එන්එච්කේ

ජපානයේ ජාතික රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය

එන්එච්කේ (ජපන්: 日本放送協会, Hepburn: Nippon Hōsō Kyōkai, නිල ඉංග්‍රීසි නාමය : Japan Broadcasting Corporation) යනු ජපානයේ ජාතික රූපවාහිනී ගුවන්විදුලි විකාශන ආයතනයයි. එය ප්‍රේක්ෂකයින් අතර එහි ඉංග්‍රීසි මුලකුරු වලින් ප්‍රචලිත වී ඇත. එන්එච්කේ ආයතනය ජපාන රූපවාහිනී ප්‍රේක්ෂකයින් විසින් මිලදී ගත යුතු රූපවාහිනී බලපත්‍ර මගින් ප්‍රධාන වශයෙන් සිය ආදායම උපයා ගනී.

ජපන් විකාශන නීතිගත සංස්ථාව
නිපොන් (නිහොන්) හෞසෞ කෞකායි
日本放送協会
වර්ගයරූපවාහිනී ගුවන්විදුලි විකාශක
රටජපානය
අාවර්ණයදීපව්‍යාප්ත සහ ලෝකව්‍යාප්ත
ආරම්භය1924 නොවැම්බර් 29 දින ටෝකියෝ බ්‍රෝඩ්කාස්ටින් ස්ටේෂන් ලෙස ස්ථාපිත කරන ලදී.
1926 අගෝස්තු 6 දින ජැපෑන් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සමග අනුබද්ධ කරන ලදී.
තේමා පාඨයまっすぐ、真剣。 ("Straightforward, earnest")[1]
ප්‍රදේශයශිබුයා, ටෝකියෝ
හිමිකරුරූපවාහිනී ගුවන්විදුලි පනතකට යටත් ජපාන රජයේ මූල්‍යමය දායකත්වය යටතේ ඇති ස්වාධීන සංස්ථාවකි.
දියත් කල දිනය
1925 මාර්තු (ගුවන්විදුලිය)
1950 නොවැම්බර් (1953 පෙබරවාරි) (රූපවාහිනිය)
පැරණි නාමයන්
Tokyo/Osaka/Nagoya Broadcasting Station (1925-26)
Callsign meaning
Nippon Hōsō Kyōkai
නිල වෙබ් අඩවිය
nhk.or.jp
ටෝකියෝ නුවර එන්එච්කේ මූලස්ථානය
එන්එච්කේ කෞතුකාගාරය
ඔසාකා නුවර එන්එච්කේ ගොඩනැගිල්ල

එන්එච්කේ ජාලය සතුව භෞමික රූපවාහිනී නාලිකා දෙකක්, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා දෙකක් සහ ගුවන්විදුලි නාලිකා තුනක් ඇත. එන්එච්කේ ජෙනරල් ටීවී සහ එන්එච්කේ එඩියුකේෂනල් ටීවී එය සතු භෞමික රූපවාහිනී නාලිකා වේ. එන්එච්කේ රේඩියෝ 1, එන්එච්කේ රේඩියෝ 2 සහ එන්එච්කේ එෆ්එම් විකාශය එන්එච්කේ සතු ගුවන්විදුලි සේවා වේ. එන්එච්කේ බීඑස්-1 සහ බීඑස් ප්‍රිමියම් චන්ද්‍රිකා තාක්ෂණයෙන් විකාශය කෙරෙන ඉහල අර්ථ රූපවාහිනී නාලිකා දෙකකි. එමෙන්ම එන්එච්කේ ජාලය විසින් එන්එච්කේ වර්ල්ඩ් නමින් ජාත්‍යන්තර විකාශයක් ද සිදුකරනු ලබයි. ඊට එන්එච්කේ වර්ල්ඩ් ටීවී සහ එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් යන රූපවාහිනී නාලිකාද, එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජැපෑන් කෙටි තරංග ගුවන්විදුලි නාලිකාවද ඇතුලත්ය. එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජැපෑන් ගුවන්විදුලි වැඩසටහන් අන්තර්ජාලයෙන්ද ලබාගත හැක.

සංවිධානය

එන්එච්කේ යනු ජපාන විකාශන පනත යටතේ පිහිටුවා ඇති ස්වාධීන සංස්ථාවකි. එය ප්‍රේක්ෂකයින්ගේ රූපවාහිනී බලපත්‍ර හරහා මූල්‍යමය දායකත්වය ලබාගනී. එන්එච්කේ ජාත්‍යන්තර සේවය වන එන්එච්කේ වර්ල්ඩ් සේවය ජපාන රජයේ මූල්‍යමය ආධාර මත පවත්වාගෙන යයි. එන්එච්කේ සඳහා වන වාර්ෂික අය-වැය ජපානයේ ඩයට් සභාව විසින් පරීක්ෂාකොට අනුමත කරනු ලබන්නකි. එන්එච්කේ සඳහා වගකියනු ලබන 12 දෙනෙකුගෙන් යුතු ආණ්ඩුකාර මණ්ඩලය පත්කරනු ලබන්නේද ඩයට් සභාව විසිනි. එන්එච්කේ හි විධායක සභාව විසින් එන්එච්කේ හි විවිධ ක්ෂේත්‍ර අධීක්ෂණය කරනු ලබයි. ඊට සභාපතිවරයෙක්, උපසභාපතිවරයෙක් සහ කළමනාකාර අධ්‍යක්ෂකවරුන් 7ත් 10ත් අතර ප්‍රමාණයක් සිටී. ඔවුන් විසින් එන්එච්කේ ආණ්ඩුකාර මණ්ඩලයට වගකිව යුතුය.

වැඩසටහන්

ප්‍රවෘත්ති

එන්එච්කේ ප්‍රාදේශීය, ජාතික, හා ලෝක පුවත් වාර්තා ඉදිරිපත් කරයි. දිනපතා තොරතුරු සංක්ෂිප්තව ගෙන එන එන්එච්කේ නිව්ස් 7, එන්එච්කේ ජෙනරල් ටීවී සහ එන්එච්කේ වර්ල්ඩ් හරහා ජපන් හා ඉංග්‍රීසි ශ්‍රව්‍ය මාවත්වල විකාශනය කරයි. ප්‍රමුඛතම පුවත් වැඩසටහනක් වන නිව්ස් 9 ද ද්විභාෂා වන අතර එන්එච්කේ ජනරාල් රූපවාහිනී සහ එන්එච්කේ ජාත්‍යන්තර නාලිකා ඔස්සේ විකාශය වේ. ලෝක පුවත් එන්එච්කේ බීඑස් 1 ඔස්සේ විකාශනය වේ. එන්එච්කේ බීඑස් 1 සජීවී ක්‍රීඩා ඉසව් තුළ හැර සෑම පැයකම 50වෙනි විනාඩියේදී ප්‍රවෘත්ති විකාශය කරයි.

එන්එච්කේ නාලිකාව ශ්‍රව්‍යාබාදිතයින් සඳහා ප්‍රවෘත්ති, කලාපීය පුවත් හා ළමා පුවත් ඉදිරිපත් කරයි. නිව්ස්ලයින් යනු එන්එච්කේ වර්ල්ඩ් රූපවාහිනියේ විදේශ ප්‍රේක්ෂකයන්ට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන වැඩසටහනයි.

ඊ. එස්. ක්‍රවුස් සිය Broadcasting politics in Japan : NHK and television news කෘතිය තුලින් පෙන්වා දෙන්නේ 1960 සහ 1970 දශකවලදී එන්එච්කේ ප්‍රවෘත්ති විවේචනය කල භාහිර විවේචකයන්, එන්එච්කේ හි රජය විවේචනයට පැකිලීම සහ පොදු අවස්ථා විකාශය කිරීමේ ඒකාධිකාරයක් පවත්වාගෙන යෑම විවේචනය කල බවයි. ක්‍රවුස් තවදුරටත් කියා සිටින්නේ 1980 හා '90 දශකවලදී මෙය තරමක් වෙනස් වූ බවයි.

2011 ෆුකුෂිමා න්‍යෂ්ටික ආපදාව අවස්ථාවේ හා ඉන්පසුව එන්එච්කේ නාලිකාව විසින් ඒ සම්බන්ධව සිදුකල වැඩසටහන් විවේචනයට ලක්විය.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=එන්එච්කේ&oldid=352436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි