ලී යන්ග් ඒ

ලී යොං-ඒ (1971 ජනවාරි 31) යනු දකුණු කොරියානු ජනප්‍රිය නිලියකි. ලොව පුරා ප්‍රේක්ෂකයින්, ඇය පිළිබඳව හඳුනාගත්තේ 2003 වසරේදී විකාශය කල තේ චං ගම් නම් අතිශය සාර්ථකත්වයට පත්වූ ඉතිහාසමය කොරියානු කථා මාලාව හරහා සහ 2005 තිරගත කල Sympathy For Lady Vengeance චිත්‍රපටය හරහායි.

ලී යොං-ඒ
ලී 2006 මාර්තු මස චීනයේ Qiandao විල අසලදී
උපතජනවාරි 31, 1971 (1971-01-31) (වයස 53)
උගත් ශාස්ත්‍රාලයHanyang University
(B.A. ජර්මන් භාෂාව සහ සාහිත්‍යය)
Chung Ang University[1]
(M.A. Theater and Film)
රැකියාවනිලියක, නිරූපිකාවක
නියෝජිතයාStorm S. Company
උස1.65 m (5 ft 5 in)[1]
කලත්‍රයා(යන්)Jeong Ho-young (2009 – present)
වෙබ් අඩවියLee Young Ae

වෘත්තීය දිවිය

1991 දී ප්‍රථම වරට නිරූපිකාවක ලෙස රූපවාහිනී තිරයට පැමිණෙන ලී යන්ග් ඒ, ඉන් ලැබූ ආරම්භයත් සමග පසුව පුංචි තිරයේ සහ රිදී තිරයේ රංගනයටද අවතීර්ණ වූවාය.

රංගන ශිල්පිනියක වශයෙන් ඇගේ ජනප්‍රියත්වය උපරිම තලයකට එසවෙන්නේ, 2003 දී ඇය රඟපෑ තේ චං ගම් ටෙලි නාට්‍යය කොරියාවේ විකාශය වීමෙන් අනතුරුවයි. මෙම ටෙලි නාට්‍යය පසුව ශ්‍රී ලංකාව, තායිවානය[2], හොංකොං[3] සහ චීනය[4] ඇතුළු විදේශ රටවල් ගණනාවකම විකාශය විය.

ඇගේ සාර්ථකත්වය සහ ජනප්‍රියත්වය නිසාම, ජපානය, හොංකොං, සිංගප්පූරුව, තායිවානය සහ චීනය වැනි රටවල් වලින් ලී යන්ග් ඒ ට විවිධ වැඩසටහන් සඳහා ආරාධනා ලැබුණි. 2007 චීනයේ පැවති හාබින් අයිස් සැණකෙලියේ (Harbin International Ice and Snow Sculpture Festival) නියෝජිතවරියක් ලෙසටද ඇය සහභාගී වූවාය.[5]

මීට අමතරව ලී යන්ග් ඒ සමාජ සුභසාධන ක්‍රියාකාරිනියක ලෙසත් කටයුතු කරයි. ඇගේ විශේෂ සුභසාදන කටයුතු කීපයක් ඉන්දියාවේ සහ ඉතියෝපියාවේදී සිදු විය. 2001 අගදී ඇය පල කල “A Most Special Love”[6] ග්‍රන්ථය විකුණා ලැබෙන ආදායමද, සුභසාධන කටයුතු කෙරේ බැර කිරීමටද ලී යන්ග් ඒ පියවර ගත්තාය. 2004 වසරේදී යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් ඇයට හොඳහිත වර්ධනය කිරීමෙහිලා වූ තානාපති තනතුරක් පිරිනමන ලදී.

2007 දී ලී යන්ග් ඒ, දකුණු කොරියානු රජය විසින් ලබා දෙන පදක්කමකින්ද (Medal of Culture Merit) පිදුම් ලැබුවාය.[7]

පුද්ගලික ජීවිතය

2009 අගෝස්තු 24 දින ලී යන්ග් ඒ, කොරියානු සහ අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන Jeong Ho-young සමග විවාහ වූ[8] අතර 2011 පෙබරවාරි 20, ඇය නිවුන් දරු දෙදෙනෙකු බිහි කලාය.[9]

රංගනයන්

රිදී තිරය

වසරචිත්‍රපටයචරිතය
2005Sympathy for Lady Vengeance (친절한 금자씨)Lee Geum-ja
2001One Fine Spring Day (봄날은 간다)Eun-su
Last Present (선물)Jung-yun
2000Joint Security Area (공동경비구역 JSA)Maj. Sophie E. Jean
1999First Kiss (키스할까요)cameo)
1996I will do it (인샬라)

පුංචි තිරය

වසරනම
2003Jewel in the Palace (대장금 Dae Jang Geum / තේ චං ගම්) (MBC)
2000Fireworks (불꽃 Bulkkot) (SBS)
1999Enbireyong (은비령 Eunbiryeong) (KBS)
1999Invitation (초대 Chodae) (KBS)
1999Wave (파도 Pado) (SBS)
1998Advocate (애드버킷 Aedeubeokit) (MBC)
1998Romance (로맨스 Romaenseu) (SBS)
1997Because I Love You (사랑하니까 Sarang hanikka) (SBS)
1997The Reason I Live (내가 사는 이유 Naega saneun yiyu) (MBC)
1997Medical Brothers (의가형제 Uiga hyeongje) (MBC)
1996Sibling Relations (동기간 Dongkikan) (MBC)
1996Their Embrace (그들의 포옹 Geudeului poong) (MBC)
1996Papa (파파 Papa) (KBS)
1995West Palace (서궁 Seogung) (KBS)
1995Love and Marriage (사랑과 결혼 Sarangkwa kyeolhon) (MBC)
1995Asphalt Man (아스팔트 사나이 Aseupalteu sanai) (SBS)
1994Dash (질주 Jilju) (SBS)
1993How's Your Husband? (댁의 남편은 어떠십니까? Daegui nampyeoneun eotteoshimnikka?) (SBS)

ලැබූ සම්මාන

  • 1994 SBS Drama Awards, හොඳම නවක නිලිය.
  • 1995 KBS Drama Awards, ජනප්‍රියම සම්මානය.
  • 1996 MBC Drama Awards, දක්ෂතම නිලිය.
  • 1997 SBS Drama Awards, හොඳම නිලිය.
  • 1998 SBS Drama Awards, හොඳම නිලිය.
  • 1999 KBS Drama Awards, ජනප්‍රියම සම්මානය.
  • 2001 Korea Movie & Music Awards, Photogenic Prize for Actress
  • 2001 Pusan Film Critics Awards, හොඳම නිලිය. (One Fine Spring Day වෙනුවෙන්)
  • 2003 MBC Drama Awards, Grand Prize
  • 2005 International Film Festival of Catalunya, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
  • 2005 Blue dragon film award, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
  • 2006 Baeksang award, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
  • 2006 Cinemanila International Film Festival හොඳම නිලිය. (Sympathy for Lady Vengeance වෙනුවෙන්)[10]

මූලාශ්‍ර

භාහිර සබැදි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ලී_යන්ග්_ඒ&oldid=593229" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි