මහා සමුද්‍ර පරිසර පද්ධති

(Large marine ecosystem වෙතින් යළි-යොමු කරන ලදි)

මහා සමුද්‍ර පරිසර පද්ධති යනු ගංමෝය සහ ද්‍රෝණි සහිත වෙරළ බඩ ප්‍රදේශයෙන් ද මහාද්වීපික බෑවුම්වලින් ද වටවී ඇති පිටත සීමා ප්‍රධාන සාගර දියවැල් පද්ධති ද වන ලෝකයේ සාගරවලින් කොටසකි. මේවා සාපේක්ෂ වශයෙන් විශාල කලාප වන අතර වර්ග කිලෝ මීටර් 200 000 හෝ ඊට වඩා විශාල වේ. මෙම පද්ධති විශේෂ අංග ලක්ෂණයන් සහිත වන අතර ඒවා නම් අගාධ මිතිය, ජලගුණ විද්‍යාව, නිෂ්පාදණතාව සහ නිවර්තනීය යැපෙන්නන්ගේ ජනගහණය වේ.

මෙම පද්ධති සංරක්ෂණය කිරී‍මේ අරමුණින් එක්සත් ජනපද සාගර සහ වායුගෝලීය සංවිධාන (NOAA) විසින් එම ප්‍රදේශ සාගරවල සංරක්ෂණය කළ යුතු ‍ප්‍රදේශ ලෙස හඳුන්වාදීමට සංවර්ධනය කර ඇත.

නමුත් මහා සමුද්‍ර පරිසර පද්ධති මගින් ආවරණය වන්නේ මහද්වීපික සීමාවන් පමණක් වන අතර ගැඹුරු සාගර සහ සමුද්‍රියික දූපත් ඒවාට අයත් නොවේ. ලෝකයේ වාර්ෂික මුහුදු මත්ස්‍යය අස්වැන්නේ ජෛව ස්කන්ධයෙන් 95% නිපදවන්නේ මෙම පද්ධති 64 මගිනි. බොහෝ ගෝලීය සාගර දුෂණ වීම්, පමණ ඉක්මවා ප්‍රයෝජන ගැනීම (සූරා කෑම) සහ වෙරළ බඩවාස භූමි වෙනස්වීම පවා මෙම පරිසර පද්ධති වල සිදු වේ.

මෙම සමුද්‍ර පරිසර පද්ධතිවලින් 33 පමණ ජෛවස්කන්ධ අස්වැන්නේ වෙනස්වීම්වලට බලපාන මූලික හේතු NOAA මගින් මෙහෙය වන ලද අධ්‍යයනය නැවත සමාලෝචනය කර වෙළුම් 10 මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත.

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය