නිශා ඡායාරූපකරණය

රාත්‍රී කාලයේ දී බාහිර පරිසරයෙන් ලබා ගන්නා ලද ඡායාරූප හැඳින්වීම සඳහා නිශා ඡායාරූපකරණය යන යෙදුම භාවිත කෙරේ. රාත්‍රී ඡායාරූප ලබා ගන්නා ඡායාරූපකරුවන්හට කෘත්‍රීම ආලෝකය යොදා ගැනීම හෝ ඉතා දිගු අනාවරක කාල භාවිතය සිදු කළ හැකිය. මින් පසුව සඳහන් කළ ක්‍රමයේ දී අන්‍යෝන්‍යතා බිඳ වැටුම නැවත සකස් කිරීම සඳහා සහ ප්‍රමාණවත් තරම් පැහැදිලි ප්‍රතිබිම්භයක් ප්‍රතිග්‍රහණය කිරීම සඳහා සහ ඡායාරූප පටලයට ප්‍රමාණවත් තරම් කාලයක් සැපයීමට අනාවරක කාලය තත්පර ගණනාවක සිට විනාඩි ගණනාවක කාලයක් දක්වා ඉහළ නංවනු ලැබේ. අධි වේගී ඡායාරූප පටලවල වැඩි දියුණුවත්, අධි සංවේදී ඩිජිටල් ඡායාරූප සංවේදක නිෂ්පාදනයත්, පුළුල් විවර කාච භාවිතයත්, නගර ආශ්‍රිතව ආලෝකකරණයේ ඉහළ යෑමත් හේතුවෙන් පවතින ආලෝකය යොදා ගෙන නිශා ඡායාරූපකරණයේ යෙදීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

සිංගප්පූරුවට ඉහළ අහස රාත්‍රීයේදී දිස්වන අයුරු.
රාත්‍රිකාලයේදී ධාවනය වන වාහන වල දැල්වෙන පහන් වලින් විහිදෙන ආලෝකයට නිරාවරණය වීම හේතුවෙන් ඡායාරූපය හරහා ඉරි ඇඳේ.

රාත්‍රී ඡායාරූපකරණයේදී පහත සදහන් තාක්ෂණ ක්‍රම හා උපාංග භාවිතා කෙරේ

·දිගු නිරාවරණ කාලය හේතුවෙන් ත්‍රිපාදයක් වැනි ස්ථායි පද්ධතියක් මත තබා ඡායාරූපය ගැනීම අවශ්‍ය වේ.

·ෂටරය නිදහස් කරන මොහොතේ සිදුවන වේව්ලීම වැළැක්වීම සඳහා ෂටරය නිදහස් කරන කේබලයක් හෝ ස්වයං මුහුර්තකයක් භාවිතා කෙරේ.

·ආලෝකය අඩු විටදී ස්වයංක්‍රීය නාභිගත කිරීම හරිහැටි සිදු නොවන බැවින් නාභිගත කිරීම ශිල්පියා මඟින් සිදුකළ යුතු වේ. නුතන සංඛ්‍යාංක කැමරා මෙය සාර්ථක කරගැනීම සඳහා උපක්‍රම අනුගත කර ඇත.


දිගු නිරාවරණය, කිහිප වරක් ෆ්ලෑෂරය යොදා ඡායාරූප ගැනීමේ තාක්ෂණය

මෙම ‍තාක්ෂණයේදි ජංගම ෆ්ලෑෂරයක් මඟින් ගොඩනැගිල්ලක විවිධ කොටස් හෝ ඇතුලත කොටස් දිගු කාලයක් නිරාවරණය කර තබයි.


දිගු නිරාවරණය යනු,වැඩි ආලෝක ප්‍රමාණයක් කැමරාව තුළට ඇතුල් විම සඳහා දිගු කාලයක් ෂටරය විවෘතව තැබීමයි. මෙමඟින් ඡායාරූපය ලා පැහැ වන අතර රාත්‍රී ඡායාරූප සහ අඳුරු ඡායාරූප සඳහා මෙය සුදුසු වේ.


වස්තුව විවිධාකාර දීප්තීන්ගෙන් දැකගැනීම සඳහා ඡායාරූපය ගන්නා විට ෆ්ලෑෂරය ඉදිරිපස වර්ණවත් ජේල් යොදා ගනු ලැබේ. මෙසේ නිරාවරණය කොට තිබියදී විවිධ ජේල් වර්ණ යොදාගෙන ෆ්ලෑෂරය කිහිප වරක් ක්‍රියාත්මක කිරීම සුලභ තත්ත්වයකි. මෙමඟින් අවසාන ප්‍රතිබිම්භයේ හොඳ වර්ණ සංකලනයක් ලබාගත හැකිය. මෙය සාර්ථකව සිදු කිරීම සඳහා ඡායාරූප ශිල්පියා සතුව විශේෂ දක්ෂතාවයක් සහ හොඳ නිර්මාණාත්මක හැකියාවක් තිබීම අවශ්‍ය වේ. මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් විවිධ කොටස් විවිධ පැහැයන්ගෙන් පෙන්වීමේ හැකියාවද ඡායාරූප ශිල්පියාට ලැබේ.

උදහරණ

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය