යෝධ ග්‍රහලෝක

යෝධ ග්‍රහලෝක හෝ දැවැන්ත ග්‍රහලෝක සමන්විත වන්නේ පෘථිවියට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහලෝක වලින් ය. සාමාන්‍යයෙන් යෝධ ග්‍රහලෝක, වායූන් හෝ අයිස් වැනි අඩු තාපාංකයක් ඇති ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇති නමුත් පාෂාණ වැනි ඝන ද්‍රව්‍ය වලින් සෑදුනු යෝධ ග්‍රහලෝකද පවතී. සෞරග්‍රහ මණ්ඩලය තුල යෝධ ග්‍රහලෝක හතරක් ඇත. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ඒ හතර යි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වන යෝධ ග්‍රහලෝක ද මේ වනවිට හඳුනාගෙන ගෙන ඇත.

Jupiter Saturn
Uranus Neptune
සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහලෝක:
බ්‍රහස්පති සහ සෙනසුරු (වායු යෝධයෝ)
යුරේනස් සහ නෙප්චූන් (අයිස් යෝධයෝ)

සූර්යයාගෙ සිට ඇති පිළිවෙලට දක්වා ඇත.

පරිමාණයට නොවේ.

යෝධ ග්‍රහලෝක ඇතැම් විටකදී බ්‍රහස්පතිගේ නමින් (ජුපිටර් නම් රෝමානු දෙවියා ජෝව් නමින් ද හැඳින්වීය) ජෝවියානු ග්‍රහලෝක ලෙස ද හැඳින්වේ. තවත් විටකදී ඒවා වායු යෝධයන් ලෙස ද හැඳින්වෙයි. නමුත් වර්තමානයේ බොහෝ තාරකා විද්‍යාඥයින් වායු යෝධයන් ලෙස හඳුන්වන්නේ බ්‍රහස්පති සහ සෙනසුරු පමණක් වන අතර, අයිස් වලින් සමන්විත යුරේනස් සහ නෙප්චූන් අයිස් යෝධයන් ලෙස හඳුන්වයි. කෙසේ නමුත්, එම නම් දෙකම නොමග යවන සුළුය. මන්ද, සියලුම යෝධ ග්‍රහලෝක මූලිකව සමන්විත වන්නේ අවධි ලක්ෂ්‍යය ඉක්මවා ගිය තරල වලින් ය. එම තරලවලට වෙන් කොට හඳුනාගත හැකි වායුමය සහ ද්‍රවමය අවස්ථා නොමැත. සෙනසුරු සහ බ්‍රහස්පති, හයිඩ්‍රජන් සහ හීලියම් වලිනුත්, යුරේනස් සහ නෙප්චූන් ජලය, ඇමෝනියා සහ මීතේන් වලින් ද මූලිකව සමන්විත වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යෝධ_ග්‍රහලෝක&oldid=491081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි