මාෂල් සැලැස්ම

මාෂල් සැලැස්ම (නිල වශයෙන් යුරෝපියානු සමුත්ථාන වැඩපිළිවෙල, ERP) යනු, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව, සෝවියට් කොමියුනිස්ට් වාදය පැතිරීම වලක්වනු වස්, යුරෝපියානු ආර්ථිකයන් ගොඩනැංවීමට එක්සත් ජනපදය විසින් ආර්ථික සහය සැපයූ, ඇමරිකානු ආධාර යුරෝපයට ලබාදීමක් විය. [1] 1948 අප්‍රේල් මසදී ඇරඹුනු සැලැස්ම වසර හතරක් පුරා පැවතිනි. [2] එක්සත් ජනපදයෙහි අරමුණු වූයේ, යුද්ධයෙන්-වැනසුනු ප්‍රදේශය ගොඩනැංවීම, වෙළෙඳ බාධක ඉවත් කිරීම, කර්මාන්ත නවීකරණය, සහ යුරෝපය යළි සමෘද්ධිමත් කිරීම වෙයි. [3] "මාෂල් සැලැස්මෙහි සමතුල්‍යය" යන්න බොහෝවිට යෙදෙන්නේ, යෝජිත මහා-පරිමාණයේ ගොඩගැනීමේ වැඩසටහනක් හැඳින්වීමටය. [4]

මාෂල් සැලැස්ම සහන ඇසුරුම් මත භාවිතා කළ ලේබලය.

මේ සඳහා මුලපිරීම[5] නම් කෙරුණේ, රාජ්‍ය ලේකම් ජෝර්ජ් මාෂල් අනුව යමිනි. රිපබ්ලිකානුවන් කොංග්‍රස් මණ්ඩලය හසුරුවමින් සිටි සහ ඩිමොක්‍රටිකානුවෝ ධවල මන්දිරය පාලනය කරමින්ස සිටි අවදියක, මෙම සැලසුම සඳහා, වොෂිංටන්හිදී ද්විපක්ෂ සහය හිමිවිය. මෙම සැලසුම, ප්‍රධාන වශයෙන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින්ගේ, විශේෂයෙන්, විලියම් එල්. ක්ලේටන් සහ ජෝර්ජ් එෆ්. කෙනන් යන්නන්ගේ නිමැවුමක් විය. 1947 ජූනි මසදී, හාවඩ් විශ්වවිද්‍යාලයෙහි පැවති කථාවකදී, යුරෝපියානු සමුත්ථානය සඳහා සමාය වීමට හදිසි ආධාර සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව මාෂල් අදහස් පල කළේය.[3][6]

සහභාගීවන යුරෝපියානු රාජ්‍යයන් අතර පැවැති රැස්වීමකදී සැකසුනු මෙම ගොඩනැගීමේ සැලැස්ම, 1947, ජූනි 5 දිනදී පිහිටුවන ලදි. සෝවියට් සංගමය සහ එහි මිත්‍ර රටවල් වෙතද, මෙම ආධාරම පිරිනැමුනු නමුදු, ඔයුන් එය පිළිනොගත්තේ, [7][8] එසේ කිරීමෙන්, කොමියුනිස්ට් ආර්ථිකයන්, යම් මට්ටමකට එජ පාලනයට නතු වීමට ඉඩ සලසා දීමක් සිදු වන බැවිනි. [9] සැලසුම ක්‍රියාත්මකව තිබූ සිව් වසර තුලදී, යුරෝපියානු ආර්ථීක සහයෝගිතා සංවිධානය වෙත බැඳී තිබුණු යුරෝපියානු රටවල් වල සමුත්ථානයට උපකාරී වනු වස් එ.ජ. $13 බිලියන ප්‍රමාණයක ආර්ථීක සහ තාක්ෂණික ආධාර සැපයිණි. 1948 දී එ.ජ. දදේනි $258 බිලියන වීමේ සන්දර්භය තුල, මෙම $13 බිලියන මුදල සැපයුනු අතර, යුද්ධයේ නිමාවෙහි සිට සැලසුමෙහි ඇරඹුම දක්වා සැපයුනු සහ මාෂල් සැපසුමට පරිභාහිර යැයි සැලකෙන $13 බිලියන ප්‍රමාණයක ඇමරිකානු ආධාර වලට වැඩිමනත් විය. [10] 1951 අගභාගයෙහිදී, මාෂල් සැලසුම වෙනුවට අන්‍යොන්‍ය ආරක්ෂණ සැලසුම ආදේශ කරන ලදි.[11]

පශ්චාත්-යුද්ධ සමුත්ථානයට ඇති සියළු බාධා පිළිබඳ ERP විසින් ක්‍රියා කරන ලදි. සැලසුම විසින් අනාගතය පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, යුද්ධයෙන් ඇති කෙරුණු විනාශය පිළිබඳ පමණක් සැලකිල්ල යොමු කළේ නැත.

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මාෂල්_සැලැස්ම&oldid=283313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි