ජෙෆ්‍රී රශ්

ගොෆ්රි රෝයි රශ්, (1951 ජූලි 6 උපත ලද) ඕස්ට්රේලියානු නළුවෙකි. 2009 නොවැම්බර් වන විට ඔහු විසින් "ට්රිපල් ක්රවුන් ඔෆ් ඇක්ටින්","ශාස්ත්රීය සම්මානයක් ද","ටෝනී සම්මානය" හා "එමි සම්මානය" දිනා ගත් 17ත් දෙනා අතුරෙන් අයෙකි. තවද ඔහු විසින් " ගෝල්ඩන් ග්ලෝබ්" ,"ද බෆ්තා", "ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ්", "නැශනල් ෆිල්ම් ඉන්ස්ටිටියුට්" මගින් ද සම්මාන ලබන ලදි.

ගොෆ්රි රශ්, 2008 දි අන්තර්ජාතික "ෆිල්ම් ෆෙස්ටිවල්" හිදි ය.
උපත ගොෆ්රි රෝයි රශ්, 1951 ජූලි 6
ටූවුමබා, කුවීන්ස්ලන්ඩ්, ඕස්ට්රේලියාව
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1981- වර්තමාන
භාර්යාව ජේන් මෙනෙලවුස් (1988 - වර්තමාන)

පෙර ජීවිතය

රශ් උපත ලැබුවේ ටූවූම්බා, කුවීන්ස්ලන්ඩ් හිදි ය. ඔහුගේ දෙමාපියන් වන මර්ලි වෙළද සැල් අළෙවි නියෝජිතයෙක් වන අතර, ගණකාධි තනතුරක් දරන රෝයි බේඩන් රශ් රෝයල් ඕස්ට්රේලියන් ගුවන් හමුදවේ සේවය කරයි. ඔහුගේ දෙමාපියන් ඔහුට වයස අවුරුදු පහේදී දික්කසාද වූ අතර, ඔහුගේ මව ඔහුව රැගෙන තමාගේ දෙමාපියන් සමඟ "බ්රිස්බේන්" හි පදිංචියට ගියාය. තම සිනමා ජීවිතය ආරම්භ කිරීමට ප්රථම ඔහු "පාර්ක් ස්ටේට්" පාසැලේ ඉගෙනුම ලැබුවේය. ඔහු කුවීන්ස්ලන්ඩ් විශ්ව විද්යාලයෙන් කලා අංශයෙන් උපාධියක් ද ලැබුවේ ය. විශ්ව විද්යාලයේ සිටින අතරතුර ඔහුගේ හැකියාවන් "කුවීන්ස්ලන්ඩ් තියටර් කොම්පැනිය" විසින් හඳුනාගත් අතර, ඔහු ඔවුන් හා සම්බන්ධ වී 1971 දි තම සිනමා ජීවිතය ආරම්භ කලේ නිෂ්පාදන 17 කට සම්බන්ධ වෙමිනි. 1975 දි ඔහු පැරිසියට ගියේය. ඔහු එහිදි "එකෝලේ ඉන්ටනැශනල් තියටර් ජේකස් ලිකොක්" හි අභිරූපණ රංඟනය හැදෑරුවේ ය. 1979 දි ඔහු විසින් නළු "මෙල් ගිබ්සන් " සමඟ මාස 4ක් වාසය කල අතර ,ඔහු සමඟ එක්ව "වේටින් ෆො ගොඩොට්" වේදිකා නාට්යයේ රඟපෑවේ ය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජෙෆ්‍රී_රශ්&oldid=586719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි