කාලිදාස (කවියා)

කාලිදාස (Sanskrit: कालिदास) යනු සංස්කෘත Classical Sanskrit කවියෙකි සංස්කෟත මහා කවියකු ලෙස පිළිගැනෙයි.ඔසුගේ කවි හා නාට්‍යයන් හින්දු පුරාණයන් හා සම්භන්ධය.

කාලිදාස මේඝ දූතය ලියමින්

කාලිදාස හිමාලය අසල කාලිංඝ දේශයේ හෝ උජ්ජේනියේ විසූ බව පැවසේ.නමුත් ඇතැම් උගතුන්ට අනුව නම් මහා කවි කාලිදාසයන්ගේ උපන්බිම කාෂ්මීරයයි.ඇතැම් තෙිහාසික මූලාශ්‍රයන්ට අනුව කාලිදාසයන් භාරතයේ අධිරජ්‍යෙයකු වූ වික්‍රමාධිත්‍ය නම් රජුගේ රජ සභාවේ සේවය කළ කවියෙකි.මෙම රජු පළමුවන සියවසයේ උඡ්ජේනියේ රජකම්කළ රජෙකි.බොහෝ දෙනකු විශ්වාස කරන්නේ දෙවන වන්ද්‍රගුප්ත(ක්‍රිːව 380−ක්‍රිːව 430)රජු ගේ කාලයේ විසූ බවයි.ක්‍රිස්තු වර්ෂ 6වන සියවසය තුල කාලිදාසයන් විසූ බව ඩොහෝ උගත්හු විස්වාස කරති.කාලිදාස යනු එක් පුද්ගලයකු නොව මෙනමින් කවීන් කිහිප දෙනකු සිටිබව විශ්වාස කරයි.ප්‍රකට සංස්කෘත නාටයයක්වූ ශාකුන්තලය.රගුවංශය කුමාරසම්භව යන කාව්‍යයන් හා ප්‍රථම සංදේශ කාව්‍ය වූ මේඝ දූතය කලිදායයන් අතින් ලියැවිණි.සංස්කෘත සාහිත්‍යයට විශාල සේවයක් සිදුකල කවියකු ලෙස කාලිදාසයන් හදුන්වයි.ශ්‍රී ලංකාවේ රජතල කුමාරදාස නම් රජුගේ ඉතා හිතවත් මිතුරකු ලෙස ලංකාවේ වාසය කලබව ජනප්‍රවාද වල දැක්වේ.මෙම කාලයේ කලිදාස ප්‍රමුක සංස්කෘත මහා කවීන් දාසය දෙනකු කුමාරදාස රජුගේ රජසභාවේ සිටිබව පැවසේ.

කාලිදාසයන්ගේ මරණය සිදු වූ අයුරු ජනප්‍රවාදවල දැක්වෙන්නේ මෙසේය.කාලිදාස කවියාත් තුමාරදාස රජුත් එකිනෙකාට රහසේ නගරයේ සිටි එක් පුර ස්ත්‍රියක් සේවනය කළහ.තම කළ්‍යාණ මිත්‍රයා ද තමාට රහසේ ඔහු ඇසුරු කරන පුර ස්ත්‍රිය කරා යනබව චර පුරුෂයන්ගෙන් දැන මෙය අතටම අල්ලාගත යුතුය තීරණය කළ රජු මෙම පුර ස්ත්‍රියගේ යහන් ගබඩාව අසළ බිත්තියේ කවිපද දෙකක් ලියා ඉතිරි කවිපද දෙක සම්පූර්ණ කරන අයතුට ඇතෙක් බරට වස්තුව හා ගම්වරයක් තෑගි දෙනබව ලිවීය.මෙම ඉතිරි පද දෙක සම්පූර්ණ කරන්නට විවිධ පුද්ගලයන් වෙහෙසුනද එය කරගත නොහැකි විය.දිනක් කලිදාසයන් මෙම පද දෙක දැක සිනා සී මෙයට ගැලපෙන ඉතිරි පද දෙක කාලිදාසයන් ගේ මුවින් නික්මින.මෙය අැසුන පුර ස්ත්‍රිය වස්තු තණ්හාවෙන් කාලිදාසයන්ට වස දී මරා එම යහන යටම වල දැමීය.කාලිදාසයන් කියූ පදදෙක ලියා කවිය සම්පූර්ණ කර තමා විසින්ම මෙම කවියේ ඉතිරිපද සම්පූර්ණ කළ බව රජුට සැළ කළාය.මෙම කවියේ ඉතිරි පද සම්පූර්ණ කරන්නව සමත් එකම පුද්ගලයා කාලිදාසයන් බවදත් රජු ඇගෙන් සත්‍ය දැනගෙන කාලිදාසයන්ගේ මෘත දේහය ගොඩගෙන රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කළේය.තම කළ්‍යාණ මිතුරා දැවෙන දර සෑයට පැන රජුද සියදිවි නසාගත්තේය.

වැඩිදුර කියවීම්

  • Miller, Barbara Stoler, ed. Theater of Memory: The Plays of Kalidasa. NY: Columbia University Press, 1984.
  • K. D. Sethna. Problems of Ancient India, p. 79-120 (chapter: "The Time of Kalidasa"), 2000 New Delhi: Aditya Prakashan. ISBN 81-7742-026-7 (about the dating of Kalidasa)
  • V. Venkatachalam. Fresh light on Kalidasa's historical perspective, Kalidasa Special Number (X), The Vikram, 1967, pp. 130–140.

මේවාද බලන්න

මූලාශ්‍ර

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කාලිදාස_(කවියා)&oldid=486350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි