වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව

(Coastal geography වෙතින් යළි-යොමු කරන ලදි)

වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව වනාහි, වෙරළෙහි භෞතික භූගෝල විද්‍යාව (එනම් වෙරළාශ්‍රිත භූ-රූප විද්‍යාව, භූ විද්‍යාව සහ සාගර විද්‍යාව) සහ මානව භූගෝල විද්‍යාව (සමාජ විද්‍යාව සහ ඉතිහාසය) යන ද්වයයම ඇතුළත්ව, සාගරය හා භූමිය අතර ගතික අතුරු-මුහුණත පිළිබඳ අධ්‍යයනය වේ. වෙරළාශ්‍රිත ඛාදන ක්‍රියාවලිය, විශේෂයෙන්ම රළ තරංග ක්‍රියාව, අවසාදිත සංචලනය සහ කාලගුණය පිළිබඳ සහ මානවයන් වෙරළ හා සමගින් අන්තර්ක්‍රියා පවත්වා ගෙන යන්නේ කෙලෙසද යන දේ ගැන අවබෝධයක් ලබා ගැනුම, මෙයට ඇතුලත් වෙයි.

රළ තරංග ක්‍රියාව සහ අනුතීර ප්ලාවිතය

දකුණු ඕස්ට්‍රේලියාවේ කැම්ප්බල් වරාය අධි-ක්‍රියාකාරී වෙරළ තීරයකි.

වෙරළතීරය සංචලනයෙහි හා එය හැඩතල ගැනුමෙහි ප්‍රාථමික හේතුකාරක වන්නේ විවිධවූ ශක්ති ප්‍රමාණයෙන් යුතුවූ රළ තරංග නිරන්තරයෙන් (තොරතෝංචියක් නොමැතිව) වෙරළ තීරය හා ගැටීමයි. මෙම ක්‍රියාවලිය බෙහෙවින් සරල බවක් දැක්වූවද, රළ තරංගයන්හී හා ඒවා ගැටෙන ගල් පර්වතයන්හී විවිධත්වයන් නිසා අතිශයින් විවධාකාර හැඩතල නිර්මාණය වෙයි.

රළ තරංග විසින් ඇති කරන බලපෑම ඒවා‍ සතු ශක්ති ප්‍රමාණය මත රැ‍ඳේ. ප්‍රබල හා විනාශකාරී ලෙසින්ද හැඳින්වෙන රළ තරංග ජනිත වන්නේ අධි-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර, සාමාන්‍යයෙන් ශීත සෘතුයෙහි ඇති වේ. වෙරළෙහි ඇති අවසාදිත නැවත මුහුදු පත්ලට රැගෙන යමින් එහි ප්‍රමාණය අඩු කරන ප්‍රවණතාවයක් ඒවා දක්වයි. සංස්කරණාත්මක, දුබල රළ තරංගයන් සුලබ ලෙස හමුවන්නේ අව-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර ඒවා බොහෝ විට ජනිත වන්නේ ග්‍රීෂ්ම සෘතුව තුලදීය. විනාශකාරී රළ තරංග මගින් සිදු කරන දෙයට ප්‍රතිවිරුද්ධය සිදු කරන මේවා වෙරළ ගැටියට අවසාදිත ගොඩ ගැසීම උපකාරයෙන් වෙරළෙහි ප්‍රමාණය ඉහළ නංවති.

ඉතා වැදගත් පරිවහණ යාන්ත්‍රණයක් නිර්මිත වන්නේ රළ තරංග වර්තනය හේතුවෙනි. රළ තරංග වෙරළෙහි ගැටීම ලම්බකව (සෘජු කෝණාකාර ලෙසින්) සිදුවන්නේ ඉතාමත් විරල ආකාරයට බැවින්, වෙරළ වෙත ජලයෙහි ඉදිරි සංචලනය (රළ පහර) සිදුවන්නේ ඇල කෝණයකිනි. කෙසේවුවද, ජලය ආපසු හැරී යාම (රැල්ල ආපසු යාම) සිදුවන්නේ වෙරළට සෘජු කෝණාකාරව බැවින්, වෙරළෙහි ද්‍රව්‍යය පාර්ශ්විකව චලනය කෙරුමෙහි අවසන් ප්‍රතිඵලයක් නිරික්ෂණය කෙරේ. මෙම සංචලනය හැඳින්වෙන්නේ වෙරළ ප්ලාවනය ලෙසිනි. කෙළවරක් නොමැතිව සිදුවන රළ පහර හා රැල්ල ආපසු යෑම වක්‍රය නිසාවෙන් සිදුවන වෙරළ ප්ලාවනය සියලු වෙරළවල් හී නිරීක්ෂණය කල හැක.

අමතර අවධානයට

  • Beach erosion and accretion
    • Beach evolution
    • Beach nourishment
    • Modern recession of beaches
    • Raised beach
    • Paleoshoreline
    • Strand plain
  • Integrated coastal zone management
    • Coastal management, to prevent coastal erosion and creation of beach
    • Coastal and oceanic landforms
    • Coastal development hazards
    • Coastal erosion
    • Coastal engineering
  • Concepts and Techniques in Modern Geography
      • Hard engineering
      • Soft engineering
    • Coastal morphodynamics
    • Coastal and Estuarine Research Federation (CERF)
    • Human impacts on coasts
    • Sea level rise
    • Natural hazard
  • Erosion
    • Bioerosion
    • Blowhole
    • Natural arch
    • Wave-cut platform
  • Longshore drift
    • Deposition (sediment)
    • Coastal sediment supply
    • Sand dune stabilization
    • Submersion

මූලාශ්‍ර

භාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය