1983 ක්‍රිකට් ලෝක කුසලානය

ක්‍රිකට් තරඟාවලිය

1983 ක්‍රිකට් ලෝක කුසලානය (පෲඩෙන්ෂල් කුසලානය '83) යනු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 3 වන සංස්කරණයයි. එය 1983 ජුනි 9 සිට 25 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ පැවති අතර එය ඉන්දියාව විසින් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට රටවල් අටක් සහභාගී විය. 1983 ලෝක කුසලානය තරඟාවලිය පුරාම විස්මයජනක සිද්ධි වලින් පිරී තිබුණි. එම කාලය තුළ හොඳින් ක්‍රීඩා නොකළ ඉන්දියාව සහ සිම්බාබ්වේ වැනි කණ්ඩායම් පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව පරාජය කළහ. එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව සහ තරගාවලියේ ප්‍රියතමයන් වන බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මූලික තරඟ සදහා කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ දෙකකට බෙදා සෑම රටක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග දෙවරක් ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

1983 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය (පෲඩෙන්ෂල් ලෝක කුසලානය)
ගොනුව:1983 Cricket WC.jpg
ඉන්දියාව දිනා ගත් ලෝක කුසලානය අතැතිව සිටින කපිල් දේව්
කාලය9 ජුනි – 25 ජුනි
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියද්විත්ව රවුම් රොබින් සහ පිළිමළුන් පිටු දැකීම
සත්කාරකත්වය එංගලන්තය
ශූරයන් ඉන්දියාව (1 වන වරට)
සහභාගීත්වය8
තරඟ27
පැමිණීම232,081 (එක් තරගයකට 8,596 )
වැඩිම ලකුණු එංගලන්තය ඩේවිඩ් ගව්නර් (384)
වැඩිම කඩුලු ඉන්දියාව රොජර් බිනි (18)
1979
1987


මෙම තරඟ ඉනිමකට ඕවර 60 කින් සමන්විත වූ අතර සාම්ප්‍රදායික සුදු ඇඳුම් හා රතු බෝල වලින් ක්‍රීඩා කරන ලදී. ඔවුන් සියල්ලම දිවා කාලයේදී සෙල්ලම් කරන ලදී.

ආකෘතිය

1983 ලෝක කුසලානයේ ආකෘතිය කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ 2 ක් වූ අතර සෑම කණ්ඩායමක්ම දෙවරක් ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසි අතර ජයග්‍රාහකයින් තවදුරටත් අවසන් මහා තරඟයට පිවිසියේය. සෑම තරඟයක්ම ඕවර 60 කින් සමන්විත විය.

සහභාගිවන්නන්

1983 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන රටවල් පාට කර ඇත.
  පූර්ණ සාමාජිකත්වය අනුව සුදුසුකම් ලැබූ
  1982 ICC ශූරතා කුසලානය අනුව සුදුසුකම් ලැබූ
  සුදුසුකම් ලැබීමට අපොහොසත්

අවසන් තරඟාවලිය සඳහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා ඇත (මෑතකදී පත් කරන ලද පූර්ණ සාමාජික ශ්‍රී ලංකාව ඇතුළුව පූර්ණ අයිසීසී සාමාජිකයින් හත්දෙනෙකු සහ 1982 අයිසීසී කුසලානය දිනා ගැනීමෙන් සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ)

කණ්ඩායමසුදුසුකම් ලැබීමේ ක්‍රමයසහභාගීත්ව ගණනඅවසාන සහභාගීත්වයපෙර හොඳම කාර්ය සාධනය
 එංගලන්තයසත්කාරකත්වය3 වන1979අනුශූරතාවය (1979)
 ඉන්දියාවපූර්ණ සාමාජික3 වන1979මූලික අධියර (1975, 1979)
 ඕස්ට්‍රේලියාව3 වන1979අනුශූරතාවය (1975)
 පකිස්තානය3 වන1979අවසන් පූර්ව (1979)
 බටහිර ඉන්දීය කොදෙව්3 වන1979ශූරතාවය (1975, 1979)
 නවසීලන්තය3 වන1979අවසන් පූර්ව (1975, 1979)
 ශ්‍රී ලංකාව3 වන1979මූලික අධියර (1975, 1979)
 සිම්බාබ්වේICC ශූරතා කුසලාන ජයග්‍රාහකයන්1 වනප්‍රථම අවස්ථාව

ක්‍රීඩාංගණ

ක්‍රීඩාංගණයනගරයධාරිතාවයතරග
නොටින්හැම්
බර්මිංහැම්
ලීඩ්ස්
මැන්චෙස්ටර්
ඩර්බි
බ්‍රිස්ටෝල්
ටවුන්ටන්
චෙල්ම්ස්ෆර්ඩ්
ස්වෑන්සී
ලීස්ටර්
සදම්ටන්
වෝර්සෙස්ටර්
රෝයල් ටන්බ්‍රිජ් වෙල්ස්
1983 ක්‍රිකට් ලෝක කුසලානය (England)
ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයලන්ඩන්30,0003
ට්‍රෙන්ට් බ්‍රිජ්නොටින්හැම්15,3503
හෙඩින්ග්ලිලීඩ්ස්14,0003
ඕවල්ලන්ඩන්23,5003
එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයබර්මින්හැම්21,0003
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයඩර්බි9,5001
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයබ්‍රිස්ටල්16,0001
ප්‍රාන්ත ක්‍රීඩාංගණයටවුන්ටන්6,5001
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයචෙල්ම්ස්ෆර්ඩ්6,5001
ශාන්ත හෙලන්ස් රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයස්වන්සී, වේල්ස්4,5001
ග්‍රේස් පාරලීස්ටර්12,0001
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයමැන්චෙස්ටර්19,0003
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයසදම්ටන්7,0001
නිව් රෝඩ්වෝර්සෙස්ටර්4,5001
නෙවිල් පිටියරෝයල් ටන්බ්‍රිජ් වෙල්ස්6,0001

සංචිත

ප්‍රධාන ලිපිය 1983 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් සංචිත

මූලික අධියර

පෙර පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී මෙන් නොව කණ්ඩායම් අදියර ද්විත්ව රවුන්ඩ් රොබින් ආකෘතියකින් ක්‍රීඩා කරන ලදී. A කාණ්ඩයේ සත්කාරක රට වන එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව ද බී කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ යන රටවල් ඇතුළත් විය. පසුගිය ලෝක කුසලාන වලදී මෙන් නොව, සියලුම තරග රූපවාහිනියෙන් සජීවීව ප්‍රදර්ශනය කළ හැකි පරිදි ආකෘති නිර්මාණය කර තිබුනි. සෑම තරඟයක් සදහා වර්ෂාව ඇති වූ විට අතිරේක දිනයක් වෙන්කර තිබූ අතර තරඟ තුනක් සදහා දෙවන දිනයක් අවශ්‍ය විය.[1]

A කාණ්ඩයේ දී එංගලන්තය ඕවල්හිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 106 ක දැවැන්ත ජයක් වාර්තා කළේය. පකිස්තානය ද ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 50 ක ජයක් ලබා ගනිමින් තරගාවලිය ආරම්භ කලාය.[2] ඩේවිඩ් ගෝවර් හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළුව ලකුණු 130 ක් ලබා ගනිමින් එංගලන්තයේ දෙවන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව අත්කර ගත්තේය. මේ අතර නවසීලන්තය විසින් පකිස්තානය ලකුණු 52 කින් පරාජය කළේය. ලෝඩ්ස් පිටියේදී එංගලන්තය විසිනි පකිස්තානය කඩුලු 8 කින් පරාජය කළ අතර රිචඩ් හැඩ්ලිගේ 5/25 පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 206 කට දැවී ගිය අතර නවසීලන්තය ඕවර 20 කට වඩා ඉතිරිව තිබියදී ජයග්‍රහනය කලේය. කණ්ඩායම් අදියරයන්හි එංගලන්තය ලැබූ එකම පරාජය වූයේ නවසීලන්තයට එරෙහිව වාර්ථා විය.

ජුනි 18 වනදා පැවති පස්වන වටයේ තරග අවසනයේ එංගලන්තය සිය ස්ථානය තහවුරු කරගත් අතර ග්‍රේම් ෆෝලර් සහ ක්‍රිස් තවරේ අතර පළමු කඩුල්ල 115 ක් සමගින් පාකිස්තානය ලබා ගත් ලකුණු 232 න් අඩක් එම පිතිකරුවන්ප දෙදෙනා ලබා ගත්තේය. අවසන් වට තරගයේදී එංගලන්තය කඩුලු 9 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය. නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය දෙවන සුදුසුකම ලෙස තීරණය කරනු ඇත. නවසීලන්තයේ ඕනෑම ජයග්‍රහණයක් ඔවුන් සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් වනු ඇත; පාකිස්තානයට ජයග්‍රහණය කිරීමට පමණක් නොව නවසීලන්තයේ සාමාන්‍ය ලකුණු අනුපාතය වෙනස් කිරීමටද අවශ්‍ය වේ. කෙසේ වෙතත් නවසීලන්තය තරග පරාජයත් සමග මීලග වටයට යාම අසමත් විය. ඒ ඔවුන් දල ලකුණු ලබා ගැනීමේ වේගය ඩු මට්ටමක පවත්වා ගැනීමත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට පරාජය වීමත්ය.[3]

බී කාණ්ඩය ආරම්භ වූයේ තරඟාවලියේ පළමු කම්පනයත් සමඟ ය. ඒ සිම්බාබ්වේ ඕස්ට්‍රේලියාව පරාජය කළ අතර විස්ඩන් විස්තර කළේ “පෙර පැවති ලෝක කුසලාන දෙකට වඩා විශාල පුදුමයක්” ලෙස ය.[4] ඩන්කන් ෆ්ලෙචර් ලකුණු 69 ක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. අනෙක් ආරම්භක බී කාණ්ඩයේ තරගයේදී ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 34 කින් පරාජය කලේය. ජුනි 11 වන දින පැවති දෙවන වටයේ ක්‍රීඩාපිටි වල තෙත් කාලගුණය අඩු ලකුණු ලබා ගැනීමට හේතු විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඉනිමේදී ලකුණු 252/9 ක් රැස් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 30.3 කදී ලකුණු 151 කට දැවී ගියේය. ග්‍රේම් වුඩ්, මයිකල් හෝල්ඩින්ගේ පන්දුවක්ට වැදීමෙන් පසු දැඩි කම්පනයකින් රෝහල් ගත කරනු ලැබීය.[5] අනික් තරගයේදී ඉන්දියාව, සිම්බාබ්වේ පිල කඩුලු 5 කින් පරාජය කළේය. දින දෙකකට පසුව ඕස්ට්‍රේලියාව ලකුණු 162 කින් ඉන්දියාව පරාජය කළ අතර තරගයේ වීරයා වූ ට්‍රෙවර් චැපල් පන්දු 131 කදී ලකුණු 110 ක් සහ කෙන් මැක්ලේ ලකුණු 6/39 ක් ලබා ගත්තේය. එදින පැවති අනෙක් තරගයෙබන් බටහිර ඉන්දීය කොදෙව් පිල, සිම්බාබ්වේ පිල ට එරෙහිව පහසු ජයක් වාර්ථා කලේය.

දෙවන වරට මුන ගැසුනු තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 66 කින් ඉන්දියාව අභිබවා ගිය අතර විව් රිචර්ඩ්ස් ලකුණු 119 ක් රැස් කළේය. තරඟාවලියේ දෙවන වතාවට ප්‍රතිවාදී පිතිකරුවෙකු බටහිර ඉන්දීය කොදෙව් පන්දු හමුවේ තුවාල ලබා පිටියෙන් ඉවත් වූ අතර මේ අවාසනාවන්ත පිතිකරුවා වූයේ දිලිප් වෙන්ග්සාර්කර් ය.[6] ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ පිල ලකුණු 32 කින් පරාජයට පත්කල අතර ජුනි 18 වනදා පැවති ඉන්දියාව සහ සිම්බාබ්වේ තරගය විස්ඩන් විසින් විස්තර කරන ලද්දේ “මෙම තරගාවලියේ ඉතාමත් කැපී පෙනෙන ඉනිමක් ඇතුළත් වූ විශිෂ්ට තරඟයක්” ලෙසිනි. කපිල් දේව් ඉන්දියාවේ ලකුණු 266/8 න් නොදැවී ලකුණු 175 ක් රැස් කළේය. සිම්බාබ්වේ කණ්ඩායම හඹා යෑමට අසමත් වූ අතර ඉන්දියාව ලකුණු 31 කින් ජය ගත්තේය.[7] ග්‍රීන්ජ් සහ රිචර්ඩ්ස් අතර දෙවන කඩුල්ල සඳහා ලකුණු 124 ක හවුල්කාරිත්වයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් පරාජය කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සිම්බාබ්වේ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 10 කින් ජයග්‍රහණය කළේ ඕවර පහළොවකට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව තිබියදීය. බී කාණ්ඩයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊලග වටයට සුදුසුකම් සඳහා ගැටුමක් විය. කෙසේ වෙතත්, ඉන්දියාව ලකුණු 247 ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියාව ලකුණු 129 කට දැවී ගියේය.

"ඒ" කාණ්ඩය

"ඒ" කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන
ස්ථානයකණ්ඩායමතරගජයපරාජසමවි.නැප්‍ර.ලකුණුද.ල.වේ
1  එංගලන්තය65100204.671
2  පකිස්තානය63300124.014
3  නවසීලන්තය63300123.927
4  ශ්‍රී ලංකාව6150043.752
1983 ජුනි 9
Scorecard
එංගලන්තය 
322/6 (ඕවර 60)
 නවසීලන්තය
216 (ඕවර 59)
එංගලන්තය ලකුණු 106 කින් ජය ගත්තේය
ඕවල්, ලන්ඩන්
1983 ජුනි 9
Scorecard
පකිස්තානය 
338/5 (ඕවර 60)
 ශ්‍රී ලංකාව
288/9 (ඕවර 60)
පාකිස්තානය ලකුණු 50 කින් ජයග්‍රහණය කළේය
ශාන්ත හෙලන්ස් රග්බි සහ ක්‍රිකට් පිටිය, ස්වන්සී
1983 ජුනි 11
Scorecard
එංගලන්තය 
333/9 (ඕවර 60)
 ශ්‍රී ලංකාව
286 (ඕවර 58)
එංගලන්තය ලකුණු 47 කින් ජය ගත්තේය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ටවුන්ටන්
1983 ජුනි 11
Scorecard
නවසීලන්තය 
238/9 (ඕවර 60)
 පකිස්තානය
186 (ඕවර 55.2)
නවසීලන්තය ලකුණු 52 කින් ජයග්‍රහණය කළේය
එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
1983 ජුනි 13
Scorecard
පකිස්තානය 
193/8 (ඕවර 60)
 එංගලන්තය
199/2 (ඕවර 50.4)
එංගලන්තය කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ලන්ඩන්
1983 ජුනි 13
Scorecard
ශ්‍රී ලංකාව 
206 (ඕවර 56.1)
 නවසීලන්තය
209/5 (ඕවර 39.2)
නවසීලන්තය කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල්
1983 ජුනි 15
Scorecard
එංගලන්තය 
234 (ඕවර 55.2)
 නවසීලන්තය
238/8 (ඕවර 59.5)
නවසීලන්තය කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය
එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
1983 ජුනි 16
Scorecard
පකිස්තානය 
235/7 (ඕවර 60)
 ශ්‍රී ලංකාව
224 (ඕවර 58.3)
පාකිස්තානය ලකුණු 11 කින් ජය ගත්තේය
හෙඩින්ග්ලි, ලීඩ්ස්
1983 ජුනි 18
Scorecard
පකිස්තානය 
232/8 (ඕවර 60)
 එංගලන්තය
233/3 (ඕවර 57.2)
එංගලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්
1983 ජුනි 18
Scorecard
නවසීලන්තය 
181 (ඕවර 58.2)
 ශ්‍රී ලංකාව
184/7 (ඕවර 52.5)
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩර්බි
1983 ජුනි 20
Scorecard
ශ්‍රී ලංකාව 
136 (ඕවර 50.4)
 එංගලන්තය
137/1 (ඕවර 24.1)
එංගලන්තය කඩුලු 9 කින් ජය ගත්තේය
හෙඩින්ග්ලි, ලීඩ්ස්
1983 ජුනි 20
Scorecard
පකිස්තානය 
261/3 (ඕවර 60)
 නවසීලන්තය
250 (ඕවර 59.1)
පාකිස්තානය ලකුණු 11 කින් ජය ගත්තේය
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම්

"බී" කාණ්ඩය

"බී" කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන
ස්ථානයකණ්ඩායමතරගජයපරාජසමවි.නැප්‍ර.ලකුණුද.ල.වේ
1  බටහිර ඉන්දීය කොදෙව්65100204.308
2  ඉන්දියාව64200163.870
3  ඕස්ට්‍රේලියාව6240083.808
4  සිම්බාබ්වේ6150043.492
1983 ජුනි 9
Scorecard
සිම්බාබ්වේ 
239/6 (ඕවර 60)
සිම්බාබ්වේ ලකුණු 13 කින් ජය ගත්තේය
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම්
1983 ජුනි 9
Scorecard
ඉන්දියාව 
262/8 (ඕවර 60)
ඉන්දියාව ලකුණු 34 කින් ජය ගත්තේය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්
1983 ජුනි 11
Scorecard
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 101 කින් ජයග්‍රහණය කළේය
හෙඩින්ග්ලි, ලීඩ්ස්
1983 ජුනි 11
Scorecard
සිම්බාබ්වේ 
155 (ඕවර 51.4)
 ඉන්දියාව
157/5 (ඕවර 37.3)
ඉන්දියාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ග්‍රේස් පාර, ලීස්ටර්
1983 ජුනි 13
Scorecard
 ඉන්දියාව
158 (ඕවර 37.5)
ඕස්ට්‍රේලියාව ලකුණු 162 කින් ජයග්‍රහණය කළේය
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම්
1983 ජුනි 13
Scorecard
සිම්බාබ්වේ 
217/7 (ඕවර 60)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8 කින් ජය ගත්තේය
නිව් රෝඩ්, වෝර්සෙස්ටර්
1983 ජුනි 15
Scorecard
 ඉන්දියාව
216 (ඕවර 53.1)
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 66 කින් ජයග්‍රහණය කළේය
ඕවල්, ලන්ඩන්
1983 ජුනි 16
Scorecard
 සිම්බාබ්වේ
240 (ඕවර 59.5)
ඕස්ට්‍රේලියාව ලකුණු 32 කින් ජයග්‍රහණය කළේය
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, සදම්ටන්
1983 ජුනි 18
Scorecard
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ලන්ඩන්
1983 ජුනි 18
Scorecard
ඉන්දියාව 
266/8 (ඕවර 60)
 සිම්බාබ්වේ
235 (ඕවර 57)
ඉන්දියාව ලකුණු 31 කින් ජය ගත්තේය
නෙවිල් පිටිය, රෝයල් ටන්බ්‍රිජ් වෙල්ස්
1983 ජුනි 20
Scorecard
ඉන්දියාව 
247 (ඕවර 55.5)
ඉන්දියාව ලකුණු 118 කින් ජය ගත්තේය
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, චෙල්ම්ස්ෆර්ඩ්
1983 ජුනි 20
Scorecard
සිම්බාබ්වේ 
171 (ඕවර 60)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්

පිළිමළුන් පිටුදැකීමේ අදියර

අවසන් පූර්ව වටය

1983 ජුනි 22
scorecard
එංගලන්තය 
213 (ඕවර 60)
 ඉන්දියාව
217/4 (ඕවර 54.4)
ඉන්දියාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්

ජුනි 22 වන දින ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී කාසියේ වාසිය දිනා එංගලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය. ඉන්දීය පන්දු යැවීම හමුවේ එංගලන්තය ලකුණු 213 ක් (ඕවර 60 ක්) ලබා ගැනීමට සමත් වූ විය. ග්‍රේම් ෆෝලර් (පන්දු 59 කදී ලකුණු 33 ක්, හතරේ පහර 3 ක්) ඉහළම ලකුණු රැස් කළ අතර කපිල් දේව් ඕවර එකොළහක දී ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත් අතර මොහින්දර් අමර්නාත් සහ රොජර් බිනි කඩුලු 2 බැගින් ලබා ගත්හ. ඊට පිළිතුරු වශයෙන් යෂ්පාල් ෂර්මා (පන්දු 115 කදී 61 ක්, හතරේ පහර 3 ක්, හයේ පහර 2 ක්) සහ සන්දීප් පටිල් (පන්දු 32 කදී 51 ක්, හතරේ පහර 8 ක්) අර්ධ ශතක ලබා ගත්හ. පෙර තරඟාවලියේ අනුශූරයන්ට එරෙහිව ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. මොහින්දර් අමර්නාත් (පන්දු 92 කදී ලකුණු 46 ක්, හතරේ පහර 4 ක්, හයේ පහර 1 ක්) ඔහුගේ දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ලබා ගත්තේය.[8]

1983 ජුනි 22
scorecard
පකිස්තානය 
184/8 (ඕවර 60)
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8 කින් ජය ගත්තේය
ඕවල්, ලන්ඩන්

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය එදිනම ඕවල් හිදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඔවුන් ලකුණු 184 කට (කඩුලු 8 ක්, ඕවර 60 ක්) සීමාවිය. බටහිර ඉන්දීය කොදෙව් පන්දු යැවීමට එරෙහිව මොහ්සින් ඛාන් (පන්දු 176 කදී ලකුණු 70 ක්, හතරේ පහර 1 ක්) ලබා ගත් අතර මැල්කම් මාෂල් (3/28) සහ ඇන්ඩි රොබට්ස් (2/25) ලෙස පන්දු යැවීමක්ව සටහන් කලේය. බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පදනම වූයේ තරගයේ වීරයා සම්මානය ලබා ගත් විව් රිචර්ඩ්ස් (පන්දු 96 කින් 80 ක්, හතරේ පහර 11 ක්, හයේ පහර 1 ක්) සහ ලැරී ගෝමස් නොදැවී අර්ධ ශතකයක් ලබා ගනිමිනි. (පන්දු 100 ක්, හතරේ පහර 3 ක්), වත්මන් ශූරයන් කඩුලු 2 ක් පමණක් අහිමි කර ගනිමින් ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා විය.[9]

අවසාන තරගය

1983 ජුනි 25
scorecard
ඉන්දියාව 
183 (ඕවර 54.4)
ඉන්දියාව ලකුණු 43 කින් ජය ගත්තේය
ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ලන්ඩන්

අවසන් මහා තරගයේදී කාසියේ වාසිය අහිමි වූ ඉන්දියාවට, පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ඉල්ලා සිටියේය. රොබට්ස්, මාෂල්, ජොයෙල් ගාර්නර් සහ මයිකල් හෝල්ඩින් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වුවත් ක්‍රිෂ්ණමාචාරී ශ්‍රීකාන්ත් (පන්දු 57 න් 38) සහ මොහින්දර් අමර්නාත් (පන්දු 80 න් 26) පමණක් සැලකිය යුතු තරගයක් ලබා දෙන ලදී. ඉනිම අවසන ඉන්දියාවට ලකුණු 183 ක් (ඕවර 54.4) ලබා ගැනීමට හැකි විය. ඉන්දීය පන්දු යැවීම බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 52 කදී ලකුණු 140 කට දැවී යාමට සමත් වූ අතර ලකුණු 43 කින් ජයග්‍රහණය කරමින් ක්‍රිකට් ඉතිහාසයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සටහන් කෙරිණි. එය තවමත් ලෝක කුසලාන අවසන් තරඟයකදී සාර්ථකව ආරක්ෂා කළ අඩුම මුළු එකතුව වේ. අමර්නාත් සහ මදන් ලාල් කඩුලු 3 බැගින් ලබා ගත්හ. විව් රිචර්ඩ්ස් පන්දු 28 කදී ලකුණු 33 ක් රැස් කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා විය. අමරනාත් කඩුලු 3 ක් දවා ගනිමින් ඕවර 7 කදී ලකුණු 12 ක් පමණක් ලබා ගනිමින් වඩාත් සාර්ථකම පන්දු යවන්නා වූ අතර ඔහුගේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.[10] 1983 දී 'තරගාවලියේ වීරයා' සම්මානය පිරිනැමුවේ නැත.

සංඛ්‍යාලේඛන

ඉදිරියෙන් සිටින ලකුණු ලාභීන්
තරගක්‍රීඩකයාකණ්ඩායමලකුණු
7ඩේවිඩ් ගෝවර්  එංගලන්තය384
8විව් රිචඩ්ස්  බටහිර ඉන්දීය කොදෙව්367
7ග්‍රේම් ෆෝලර්  එංගලන්තය360
7සහීර් අබ්බාස්  පකිස්තානය313
8කපිල් දේව්  ඉන්දියාව303
Source: ESPNcricinfo[11]

ඉදිරියෙන්ම සිටින කඩුලු ලාභීන්
තරගක්‍රීඩකයාකණ්ඩායමකඩුලු
8රොජර් බිනි  ඉන්දියාව18
6අශාන්ත ද මෙල්  ශ්‍රී ලංකාව17
8මදන් ලාල්  ඉන්දියාව17
6රිචඩ් හැඩ්ලි  නවසීලන්තය14
7වික් මාර්ක්ස්  එංගලන්තය13
Source: ESPNcricinfo[12]

ඩේවිඩ් ගෝවර් (එංගලන්තය)

යොමුව

බාහිර සබැදි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි