|
|
|
තනතුර දරමින් ජනවාරි 3, 1987 – අගෝස්තු 25, 2018 |
පූර්වප්‍රාප්තිකයා | බැරී ගෝල්ඩ්වෝටර් |
---|
අනුප්‍රාප්තිකයා | හිස්ව පවතියි |
---|
|
තනතුර දරමින් ජනවාරි 3, 2015 – අගෝස්තු 25, 2018 |
පූර්වප්‍රාප්තිකයා | කාල් ලෙවින් |
---|
අනුප්‍රාප්තිකයා | හිස්ව පවතියි |
---|
|
තනතුර දරමින් ජනවාරි 3, 2005 – ජනවාරි 3, 2007 |
පූර්වප්‍රාප්තිකයා | බෙන් නයිට්හෝර්ස් කැම්බ්ල් |
---|
අනුප්‍රාප්තිකයා | බයිරන් ඩෝගන් |
---|
තනතුර දරමින් ජනවාරි 3, 1995 – ජනවාරි 3, 1997 |
පූර්වප්‍රාප්තිකයා | ඩැනියෙල් ඉනෝවේ |
---|
අනුප්‍රාප්තිකයා | බෙන් නයිට්හෝර්ස් කැම්බ්ල් |
---|
|
තනතුර දරමින් ජනවාරි 3, 2003 – ජනවාරි 3, 2005 |
පූර්වප්‍රාප්තිකයා | ෆ්රිට්ස් හෝලිංස් |
---|
අනුප්‍රාප්තිකයා | ටෙඩ් ස්ටීවන්ස් |
---|
තනතුර දරමින් ජනවාරි 20, 2001 – ජූනි 3, 2001 |
පූර්වප්‍රාප්තිකයා | ෆ්රිට්ස් හෝලිංස් |
---|
අනුප්‍රාප්තිකයා | ෆ්රිට්ස් හෝලිංස් |
---|
තනතුර දරමින් ජනවාරි 3, 1997 – ජනවාරි 3, 2001 |
පූර්වප්‍රාප්තිකයා | ලැරී ප්‍රෙස්ලර් |
---|
අනුප්‍රාප්තිකයා | ෆ්රිට්ස් හෝලිංස් |
---|
|
තනතුර දරමින් ජනවාරි 3, 1983 – ජනවාරි 3, 1987 |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් ජෙකබ් රෝඩ්ස් |
---|
අනුප්‍රාප්තිකයා | ජෝන් ජේකබ් රෝඩ්ස් III |
---|
|
|
උපත | ජෝන් සිඩ්නි මැකේන් III අගෝස්තු 29, 1936(1936-08-29) කොකො සෝලො, පැනමා කැනෑල් සෝන්, එ.ජ. |
---|
විපත | August 25, 2018(2018-08-25) (වයස 81) කෝන්විල්, ඇරිසෝනා, එ.ජ. |
---|
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් |
---|
කලත්‍රයා | කැරල් ෂෙප් ( m. 1965; දික්කසාද ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය) සින්ඩි හෙන්ස්ලි
( m. after 1980)
|
---|
දරුවන් | 7, මේගන් ඇතුළුව |
---|
දෙමව්පිය | - ජෝන් එස්. මැකේන් කණි. (පියා)
- රොබර්ටා රයිට් (mother)
|
---|
ඥාතීන් | ජෝ මැකේන් (සොහොයුරා) |
---|
අධ්‍යාපනය | එක්සත් ජනපද නාවික ඇකඩමිය (බීඑස්) |
---|
වෙබ් අඩවිය | සෙනෙට් වෙබ් අඩවිය |
---|
|
Allegiance | |
---|
ඛණ්ඩය/සේවය | එක්සත් ජනපද නාවික හමුදාව |
---|
සේවා කාල සීමාව | 1958–1981 |
---|
නිලය | කපිතාන් |
---|
සටන්/යුද්ධ | වියට්නාම් යුද්ධය (යුද්ධ සිරකරු) |
---|
Awards | - සිල්වර් ස්ටාර්
- බ්‍රොන්ස් ස්ටාර් පදක්කම (3) කොම්බැට් "වී" සමගින්
- පර්පල් හාට්
- ලීජන් ඔෆ් මෙරිට් (2) කොම්බැට් "වී" සමගින්
- ඩිස්ටින්ග්විෂ්ඩ් ෆ්ලයිං ක්‍රොස්
- නාවික සහ සාමුද්‍රික හමුදා ප්‍රශංසා පදක්කම (2) කොම්බැට් "වී" සමගින්
- වෙනත්
|
---|
|
ජෝන් මැකේන් ඇමරිකා එක්සත් ජනපදයෙහි 2008 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කළේය.මෙය ජෝන් මැකේන්ජාත්‍යන්තරව වඩාත් ජනප්‍රියත්වයට පත්වු අවස්ථාවක් වු අතර 2008.11.4 පැවති ජනාධිපතිවරණයෙන් බැරැක් ඔබාමා ජයග්‍රහණය කළේය.එමෙන්ම ඔහු ඇරිසෝනා ප්‍රාන්ත්ය නියෝජනය කරමින් ජේයෂ්ඨ සෙනට් සභිකයෙක් ලෙස කටයුතු කළේය. ජෝන් සිඩ්නි මැකේන් නම් වු ඔහු 1936 අගෝස්තු 29 වන දින උපත් ලැබීය.
ඔහුගේ පියා මෙන්ම සීයාද නාවික හමුදාවේ අද්මිරාල් පදවි හෙබවුවන් වු අතර ජෝන් මැකේන් එම ආභාෂය අනුව යමින් නාවික හමුදාවට එක් විය.ඔහු 1958 ඇමරිකානු නාවික ඇකඩමිය මගින් ස්වකීය උපාධිය ලබා ගත්තේය.ඔහු වියට්නාම යුධ සමයේදී ඊට සහභාගි වීමෙන් අවස්ථා කීපයකදීම බර පතල ලෙස තුවාල ලැබූ අතර සිරකරුවෙක්වශයෙන්ද 1973 හිදී යුද්ධය අවසාන වන තෙක් සිටීමට සිදු විය.යුද්ධයේදී සිදුවු තුවාල වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවිත කාලය පුරාවටම ඇතැම් කායික ආබාධයන්ගෙන් පෙලීමට සිදු වූයේය. 1981 දී ඔහු කපිතාන් වරයෙකු ලෙස නාවික හමුදාවෙන් විශ්‍රාම ගත්තේය.නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමත් සමගම මැකේන් දේශපාලන කටයුතු ඇරබීම සඳහා ඇරිසෝනා ප්‍රාන්තයට සංක්‍රමණය විය.
ඔහු 1982 දී එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයට තේරී පත් විය.මේ යටතේ වසර 2 ක් පමණ සේවය කල ජෝන් මැකේන් 1986 දී එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයට තේරී පත් විය.ඔහු තරමක් විප්ලවකාරී චරිතයක් වු අතර පක්ෂයේ තීරණයන්ට යම් යම් අවස්ථාවන්හිදි පටහැනිව ප්‍රකාශයන් නිකුත් කරන හා විවේචනය කරන දේශපාලනඥයකු ලෙසද ප්‍රකටව සිටියේය.ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් වීම ජෝන් මැකේන් මහතාගේ දේශපාල්න ගමන් මගෙහි වැදගත් සංදිස්ථානයක් විය.
ජෝන් මැකේන් මහතා 1936 අගෝස්තු 29 වන දින පැනමා ඇල ප්‍රදේශයේ කොකො සොලෝ නාවික ගුවන් මධ්‍යස්ථානයෙහි උපත ලැබීය.ඇමරිකානු ජාතිකයෙකු වු මොහුගේ පළමු විවාහයෙහි බිරිඳ වුයේ කැරොලින් ෂොප්ය. එම විවාහය අසාර්ථක වී ඔවුන් දෙදෙනා දික්කසාද විය.ජෝන් මැකේන් 1980 දී සින්ඩි හෙල්සින් සමග විවාහ වු අතර ඔහුගේ දරුවන් ලෙස ඩග්ලස්,ඇන්ඩෘ,සිඩ්නි,මෙගන්,ජෝන් සිඩ්නි,ජේමිස්,බිරිසප්ට් හැඳින්විය හැකිය. යුධ සේවය සහ දේශපාලන ජීවිතයට අමතරව ගත් කල ජෝන් මැකේන් ලේඛකයෙකුද වු අතර ඔහු ග්‍රන්ථ ගණනාවක් රචනා කොට තිබේ.
වසර 81 වයසැතිව සිටියදී, ඔහුගේ 82වන උපන්දිනයට දින සතරක් පමණක් තිබියදී ඔහු මිය ගියේය.
මරණය
ඔහුගේ පිළිකාව සඳහා ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබා නොගැනීමට තීරණය කල බවට මැකේන්ගේ පවුල විසින් 2018 අගෝස්තු 24 දිනදී ප්‍රකාශයට පත් කෙරිණි. [1] ඊළඟ දිනයෙහි මවුන්ටන් සම්මත වේලාවෙන් ප.ව 4:28 ට (23:28 යූටීසී), ඔහුගේ බිරිඳ සහ පවුල ඔහු පසෙකින් සිටියදී කෝන්විල්, ඇරිසෝනා හී ඔහුගේ නිවසෙහිදී ඔහු මිය ගියේය. [2][3][4][5]
ඔහුගේ අසුන සඳහා 2020 මැතිවරණයෙහිදී සෙනෙට් සභිකයෙකු තෝරා පත් කරගනු ලබන තෙත්, ඇරිසෝනා ආණ්ඩුකාර ඩග් ඩූසී විසින් ඔහුගේ අන්තරවාර ආදේශකයා පත් කරනු ලබනු ඇත.[6]