සෙරමික් (පිඟන් මැටි)

සෙරමික් යන වදන ව්‍යුත්පන්න වී ඇත්තේ κεραμικός යන ග්‍රීක වදනෙනි. මෙම වදන මඟින් තාපයේ ක්‍රියාවෙන් නිෂ්පාදනය වූ අකාබනික, අලෝහ ද්‍රව්‍ය ආවරණය කරයි. 1950 ගණන් දක්වා මේවායින් වඩාත් වැදගත් වූයේ සිමෙන්ති හා වීදුරු සමඟ පිඟන් බඩු , ගඩොල්, පිඟන් ගඩොල් හා එවැනි දේ බවට පත් කළ සාම්ප්‍රදායික මැටි වර්ගයි. මැටි මත පදනම් වූ පිඟන් මැටිවලින් තැනු පිඟන් බඩු පිළිබඳ ලිපියේ විස්තර කර ඇත. සෙරමික් හා ලෝහ යන දෙකෙන්ම සංයුක්ත ද්‍රව්‍යයක් සර්මෙට් (cermet) ලෙස හඳුන්වනු ලැබේ. සෙරමික් යන වදන නාම විශේෂණයක් හා සෙරමික් ද්‍රව්‍ය හෝ සෙරමික් නිෂ්පාදිත හැඳින්වීම සඳහා නාම පදයක් ලෙස භාවිතා කළ හැකිය. තවද සෙරමික් යන්න සෙරමික් ද්‍රව්‍යවලින් භාණ්ඩ තැනීමේ කලාව හඳුන්වන ඒක නාම පදයක් ලෙස ද භාවිතා කළ හැකිය. සෙරමික් ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතයේ තාක්ෂණය සෙරමික් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ කොටසකි.

tiny globe
සවි කරන ලද භාගික බොරු දත් කූට්ටම

බොහොමයක් සෙරමික් මැටි දෘඪ, සවිවර හා භංගුරය. සෙරමික් පිළිබඳ අධ්‍යයනයන් හා වැඩි දියුණු කිරීමවලට මෙම ලක්ෂණ හා බැඳුණු ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රම හා ද්‍රව්‍යවල ශක්තිමත් බව වැඩි කිරීම මෙන්ම නව යෙදීම් පරීක්ෂා කිරීම ඇතුළත් වේ.

පරීක්ෂා කිරීම හා ද්‍රව්‍ය සඳහා ඇමරිකානු සංගමය (ASTM) සෙරමික් පිළිබඳව පහත පරිදි අර්ථ දක්වා ඇත. ස්පටීකරණ හෝ ආංශිකව ස්පටීකරණ ව්‍යුහවල හෝ වීදුරුවල ඔප දමන ලද හෝ ඔප නොදමන ලද වස්තු ඇති අතර එම වස්තු අකාබනික අලෝහ මූලද්‍රව්‍යවලින් නිපදවී ඇත.එමෙන්ම මේවා සිසිලනය වීමේ දී ඝනීභවනය වන ද්‍රව වී ඇති ස්කන්ධයකින් හෝ තාපයේ ක්‍රියාවෙන් උත්පාදනය වී හා පරිණත වී ඇත.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි