පරිගණක ක්‍රමලේඛකරණය

පරිගණක ක්‍රමලේඛකරණය (සාමාන්‍යයෙන් ක්‍රමලේඛකරණය හෝ කේතකරණය ලෙස කෙටි කර ඇති) යනු පරිගණක ක්‍රමලේඛවල මූලාශ්‍ර කේතය ( source code) ලිවීම , පරීක්ෂා කිරීම , දෝෂ නිරාකරණය හා පවත්වා ගැනීමේ ක්‍රියාවලියයි. මූලාශ්‍ර කේතය ලියනු ලබන්නේ ක්‍රමලේඛ භාෂාවකිනි. කේතය පවතින මූලාශ්‍රයක් නවීකරණයක් හෝ නවතම දෙයක් විය හැකිය. ක්‍රම‍ ලේඛනයේ අරමුණ වන්නේ අවශ්‍ය හැසිරීම්වලින් යුක්ත පරිගණක ක්‍රමලේඛ නිපදවීමයි. (අභිරුචිකරණය , customization). මූලාශ්‍ර කේත ලිවීමේ ක්‍රියාවලියට යෙදුම් වසම (domain) , විශේෂ ගණනය කිරීම් හා විධිමත් තර්කණය ඇතුළත්ව විවිධ විෂය ගණනාවක විශේෂඥ බව අවශ්‍ය වේ.

මෘදුකාංග ඉංජිනේරු ශිල්පය තුළ , මෘදුකාංග දියුණු කිරීමේ ක්‍රියාවලියේ එක් අංශයක් ලෙස ක්‍රමලේඛකරණය සැලකේ.

ක්‍රමලේඛ ලිවීම කලාවක් ද , ශිල්පයක් ද ඉංජිනේරුමය අංශයක් ද යනුවෙන් වර්තමානයේ විවාදයක් පවතී. හොද ක්‍රමලේඛගත කිරීමක් ලෙස හදුන්වන්නේ කාර්යක්ෂම හා පවත්වාගත හැකි මෘදුකාංග විසදුම් නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇති ඉහත සදහන් කළ තුනෙහිම සමබර යෙදුමකි. (‘කාර්යක්ෂමතාවේ’ හා ‘පවත්වාගෙන යා හැකි වීමේ’ මිනුම් දඩු සැලකිය යුතු ලෙස වෙනස් වේ’) මෙම අංශය අනෙකුත් තාක්ෂණික වෘත්තීන්වලින් වෙනස් වේ. මන්දයත් ක්‍රමලේඛකරුවන් ‘ක්‍රමලේඛකරුවන්’ හෝ ‘මෘදුකාංග ඉංජිනේරුවන්’ ලෙස හැදින්වීමට සාමාන්‍යයෙන් අවසර ගැනීමක් හෝ සම්මත (හෝ රජයකින් පාලනය කරන) සහතිකයක් සමත්වීම අවශ්‍ය නොවේ.

තවත් විවාදයට බදුන්වන කරුණක් වන්නේ ක්‍රමලේඛ ලිවීමට යොදාගන්නා පරිගණක භාෂාව අවසාන ක්‍රමලේඛයේ ස්වරූප‍යට සිදුකරන බලපෑමයි. මෙම විවාදය වාග් විද්‍යාවේ සැප(ර්) වෝර්ෆ් කල්පනයට සමාකාර වේ. එමගින් කියා සිටින්නේ යම් භාෂාවක ස්වභාවය එය භාවිතා කරන්නාගේ පරිචිත සිතුවිලිවලට බලපෑම් ඇති කරන බවයි. විවිධ භාෂා විවිධ සිතුවිලි රටාවලට හේතුවේ. මෙම අදහස ලෝකය භාෂා මගින් පරිපූර්ණ ලෙස විස්තර හැකියාව අභියෝගයකට ලක් කරයි. මන්දයත් එමගින් ඕනෑම භාෂාවක් එය භාවිතා කරන සමාජයේ සිතුවිලි පාලනය කරතැයි ඒත්තු ගැන්වෙන හෙයිනි.

ආශ්‍රිත

  • ACCU
  • Association for Computing Machinery
  • Computer networking
  • Hello world program
  • Institution of Analysts and Programmers
  • National Coding Week
  • Object hierarchy
  • System programming
  • Computer programming in the punched card era
  • The Art of Computer Programming
  • Women in computing
  • Timeline of women in computing

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • Computer programming හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි