ලෝක වෙළඳ මධ්‍යස්ථානය (1973-2001)

2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් විනාශ වූ නිව්යෝර්ක් නුවර මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය
මෙම ලිපිය සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් විනාශ වූ නිව්යෝර්ක් නුවර මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිලිබඳ වේ. නව නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංකීර්ණය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානය (2001-වර්තමානය) බලන්න. ශ්‍රී ලංකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) බලන්න. ලොව පුරා ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථාන ලැයිස්තුව බලන්න.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය (World Trade Center ; සිංහල:වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්) යනු ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් නගරයේ, පහල මෑන්හැටන් ප්‍රදේශයේ පැවතී ගොඩනැගිලි සංකීර්ණයකි. සුප්‍රසිද්ධ නිවුන් කුලුණු සහිත එම මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය 1973 අප්‍රේල් 4 වැනි දින විවෘත කරන ලද අතර 2001 සැප්තැම්බර් 11 දින සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාර හමුවේ "7 World Trade Center" සහ නිවුන් කුලුණු ද්විත්වය සම්පුර්ණයෙන්ම විනාශ විය. එම නිවුන් ද්විත්ව කුළුණු කඩාවැටිම හේතුවෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අනෙක් ගොඩනැගිලි වලට ද අර්ධ වශයෙන් හානි සිදුවූ අතර, ඒවා පසුව විනාශ කර දමන ලදී.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය[1]
නිව්යෝර්ක් නුවර මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය 2001 මාර්තු මස ගුවනට දිස්වූ අයුරු. ඇන්ටනා කූරක් සහිත උතුරු කුලුන (වම් පස), 1WTC ගොඩනැගිල්ල වේ. දකුණු කුලුන (දකුණු පස) 2WTC ගොඩනැගිල්ල වේ. මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි හතම අසම්පුර්ණ වශයෙන් හෝ මෙහි දිස්වෙයි. (පසුව දක්වා ඇති සිතියම බලන්න). නිවුන් කුළුණු ද්විත්වයට වම්පසින් රතු ගඩොලින් නිමවා ඇති ගොඩනැගිල්ල මුල් 7 World Trade Center වේ. පසුබිමින් දිස්වනුයේ ඊස්ට් රිවර් ගංගාවයි.
වාර්තාගත උස
the worldහි උසම 1971 සිට 1973 දක්වා[I]
පූර්වගමනය වූයේඑම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල
ඉක්මවූයේවිලිස් ටවර්
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයවිනාශ කරන ලදී (මුල් ගොඩනැගිලි සංකීර්ණය)
නැවත ඉදිකරමින් පවතී
පිහිටීමනිව්යෝර්ක් නගරය
පුරෝගාමී දිනයඅගෝස්තු 25, 1966 (පැරණි සංකීර්ණය)
ඉදිකිරීම් ආරම්භ වූයේමුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 1 WTC: 1968 අගෝස්තු
  • 2 WTC: 1969 ජනවාරි
  • 3 WTC: 1979 දෙසැම්බර්
  • 4, 5, සහ 6 WTC: 1970
  • 7 WTC: 1983
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය::
  • 1 WTC: අප්‍රේල් 27, 2006[2]
  • 4 WTC: 2008 ජනවාරි
  • 7 WTC: මැයි 7, 2002[3]
සමාප්තියමුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය
  • 1 WTC: දෙසැම්බර් 23, 1970
  • 2 WTC: ජුලි 19, 1971
  • 3 WTC: 1981 ජුලි
  • 4, 5, සහ 6 WTC: 1975
  • 7 WTC: 1987 මැයි[4]
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 4 WTC: නොවැම්බර් 13, 2013[5]
  • 7 WTC: මැයි 23, 2006[6]
විවෘත කිරීමඅප්‍රේල් 4, 1973 (පැරණි)

නව;

1WTC : නොවැම්බර් 3, 2014
විනාශ කිරීමසැප්තැම්බර් 11, 2001 (පැරණි)
හිමිකරුනිව්යෝර්ක් සහ නිව් ජර්සි වාරය අධිකාරිය
උස
ඇන්ටෙනා කුළුණු මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
1 WTC: 1,727 අඩි (526.3 m)
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
1 WTC: 1,776 අඩි (541 m)
පියස්ස මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 1 WTC: 1,368 අඩි (417.0 m)
  • 2 WTC: 1,362 අඩි (415.0 m)
  • 3 WTC: 242 අඩි (74.0 m)
  • 4 සහ 5 WTC: 118 අඩි (36.0 m)
  • 6 WTC: 105 අඩි (32.0 m)
  • 7 WTC: 610 අඩි (186.0 m)
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 1 WTC: 1,368 ft (417.0 m)[7]
  • 4 WTC: 978 ft (298 m)
  • 7 WTC: 741 ft (226 m)[8]
ඉහළ මහලFirst WTC:
  • 1 WTC: 1,347 ft (411.0 m)
  • 2 WTC: 1,341 ft (409.0 m)
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 1 WTC: 1,268 ft (386.5 m)[9]
  • 7 WTC: 679 ft (207 m)[10]
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාවමුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 1 සහ 2 WTC: මහල් 110
  • 3 WTC: මහල් 22
  • 4 සහ 5 WTC: මහල් 9
  • 6 WTC: මහල් 8
  • 7 WTC: මහල් 47
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
මහල් වර්ගඵලයFirst WTC:
  • 1 සහ 2 WTC: 4,300,000 sq ft (400,000 m2) each
  • 4, 5, and 6 WTC: 500,000 sq ft (50,000 m2) each
  • 7 WTC: 1,868,000 sq ft (170,000 m2)
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
  • 1 WTC: 1,368 ft (417.0 m)[14]
  • 4 WTC: 2,500,000 sq ft (232,258 m2)[9]
  • 7 WTC: 1,681,118 sq ft (156,181 m2)[10]
සෝපාන/උත්තෝලකමුල් ලෝක එලන්ද මධ්‍යස්ථානය:
1 සහ 2 WTC: 99 බැගින්
නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියා
  • මිනෝරු යමසාකි
  • එමරි රොත් ඇන්ඩ් සන්ස්
ඉංජිනේරුWorthington, Skilling, Helle & Jackson,[15] Leslie E. Robertson Associates

පැරණි මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු ද්විත්වය නිමවා අවසන් කරන විට උතුරු කුලුන (උස අඩි 1,368 (417 m) ) සහ දකුණු කුලුන ලොව උසම ගොඩනැගිලි බවට පත්විය. එම ගොඩනැගිලි සංකීර්ණයේ අනෙක් ගොඩනැගිලි වුයේ "මැරියට් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්" හෙවත් 3WTC, 4 WTC, 5 WTC, 6 WTC, සහ 7 WTC වේ. නිවුන් කුලුණු වලට අමතරව ඉදිවූ මෙම ගොඩනැගිලි සියල්ල ඉදිවුයේ 1975 සහ 1985 කාලය අතරතුරදීය. ඒ සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 400 (2014 ඇ. ඩො. වලින්: ඇ. ඩො. මිලියන 2,300) වේ. එම ගොඩනැගිලි සංකීර්ණය නිව්යෝර්ක් නුවර වාණිජ දිස්ත්‍රික්කය තුල පිහිට තිබුණු අතර වර්ග අඩි 13,400,000 (1,240,000 m2) ක කාර්යාලීය ඉඩක් ඊට අයත් විය.

ලෝක වෙළඳ මධ්‍යස්ථනය 1975 පෙබරවාරි 13 දින ගින්නකට ද, 1993 පෙබරවාරි 26 දින බෝම්බ ප්‍රහාරයකට ද, 1998 ජනවාරි 14 දින මංකොල්ලයකට ද මුහුණ දුනි. 1998 දී වාරය අධිකාරිය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය පුද්ගලීකරණය කිරීමට හා එහි කළමනාකාරිත්වය පුද්ගලික ආයතනයකට ලබා දීමට තීරණය කරන ලදී. ඒ අනුව 2001 ජුලි මස ලෝක වෙළඳ මධ්‍යස්ථානය, සිල්ව(ර්)ස්ටයින් ප්‍රොපටිස් ආයතනය වෙත බදු දෙන ලදී.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා උදැසන අල් කයිඩා සාමාජික ගුවන් යානා පැහැරගන්නන් පිරිසක් විසින් ඒකාබද්ධ ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන්, බෝයින් 767 වර්ගයේ ගුවන් යානා දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු දෙක තුලට, එක් කුලුනකට එක බැගින් පියාසර කරවන ලදී. මිනිත්තු 56ක් පුරා පැවති ගින්නකින් පසු දකුණු කුලුන කඩාවැටුණු අතර, ඉන් තවත් පැය බාගයකට පමණ පසු උතුරු කුලුන ද කඩාවැටිණි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 2,753 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. නිවුන් කුලුණු වලින් පහලට වැටුණු සුන්බුන් වලින් සහ එම සුන්බුන් නිසා ඇතිවූ ගිනි ගැනීම්වලින් මධ්‍යස්ථානයේම තවත් ගොඩනැගිලි රැසක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණයෙන්ම කඩාවැටුණු අතර, එමනිසාම ලෝක වාණිජ මධ්‍යස්ථානය ඇතුළු අවට පිහිටි විශාල ව්‍යුහ 10කට විනාශකාරී හානි සිදුවිය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන භුමිය පිරිසිදු කිරීම සඳහා මාස 8 ක කාලයක් ගතවිය.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැවත ඉදිකිරීමේ කටයුතු වසර ගණනාවක් මුළුල්ලේ සිදුකෙරෙමින් පවතී. මේ වනවිට එම භුමියේ නව උස් ගොඩනැගිලි 6ක් ඉදිකෙරෙමින් පවතින අතර, ඊට අමතරව සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් මියගිය පිරිස සිහිකිරීම පිණිස ස්මාරකයක් ද, ප්‍රවාහන මධ්‍යස්ථානයක්ද ඉදිකෙරෙමින් පවතී. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල "වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්" (One World Trade Center) හෙවත් 1WTC වේ. 2014 නොවැම්බර් මස එය ඉදිකර අවසන්වීමත් සමග, මහල් 100 ටත් වැඩි එම ගොඩනැගිල්ල එක්සත් ජනපදයේ උසම ගොඩනැගිල්ල බවට පත්විය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි