ස‍ඳෙහි - ආරම්භය හා භූ විද්‍යාත්මක පරිණාමනය

සඳෙහි ඇති වීම සඳහා යාන්ත්‍රණ කිහිපයක් යෝජනා කර ඇත. සඳෙහි ඇති වීම සිදු වන්නට ඇත්තේ වසර බිලියන 4.527 + 0.010 පෙර එනම් සෞරග්‍රහමණ්ඩලය ඇති වීමෙන් වසර මිලියන 30-50කට පමණ පසුව බවට විශ්වාස කරයි.

විඛණ්ඩන සිද්ධාන්තය

මුල් කාලීන විශ්වාසයන් යෝජනා කළේ සඳ පෘථිවි කබලෙන් කේන්ද්රාපසාරී බලය නිසා බිඳී ගිය කොටසක් බවයි. එලෙස එම කොටස ඉවත් වීම නිසා පැසිපික් සයුර සෑදී ඇති බවට එමඟින් කියවේ. කෙසේ නමුත් මෙම අදහස සඳහා පෘථිවිය අධික අවස්ථිති භ්රමණයක් තිබිය යුතු අතර එය එසේ වුවද එම ක්රියාවලිය නිසා සඳෙහි කක්ෂය පෘථිවියෙහි සමක තලය ඔස්සේ ගමන් කළ යුතුය. එමනිසා මෙය සිදු විය නොහැක.

ග්රහණ සිද්ධාන්තය

වෙනත් විශ්වාසයන් කියා සිටින්නේ සඳ වෙනත් ස්ථානයක ඇති වී පසුව පෘථිවියෙහි ගුරුත්වය මඟින් ග්රහණය කරගෙන ඇති බවයි. කෙසේ නමුත් එවැනි යාන්ත්රණයක් ක්රියාත්මක වීම සඳහා අවශ්ය වන තත්ව සේ පිළිගැනෙන අසලින් ගමන් ගන්නා සඳෙහි ශක්තිය විනාශ කිරීම සඳහා වූ ව්යාප්ත වූ පෘථිවි වායු ගෝලයක් යන තත්වය සිදු විය නොහැකි දෙයකි.

සම - ඇති වීම් සිද්ධාන්තය

සම ඇතිවීම් කල්පිතය යෝජනා කර සිටින්නේ සඳ සහ පෘථිවිය එකම තැන දී එකම අවස්ථාවේ දී ආදි කල්පිත උපවයන තැටියෙන් ඇති වු බවයි. සඳ ඇති වී තිබෙන්නේ සූර්යා වටා අනෙකුත් ග්රහලෝක ඇති වූවා මෙන්ම ප්රොටෝ පෘථිවිය වටකර තිබූ පදාර්ථවලිනි. සමහරෙක් යෝජනා කර සිටින්නේ එම කල්පිතය සඳෙහි ලෝහ යකඩ හායනය පැහැදිලි කිරීමට අපොහොසත් වන බවයි.

මෙම සියළු කල්පිතවල විශාල අඩු ලුහුඬුකමක් වන්නේ ඒවාට පෘථිවි චන්ද්ර පද්ධතියේ අධික කෝණික ගම්යතාවයට හේතු ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. විශාල ගැටුම් සිද්ධාන්තය

වර්තමානයේ පවතින කල්පිතය වන්නේ පෘථිවි චන්ද්ර පද්ධතිය නිර්මාණය වූයේ විශාල ගැටුමක ප්රතිඵලයක් ලෙසින් යන්නයි. ප්රමාණයෙන් අඟහරු තරම් වන (තෙයියා ලෙස හඳුන්වන) වස්තුවක් ප්රොටෝ පෘථිවියෙහි ගැටී එමඟින් උපවයනය හරහා චන්ද්රයා නිර්මාණය වීමට ප්රමාණවත් තරම් පදාර්ථ අවට කක්ෂයට එකතු විය. උපවයනය යනු ග්රහලෝක වස්තු නිර්මාණය වීමේ ක්රියාවලියක් වන අතර විශාල ගැටුම් සියළු ග්රහලෝකවලට පාහේ බලපෑම් එල්ල කර ඇත. මෙම විශාල ඝට්ටනය ආදර්ශණය කරන පරිගණක අනුහුරුකරණ චන්ද්ර පෘථිවි පද්ධතියේ කෝණික ගම්යතාවයේ මිනුම්වලින් මෙන්ම චන්ද්ර හරයේ කුඩා ප්රමාණයෙන් ද යුක්තය. මෙම සිද්ධාන්තය සම්බන්ධ නොවිසඳූ ගැටළු වන්නේ ප්රොටෝ පෘථිවියෙහි හා තෙයියා හි සාපේක්ෂ ප්රමාණයන් හා සඳ නිර්මාණය වීමට මෙම වස්තු දෙකෙන් කෙතරම් ද්රව්ය දායක වුණි ද යන්නයි.

චන්ද්ර මැග්මා සයුර

විශාල ගැටුම් අවස්ථාවේ දී හා පසුව සිදු වූ පෘථිවි කක්ෂයේ වූ වස්තුවල නැවත උපවයනය වීම අතරතුර හටගත් විශාල ශක්ති ප්රමාණයේ ප්රතිඵලයක් ලෙස සඳෙන් විශාල කොටසක් ද්රව බවට පත් වූ බව විශ්වාස කෙරේ. මෙම කාලයේ දී සඳෙහි ද්රව බවට පත් වූ පිටත කොටස මැග්මා සයුර ලෙස හඳුන්වන අතර එහි ගැඹුර 500km සිට සම්පූර්ණ චන්ද්ර අරය දක්වාම විහිදෙන බවට ඇස්තමේන්තු කර තිබිණි.

මැග්මා සයුර සිසිල් වීමත් සමඟ එය ආංශිකව ස්පටීකරණය හා කොටස් බවට පත් වීම සිදු විය. එමඟින් ජ්යාමිතිකව එකිනෙකට වෙනස් කබොලකට හා මැන්ටලයකට මඟ පෑදීය. මැන්ටලයකට olivine, Clinopyroxene හා orthopyroxene යන ඛනිජවල අවලම්භනය වීමෙන් හා ගිල්වීමෙන් තැනී ඇති බවට විශ්වාස කෙරේ. මැග්මා සයුරෙන් ¾ක් පමණ ස්පටීකරණය වී අවසන් වූ විට Anorthite ඛනිජය එහි අඩු ඝනත්වය නිසා මතුපිට මතට අවලම්භනය වී හා පාවී කබොල සාදා ඇත.

මැග්මා සයුරෙන් අවසානයට ස්පටීකරණය වූ ද්රව කබොල හා මැන්ටලය අතර පිරවුම බවට පත් වන්නට ඇත. එහි අසංඝත හා තාප නිපදවන මූලද්රව්ය අධික ප්රමාණයක් අඩංගු විය හැක. මෙම ජෛව රාසයනික සංරචකය KREEP (පොටෑසියම් (K), පෘථිවියෙහි දුලභ මූලද්රව්ය (REE) හා පොස්පරස් (P) ) ලෙස හඳුන්වන අතර සඳෙහි ළඟ පැත්තේ වූ Oceanus procellarum හා mare imbrium හි වැඩි ප්රමාණයක් අයත් වන කුඩා භූ ගෝලීය ප්රදේශයක් වන Procellarum KREEP terrane තුළ පිහිටා ඇති බව පෙනේ.

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය