යකුසා

සමහරවිට ගොකුඩෝ (極道?) ලෙසින්ද හැඳින්වෙන, යකුසා (ヤクザ? [jaꜜkuza]) යනු, ජපානයේ පාරජාතික සංවිධානාත්මක අපරාධ සම්මේලයක සාමාජිකයෝ වෙති. ජපාන පොලීසිය සහ, පොලිසියේ ආරාධනය පරිදී මාධ්‍යය විසින්, ඔවුන් හැඳින්වෙන්නේ බෝරියොකුඩාන් (暴力団? "ප්‍රචණ්ඩත්ව කණ්ඩායම") ලෙසින් වන අතර, යකුඩා විසින් ඔවුන්ව හඳුනාගනු ලබන්නේ "නින්ක්යෝ දන්තයි" (任侠団体 or 仁侠団体? "ධීරවීර සංවිධාන") ලෙසිනි. ඔවුන්ගේ දැඩි සද්චර්යා මාලාව සහ අතිශයින් සංවිධානාත්මක ආකාරය පිළිබඳව යකුසාවරුන් කුප්‍රකට වෙති. ජපාන මාධ්‍යය තුල එහි විශාල උපස්ථිතියක් පෙන්නුම් කරන අතර ඇස්තමේන්තුගත සාමාජිකයන් 103,000 හා සමගින් අන්තර්ජාතික ලෙසින් ක්‍රියාත්මක වෙති.[2]

යකුසා
කතකනා වලින් ලියැවුනු "යකුසා" යන පදය
ප්‍රාරම්භය17වන සියවස
(කබුකි-මොනො සංවිධානය වෙතින් ඇරඹුනු බව විශ්වාස කෙරෙයි)
සාමාජිකත්වය102,400 සාමාජිකයන් ප්‍රමාණයකි[1]
අපරාධී ක්‍රියාකාරකම්සාජරාධී ක්‍රියාකාරකම් සහ/හෝ නිත්‍යානුකූල ව්‍යාපාර
සංගණ්‍ය සාමාජිකයෝප්‍රධාන කාණ්ඩ
  1. යමාගුචි-ගුමි
  2. සුමියෝෂි-කයි
  3. ඉනාගාවා-කයි

යකුසා යනු ලොව විශාලතම අපරාධ සංවිධානය වෙයි.[3]

සම්භවයේ කොටස්

යකුසා සංවිධානයන්හී තනි සම්භවයක් පිළිබඳ අවිනිශ්චතාවයක් තිබුණද, බොහෝ නූතන යකුසා සංවිධාන ව්‍යුත්පන්න වී ඇත්තේ, ප්‍රාථමික වශයෙන් නීතිවිරෝධි, සොරකම් කෙරුණු හෝ කඩමාලු භාණ්ඩ ගෙන් ගෙට විකිණීමෙහි යෙදුනු මධ්‍ය-එඩෝ යුග (1603–1868): තෙකීයා සංවිධානය වෙතින් සහ, සුදූ කෙලිය හා සම්බණ්ධවූ හෝ එහි යෙදුනු හෝ බකුතෝ සංවිධානය වෙතින් පැනනැඟුනු වර්ග දෙක වෙතිනි.[4]

එඩෝ යුගයේදී "තෙකීයා" (තොරොම්බල්කාරයෝ) සැලකුණේ පහළම පැලැන්තියේ සාමාජීය කණ්ඩායම් අතුරින් එකක් ලෙසිනි. ඔවුන්ගේම සංවිධාන ගොඩනැගීම ආරම්භ කරත්ම, වෙළෙඳ කුටි වෙන් කර දීම සහ ඔවුන්ගේ වාණිජමය ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂාව සැපයීම වැනි වාණිජය හා බැඳි යම් පරිපාලනමය යුතුකම් ඉටු කිරීම ඔවුන් භාර ගත්හ. ෂින්ටො උත්සව පැවැත්වෙද්දී, මෙම තොරොම්බල්කරුවෝ වෙළෙඳ කුටි විවෘත කල අතර සමහරක් සාමාජිකයන් ඒවායේ ආරක්ෂාව සැපයීම සඳහා ආරක්ෂකයන් ලෙසින් බඳවා ලනු ලැබූහ. වෙළෙඳ කුටි වෙන්කිරීම සහ සල්පිළ තුලදී ආරක්ෂාව සැපයීම වෙනුවෙන් එක් එක් තොරොම්බල්කාරයා විසින් කුළියක් ගෙවනු ලැබිණි.

ඉතිහාසය පුරාවටම, විශේෂයෙන් නූතන යුගයෙන් පසුව, යකුසා සාමාජිකයන් බහුලව ජනිත වූයේ කියුෂු දිවයින වෙතින් වන අතර, යමාගුචි-ගුමී සංවිධානයේ ප්‍රකට නායකයන් කිහිප දෙනෙක්ද ඒ අතර වූහ. කිටාකියුෂු ප්‍රදේශයෙන් බිහිවූ ඉසොකිචි යොසිදා (1867–1936), පළමු ප්‍රකට නූතන යකුසා ලෙසින් සැලකෙයි. මෑතදී, යමාගුචි-ගුමී සංවිධානයේ ඉතා බලවත් කාණ්ඩ දෙකක නායකයන් වන සිනෝබු ස්කාසා සහ කූනියෝ ඉනෝවෙ බිහිවූයේ කියුෂු වෙතිනි. සියළු ප්‍රාන්ත අතුරින්, දිවයිනෙහි උතුරුදිගම පිහිටි කොටස වන ෆුකෝකා ප්‍රාන්තයෙහි, නාමෝද්දිෂ්ට මේලකයන් වැඩිම ගණනක් සහිත වෙයි.

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යකුසා&oldid=310899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි