුද්ධා ප්‍රාවොත්තේ) |
ශ්‍රී ලංකාව | ටීවී දෙරණ[34] | 2014 මාර්තු | ශ්‍රී ගෞතම සම්බුද්ධ |
තායිලන්තය | වර්ක්පොයින්ට් ටීවී[35] Zee Nung[36] | 2015 මාර්තු | พระพุทธเจ้า มหาศาสดาโลก (ෆ්‍රා ෆුත්ත ජාඕ මහසාත්සතාලෝක්) |
සැකිල්ල:PER | පැනමෙරිකානා ටීවී[37] | 2015 නොවැම්බර් | Buddha |
ජර්මනිය | සී.වන්[38] | 2016 අගෝස්තු | Buddha |
මතභේද
මෙම කතාමාලාවේ පළමු විකාශන දිනයේ දී, නේපාලයේ කේබල් ක්‍රියාකරවන්නන් විසින් මුළු නේපාලය පුරාම මෙම කතාමාලාව විකාශය අත්හිටුවන ලද්දේ කතාමාලාවේ මුලින් බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලදැයි ප්‍රකාශ වූ හෙයිනි.[39] පසුව, කතාමාලාවේ පසුපස සිටි කණ්ඩායම විසින් උපන් ස්ථානය පිළිබඳ යෝජිත් තොරතුරු වෙනස් කරන ලදී.[40]
මෙම රූපවාහිනී කතාමාලාවේ අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද මතභේද පැන නැගී ඇත්තේ කිසිදු බෞද්ධ ලේඛනයක සඳහන් නොවන කරුණු මෙහි ඇතුළත් කිරීම හේතුවෙනි. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ:
- මෙම කතාමාලාවේ දැක්වෙන්නේ සුද්ධෝදන රජුගේ පළමු බිසවට දරුවන් නොමැතිව සිට පසුව යාඥාවකින් පසුව එම හැකියාව ලද බව ය.
- සුද්ධෝදන රජුගේ සොහොයුරාගේ නම දුර්නෝධන් ලෙස දක්වා ඇත.
- මෙම කතාමාලාව පුරාම බ්‍රාහ්මණයන් නිරූපණය කොට ඇත. නමුත් ත්‍රිපිටකයේ 'දීඝ නිකායේ' වූ සූත්‍රයක යමෙක් බුදුන් වහන්සේගෙන් "කපිලවස්තුවේ වැසියන් බ්‍රාහ්මණයන්ට ගරු නොකරන්නේ මන් ද?" යැයි විමසී යයි දැක්වේ. මින් පෙනීයන්නේ කපිල තාපසසා සහ ඔහුගේ අනුගාමිකයන් සේම සුද්ධෝදන රජුගේ කපිලවස්තු පුරයේ ජනයා අදේවවාදීන් වූ බවයි. කපිල සිද්ධාර්ථ කුමරුන්ගේ පූර්වප්‍රාප්තිකයෙකි.
මේ නිසා බුදුන් වහන්සේගේ දිවියේ සහ උන් වහන්සේගේ පියාගේ දිවියේ සෑම අවස්ථාවකම නිරූපණය කොට ඇති බ්‍රාහ්මණයන්ගේ පැවැත්ම සත්‍යයෙන් දුරස් කරුණකි. මහා පර්යේෂකයකු වන රීස් ඩේවිඩ්ස් සඳහන් කොට ඇත්තේ "ශාක්‍ය සහ කෝලියවරුන් කෙරෙහි කිසිදු බ්‍රාහ්මණ බලපෑමක් නොවී ය. එහි කුල ක්‍රමයක් ද නොපැවතිණි. කපිලවස්තුවේ කිසිදු රජකු ද නොවී ය. එසේම කපිලවස්තුවෙහි මානවරූපී දේව වන්දනාවක් ද නොපැවතිණි."[41]
විචාරක පිළිගැනීම
ඩේලි නිව්ස් ඇන්ඩ් ඇනලයිසිස් පුවත්පත විසින් බුද්ධා කතාමාලාවේ සියලු නළු නිළියන්ගේ රංගනයන් අගය කරමින් පවසා ඇත්තේ සුද්ධෝදන රජු ලෙස රඟන සමීර් ධර්මාධිකාරිගේ රංගනය ඒ අතරින් විශිෂ්ටතම බවයි.[42]
මේවාත් බලන්න
- බුද්ධ චරිත
- අම්රපාලි
- ආම්රපාලි (රූපවාහිනී කතාමාලාව)
- චානක්‍ය
- චානක්‍ය (රූපවාහිනී කතාමාලාව)
- චානක්‍ය කථාංග ලැයිස්තුව
- ලිට්ල් බුද්ධා