ඔසාමා බින් ලාඩන්

ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන්[7] (1957 මාර්තු 10[8] – 2011 මැයි 2[9]) යනු අල්-කයිඩා නම් සර්ව-ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නිර්මාතෲ ය. අල්-කයිඩා සංවිධානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO), යුරෝපා සංගමය සහ රටවල් ගණනාවක් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත. බින් ලාඩන් ගේ නායකත්වය යටතේ අල්-කයිඩා විසින් එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 ප්‍රහාර ඇතුළුව ලොව පුරා ප්‍රහාර ගණනාවක් සිදු කරන ලදී.[10][11]

أسا‌مة بن لا‌د‌ن
බින් ලාඩන් ආ. 1997–98
අල්-කයිඩා හි පළමු එමීර්
තනතුර දරමින්
1988 අගෝස්තු 11 – 2011 මැයි 2
අනුප්‍රාප්තිකයාඅයිමන් අල් සවාහිරි
පුද්ගලික තොරතුරු
උපත
ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩින්[1]

මාර්තු 10, 1957(1957-03-10)
රියාද්, සවුදි අරාබිය
විපතMay 2, 2011(2011-05-02) (වයස 54)
ඇබොටාබෑඩ්, පාකිස්ථානය
Cause of deathවෙඩි තැබීමකින් ඇතිවූ තුවාලය
Citizenshipසවුදි අරාබියානු (1957–1994)
Height1.95 m (6 ft 5 in)[6]
කලත්‍රයානජ්වා ඝානෙම් (වි. 1974; sep. 2001)
ඛදීජා ෂෙරිෆ් (වි. 1983; දි. 1990)
කයිරියාහ් සබර් (වි. 1985)
සිහාම් සබර් (වි. 1987)
අමාල් අහ්මඩ් අල්-සදාහ් (වි. 2000)
දරුවන්20–26;
දෙමව්පිය(s)මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන්
හමීදා අල්-අතාස්
ඥාතීන්බින් ලාඩන් පවුල
ආගමඉස්ලාම් (වහාබ්වාදය/සලාෆිවාදය)[2][3][4][5]
හමුදා සේවය
Allegiance Maktab al-Khidamat (1984–1988)
අල්-කයිඩා (1988–2011)
සේවා කාල සීමාව1984–2011
නිලයඅල්-කයිඩා හි ජෙනරාල් ඒමීර්
සටන්/යුද්ධඇෆ්ගන් සෝවියට් යුද්ධය
  • ජාජි සටන

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය

  • ඇෆ්ගන් යුද්ධය
    • ටෝරා බෝරා සටන
  • කයිබර් පඛ්තුන්ක්වා කැරැල්ල
  • ඔපරේෂන් නෙප්චූන් ස්පියර්  

බින් ලාඩන් පවුල ලෙස හැඳින්වෙන ධනවත් පවුලක උපත ලැබූ ඔහු 1994 තෙක් සෞදි අරාබියානු පුරවැසියෙකු විය.[12] බින් ලාඩන්ගේ පියා වූ මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන් යනු යේමනයේ මිලියනපති ව්‍යාපාරිකයෙකු සහ සෞදි බින්ලාඩින් නම් ඉදිකිරීම් ආයතනයේ නිර්මාතෲ ද විය. ආලියා ඝනෙම් නම් ඔහුගේ මව සිරියාවේ මධ්‍යම පාන්තික පවුලක කාන්තාවක් විය. සවුදි අරාබියේ ඉපදුනු බින් ලාඩන් 1979 තෙක් රටේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ අතර, ඉන්පසු ඔහු ඇෆ්ගනිස්ථානයේ සෝවියට්වරුන්ට එරෙහිව යුද්ධ කරමින් සිටි මුජහයිදීන් හමුදාවට බැඳුනේය. ඔහු අරාබියේ සිට ඇෆ්ගනිස්ථානයට අවි ආයුධ, මුදල් සහ සටන්කරුවන් ගෙන්වා මුජහයිදීන් හමුදාව ශක්තිමත් කළේය. 1988 දී ඔහු අල්-කයිඩා සංවිධානය බිහි කළේය. 1992 දී ඔහුව සවුදි අරාබියෙන් නෙරපන ලද අතර ඔහු තම මූලස්ථානය සුඩානයට මාරු කළේය. එහෙත් 1996 දී එක්සත් ජනපදයේ පීඩනය මත ඔවුන්ට සුඩානයෙන් ද ඉවත් වීමට සිදු වුනි. ඇෆ්ගනිස්ථානයේ නව මූලස්ථානයක් පිහිටුවා ගත් පසු ඔහු, බෝම්බ ප්‍රහාර සහ තවත් ප්‍රහාර මාලාවක්ම දියත් කරමින් එක්සත් ජනපදය ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේ ය.[13] 1998 එක්සත් ජනපද තානාපති කාර්යාල බෝම්බ ප්‍රහාර වලින් පසුව ඔහු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ වඩාත්ම අවශ්‍ය කරන (Most Wanted) ත්‍රස්තවාදීන් දස දෙනාගේ ලැයිස්තුවේ ඇතුලත් විය.[14]

සැප්තැම්බර් 11 ප්‍රහාර වල මහ මොළකරු ලෙස බින් ලාඩන් සැළකේ. සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් එක්සත් ජනපදයෙහි 3,000 ක් පමණ ජනයා මරණයට පත් වූ අතර, ජනපති ජෝර්ජ් බුෂ් ගේ අණ යටතේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" සහ ඇෆ්ගනිස්ථාන යුද්ධය ආරම්භ වීමට හේතු විය. මෙයින් පසු ඔහුව අල්ලා ගැනීම සඳහා දශකයක් තිස්සේ ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක "මිනිස්-දඩයමක්" ද විය. 2001 සිට 2011 දක්වා බින් ලාඩන් එක්සත් ජනපදයෙහි ප්‍රධාන ඉලක්කයක් වූ අතර, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ඔහු ගැන තොරතුරක් වෙනුවෙන් එ.ජ.ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් පිරිනමන බව සඳහන් කළේය.[15] 2011 මැයි 2 වැනිදා, පාකිස්ථානයේ ඇබොටාබෑඩ් හි පුද්ගලික නේවාසික සංකීර්ණයකදී, එක්සත් ජනපද නාවික හමුදා සීල් කණ්ඩායමක් විසින් ඔසාමා බින් ලාඩන් වෙඩි තබා ඝාතනයට ලක් විය.[16] මෙම රහසිගත මෙහෙයුම එක්සත් ජනපද නාවික විශේෂ යුද්ධ සංවර්ධන කණ්ඩායම (6 වැනි සීල් කණ්ඩායම) සහ මධ්‍යම බුද්ධි ඒජන්සියේ SAD/SOG මෙහෙයුම්කරුවන් විසින් ජනපති බැරැක් ඔබාමා ගේ නියෝග යටතේ සිදු කර ඇත.[17]

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඔසාමා_බින්_ලාඩන්&oldid=491878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි