ලෝවා මහාපාය-අහස සූරන මැදුරු

මහල් නවයකින් යුත් ලෝවා මහාපාය (ක්‍රි.පූ තුන්වැනි සියවස) එකල අති දර්ශනීය ගොඩනැගිල්ලක්ව තිබෙන්නට ඇත. එහි දැවවලින් කළ රාමු, ගල් කුළුණු අධාරක මත පිහිටුවා තිබුණේය. සුදු පැහැයෙන් පිරියම් කරන ලද්දේය. තඹවලින් කරන ලද දීප්තිමත් උළු සහිත වහල මුදුණේ කොත් කැරැල්ලක් විය.

'චුම්බකම්'

යනුවෙන් හඳුන්වන ලද අකුණු සන්නායකයක්ද සවිකර තිබුණේය. මෙම සන්නායකය තනා තිබු‍ණේ ඇම්බර්වලින් සහ තෝරමල්ලිවලිනි. පරාල නිමවා තිබුණේ තල් ගසක ක‍‍‍දෙනි. එහි උස අඩි 162 (මී. 49) ක් වු අතර ගෙබිම වර්ග අඩි 179316 නොහොත් වර්ග මිටර් 16659 ක වපසරියකින් යුක්ත විය. 9000 ක් භික්ෂූන් වහන්සේලාට හිඳ ගැනීමේ ඉඩකඩ තිබුණි. මෙම අති විශාල ගෙබිම් පරාසය වර්තමාන ශ්‍රී ලංකාවේ සැලසුම්කරුවන් පවා විෂ්මයට පත් කරනු ඇතැයි රෝලන්ඩ් සිල්වා 1981 දී ප්‍රකාශ කළේය.

උළු සෙවිලි වහල

මෙම ගොඩනැගිල්ලේ විශේෂතම අංගය වූයේ බාල්ක සහ පරාල මත පිහිටුවා තිබුණු උළු සෙවිලි වහලයි. රතු, සුදු, කහ, කොළ, නිල්, පැහැගත් උළු සෙවිලි කරන ලද වහලවල් ක්‍රි.පූ. 3 වෙනි ශත වර්ෂයේදි ද තිබුණේය. එසේම ලෝකඩවලින් නිමැවූ උළු ද එහි තිබුණේය.

ආරෝග්‍යශාලා

මිහින්තලේ සහ පොළොන්නරුවේ තිබුණු භික්ෂු ආරෝග්‍යශාලාවලින්, ආරෝග්‍යශාලා ගෘහ නිර්මාණ ශිල්පය ගැන කිසියම් අදහසක් ඇති කර ගත හැකිය. මෙම රෝහල්වල සැළසුම් කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැක බලා ගත හැක. මේවායේ පිටත සහ ඇතුළත ශාලාවල් තිබුණි. ආයත චතුරස්‍රාකාර වූ ඇතුල් ශාලාවේ නාන කාමර, වැසිකිලි හා කුටි පේළි තිබුණු අතර එක් පැත්තකින් පමණක් පිටවීමේ දොරටු තිබුණි. එක් කුටියක් ඖෂධීය නාන කාමරයකි. ආලාහන පිරිවෙනෙහි කුටි වෙනුවට තිබුණේ දිගැති සයනාගාරයන්ය. පිටත ශාලාව දාන ශාලාවකින්ද, උණු ජලය ස්නානය සඳහා කුටියකින්ද, ගබඩා කාමරවලින් සහ බෙහෙත් ශාලාවකින්ද යුක්ත විය. රෝහල වටා ආරක්ෂක පවුරක් තිබුණි. ජනෙල්වලට අමතරව විවෘත අංගන දෙකක් තිබූ ගොඩනැගිලි තුළට මනා වාතාශ්‍රයක් ලැබෙනු පිණිසයි.

නිවාස

වරිච්චි බිත්ති සහිත ක්‍රි.පූ. 450 දී පමණ තැනුණු නිවසක නටබුන් කිරිඳි ඔය ආසන්න ප්‍රදේශයකදී සොයාගෙන තිබේ. තවත් එකක් වීරවිල අඳල්ලේ දී සොයා ගෙන ඇත. ක්‍රි.ව.50 සිට 400 දක්වා කාලය තුළ තනන ලද නිවෙස් පිළිබඳ සාක්ෂි වලගම්පත්තුවෙන් සොයා ගෙන තිබේ. කුස්සියේ පාවිච්චි කරන ලද උපකරණ තවමත් තිබේ. මධ්‍යතන යුගයේ ධනවත් අයගේ නිවෙස් විශාල වූ අතර ගලෙන් සහ හුණු බදාම යොදා තනා, වහලට උළු සෙවිලි කර බිත්තිවලට සුදු පැහැ ආලේප කර තිබුණි. දොර ජනෙල් යෙදූ කාමර සහ අමුත්තන් සඳහා වෙන් වූ කාමර ද, ජනෙල්වලට උඩින් වා කවුළු ද, දොරවල්වලට අගුළු, අසව් සරනේරු, ආදිය ද තිබුණි. නිවෙස්වලට සඳලු තල හා මිදුල් එක් කර තිබුණි. වී කෙටීම සඳහා වෙනම කාමර ද ගබඩා කාමරය නොහොත් අටුවක් ද කරත්තය තැබීම පිණිස මඩු ද තිබුණි. වැසිකිලිද මෙහිදී සඳහන් කළ යුතු අතර සෑම නිවෙසකටම කුඩා මුළු තැන්ගෙයක් ද විය.

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය