ට්‍රාන්සිස්ටරය

transistor

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.

ට්‍රාන්සිස්ටර වර්ග

ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරවද්‍යතාවය නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.


== හැඳින්වීම == ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.

ට්‍රාන්සිස්ටර් ස්විචීචයක් හැටියටද භාවිතා කරයි.( XXX )

වැදගත්කම

ස්විච්යක් වර්ධකයක් දෝලකයක් ලෙස භාවිතා කළ හැකිය.

ට්‍රාන්සිස්ටරයේ භාවිත

ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා වේ.ට්‍රාන්සිස්ටරය ධාරා වර්ධකයක් ලෙස භාවිතා වේ.ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා වේ.ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ධකයක් ලෙස භාවිතා වේ.

ට්‍රාන්සිස්ටරය භාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව භාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව භාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්දකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.මෙහි පාදම(ඵනම් බේසය)වෙත V 0.65(mv650)කුඩා වෝල්ටීයතාවයක් සැපයූවිට ට්‍රාන්සිස්ටරය නැඹුරුවී සන්නයනය පටන්ගන්නා අතර පූර්ණ නැඹුරුවක් සදහා V 0.7(mv700)සැපයූව යුතුව ඇත.නමුත් FET ට්‍රාන්සිස්ටර සදහා ප්‍රදානය(ඵනම් බේසය)වෙත කුඩා වෝල්ටීයතාවයක් සැපයූම අනිවාර්ය නොවේ.

ඉතිහාසය

මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්ධනය කල් 1947 වසරේදීය.ඇමරිකාවෙහි බෙල්ස ලැබ්ස් හිදී වීලීයමී සොක්ලී, ජොන් බාඩින්, සහ වොල්ටර් බ්රැටෙන් යන විදාඥයින් තිදෙනා එකතුවෙනි

ට්‍රාන්සිස්ටර වර්ග

ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක.

  1. ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය(bipolar)
  2. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරය (FET/unipolar)

ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර

PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.

FET ට්‍රාන්සිස්ටරය

J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී..

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ට්‍රාන්සිස්ටරය&oldid=650073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි