එස්ටෝනියාව
එස්ටෝනියාව (i/ɛˈstoʊniə/;[11][12] එස්ටෝනියානු: [Eesti] Error: {{Lang}}: text has italic markup (help) [ˈeːsti])නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ එස්ටෝනියා සමූහාණ්ඩුව (එස්ටෝනියානු: [Eesti Vabariik] Error: {{Lang}}: text has italic markup (help))නමිනි. මෙය උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ පිහිටි රටකි[13]. එහි දේශසීමා වන්නේඋතුරින් ෆින්ලන්ත මුහුදු බොක්ක (Gulf of Finland)ත්, බටහිරින් බෝල්ටික් මුහුදත්, දකුණින් ලැට්වියාවත්, නැගෙනහිරින් පීපස් විල (Lake Peipus) සහ රුසියාවත් වෙයි. එස්ටෝනියාව සහ ලැට්වියාව අතර දේශසීමාවෙහි දිග 343 km වන අතර එස්ටෝනියාව සහ රුසියාව අතර දේශසීමාව දිගින් 338.6 km ක් වේ[14]. බෝල්ටික් මුහුදට එපිටින්, ස්වීඩනය බටහිර දෙසින් ද, උතුරින් ෆින්ලන්තය ද පිහිටා ඇත. එස්ටෝනියානු භූමි ප්‍රදේශය, ප්‍රධාන භූමියට අමතරව බෝල්ටික් මුහුදේ පිහිටා ඇති දූපත් 2222කින් සමන්විත වෙයි[15]. එහි සමස්ථ වර්ගඵලය 45,339 km2 (17,505 sq mi) වෙයි. එස්ටෝනියාවේ තෙත් මහාද්වීපික දේශගුණයක් පවතී.
එස්ටෝනියා ජනරජය Eesti Vabariik (එස්තෝනියානු) | |
---|---|
ජාතික ගීය:
| |
Location of එස්ටෝනියාව (තද කොළ) – in යුරෝපය (කොළ & තද අළු) | |
අගනුවර සහ විශාලතම නගරය | ටලින්a |
නිල භාෂා(ව) | එස්ටෝනියන්b |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් |
|
ජනවාර්ගික කණ්ඩායම් (2016[1]) |
|
ජාති නාම(ය) | Estonian |
රජය | පාර්ලිමේන්තුමය ජනරජය |
• ජනාධිපති | en:Kersti Kaljulaidd |
• අගමැති | en:Jüri Ratas |
ව්‍යවස්ථාදායකය | Riigikogu |
ස්වාධින | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 45,339[2] km2 (17,505 sq mi) (132nde) |
• ජලය (%) | 4.45% |
ජනගහණය | |
• 2016 ඇස්තමේන්තුව | 1,315,944[3] (154වැනි) |
• 2011 ජන සංගණනය | 1,294,455[4] |
• ඝණත්වය | 28/km2 (72.5/sq mi) (188වැනි) |
දදේනි (ක්‍රශසා) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $38.754 බිලියන[5] |
• ඒක පුද්ගල | $29,543[5] (42වැනි) |
දදේනි (නාමික) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $23.847 බිලියන[5] |
• ඒක පුද්ගල | $18,180[5] (41වැනි) |
ගිනි (2013) | 32.9[6] මධ්‍යම |
මාසද (2014) | 0.861[7] ඉතා ඉහළ · 30වැනි |
ව්‍යවහාර මුදල | යුරෝ (€) (EUR) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +372 |
අන්තර්ජාල TLD | .eef |
|
ක්‍රි.පූ. 6,500 ට පමණ පෙර සිටම එස්ටෝනියානු භූමියේ පදිංචිකරුවන් සිට ඇත. නූතන එස්ටෝනියානු භාෂාවේ ආදි නෑයින් වන ෆිනො-යූග්‍රික් (Finno-Ugric) බස කතා කල මිනිසුන් එස්ටෝනියාවට පැමිණියේ ක්‍රි.පූ. 1800 ට පමණ පෙරාතුවය.[16][17] අනුක්‍රමිකව ශතවර්ෂ ගණනාවක් තිස්සේ ටියුටෝනික, ඩෙන්මාර්ක, ස්වීඩන් සහ රුසියානු පාලනයට යටත්ව සිටි එස්ටෝනියානුවන් තුළ ජාතික පිබිදීමක් ඇතිවීම නිසා පළමු ලෝක යුද්ධය අවසාන වන විට රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස හිමි කර ගැනීමට එස්ටෝනියාව සමත් විය. දෙවන ලෝක යුධ සමයේ (1940) දී සෝවියට් සංගමය විසින් එස්ටෝනියාව අත්පත් කර ගන්නා ලදී. ඊට වසරකට පසු නාසි ජර්මනිය විසින් ද, නැවතත් 1944 දී සෝවියට්වරු විසින් ද එස්ටෝනියාව අත්පත් කර ගන්නා ලදී. එතැන් පටන් එය හැඳින්වුණේ එස්ටෝනියන් සෝවියට් සමාජවාදී ජනරජය (Estonian Soviet Socialist Republic) ලෙසටයි. 1988 ගායන විප්ලවය (Singing Revolution) සමයේ දී නීතිවිරෝධී සෝවියට් පාලනයට විරෝධය පළකරමින් එස්ටෝනියන් SSR විසින් එස්ටෝනියානු ස්වෛරීත්වය පිලිබඳ නිත්‍යානුකුල අයිතිය ඉල්ලා සිටින ලදී.[18] 1991 සෝවියට් කුමන්ත්‍රණ ප්‍රයත්නය මධ්‍යයේම, 1991 අගෝස්තු 20 දින රාත්‍රියේ දී එස්ටෝනියාවේ ස්වාධීනත්වය යළි ස්ථාපනය කරන ලදී.
නූතන එස්ටෝනියාව පාර්ලිමේන්තුමය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. එය ප්‍රාන්ත 15කින් සමන්විත වෙයි. එස්ටෝනියාවේ අගනුවර මෙන්ම විශාලම නගරය වන්නේ ටලින් (Tallinn) ය. මිලියන 1.3 ක ජනගහණයක් සහිත එස්ටෝනියාව, යුරෝපා සංගමයේ, Eurozone හි, NATO හි, OECD හි සහ Schengen ප්‍රදේශයේ අවම ජනගහණයක් රටවල් අතුරින් එකක් වෙයි.
එස්ටෝනියාව සංවර්ධිත රටකි. එහි ඉහළ දේශීය ආදායම් අගයක් පවතින අතර එය EU හි වැඩිම වේගයකින් වර්ධනය වන අගයන් අතර පවතී. එස්ටෝනියාවේ මානව සංවර්ධන දර්ශකය ඉතා ඉහළ අගයක් ගනී. ආර්ථික නිදහස, ප්‍රජා ස්වාධීනත්වය, අධ්‍යාපනය හා මාධ්‍ය නිදහස උදෙසා වාසිදායක ප්‍රතිපත්තීන් එස්ටෝනියාවේ ක්‍රියාත්මක වෙයි.[19] [20]