මීමැස්සන්ට දැනුම්දීම

මීමැස්සන්ට දැනුම්දීම යනු බටහිර යුරෝපියානු සම්ප්‍රදායයක් වන අතර, එහිදී සිදුවන්නේ, මරණ, උපත්, විවාහ, පිටතටයාම් සහ යළිපැමිණීම් වැනි මීමැසි පාලකයාගේ නිවසේ සිදුවන වැදගත් සිද්ධීන් සියල්ල මීමැස්සන්ට දැනුම්දීමය. මෙම සම්ප්‍රදායය ඉටු නොකර සිටියොත් හෝ අමතකව ගියහොත් හෝ එනයින් මීමැස්සන්ට "දුක්වීමට ඉඩ නොසලසතොත්" , එවිට දඬුවමක් වශයෙන්, මීමැස්සන් මීවදයෙන් පිටත්ව යාම, පැණි නිෂ්පාදනය උන් විසින් නැවැත්වීම හෝ උන් මියයාම වැනි කිසිවක් අත්විඳීමට සිදුවෙතැයි විශ්වාස කෙරෙයි. [1]

{{{annotations}}}

චාල්ස් නේපියර් හෙමී විසින් රචිත ද විඩෝ (1895) නමැති සිතුවමේ කොටසක්

මෙම සම්ප්‍රදායය බෙහෙවින් හමුවන්නේ එංගලන්තයෙහිදී වුවද, අයර්ලන්තය, වේල්සය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, බොහෙීමියාව (වර්තමානයෙහි චෙක් ජනරජය) සහ එක්සත් ජනපදයෙහිදීද මෙය සිදුවී ඇති බවක් වාර්තා වෙයි. [2][3] [4][5][6]

ඉතිහාසය සහ සම්භවයන්

මෙම සිරිතෙහි ඉතිහාසය සහ සම්භවයන් පිළිබඳ ස්වල්ප තොරතුරක් පමණක් දන්නා නමුත්, ස්වභාවික ලෝකය සහ පරලොව අතර බැඳීම ඇති කරලීමට මීමැස්සන්ට ඇති හැකියාව පිළිබඳව පුරාතන එජියානු සංකල්පනය වෙතින්වූ පෙළඹීමෙන් කරනලද්දක් බවට නියත වශයෙන් නොදත් අනුමාන කල්පනාවක් පවතියි. [4]

19වන සියවසෙහි මැද භාගයෙහි එක් ලින්කන්ෂයර් වාර්තාවක් දක්වන්නේ,

සියළු විවාහමංගල්‍ය උත්සවයන්හිදී සහ අවමංගල්‍ය උත්සවයන්හිදී ඔවුන් විසින් විවාහමංගල්‍ය කේක් හෝ අවමංගල්‍ය බිස්කට් හෝ කැබැල්ලක් මීමැස්සන්ට දෙනු ලබමින්, එවිටම විවාහයට පත්වූ හෝ මරණයට පත්වූ හෝ පාර්ශවයෙහි නම් උන්ට දැනුම් දෙයි. විවාහය පිළිබඳ මීමැස්සන් නොදනී නම්, බෙහෙවින් කිපුණු ස්වභාවයක් උන් තුල ජනිත වන අතර, ඔවුන් සමීපයට සේන්දුවන සෑම අයෙකු දෂ්ඨකිරීමට පෙළඹෙති; අවමංගල්‍යය පිළිබඳව මීමැස්සන් නොදනී නම් උන් අසනීප වන අතර උන්ගෙන් බොහොමයක් මිය යති.[7]

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව, රාජකීය මීමැසිපාලක, ජෝන් චැපල් විසින්, බකිංහැම් මාළිගයෙහි සහ ක්ලැරන්ස් හවුස් හි මීමැස්සන් වෙත රැජිණගේ වියෝව සහ තුන්වන චාල්ස් රජුගේ සිංහාසනාරූඨය පිළිබඳව දැනුම් දෙන ලදි. [8] භාවිතා කල ක්‍රමය චැපල් විසින් පුවත්පත් වෙත විස්තරාත්මකව ප්‍රකාශ කර සිටියේ මෙසේය: "එක් එක් මීවදයට ඔබ තට්ටුකොට මෙසේ කියයි, 'ස්වාමිදුව මියගොස්ය, එහෙත් ඔබ නොයන්න. මක්නිසාදයත් ස්වාමියා ඔබ හට ඉතා හොඳ ස්වාමියෙක් වන බැවිනි.'"[9]

විචල්‍යයන්

මරණ සහ අවමංගල්‍යෝත්සව

නිවැසියෙක් මිය ගිය විටෙක, මීමැස්සන් දැනුවත් කොට එනයින් උන් නියමාකාර දුක්වීමට පත් කිරීමෙහි ක්‍රම කිහිපයක් තිබේය.


ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය