පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2013
23 වන පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වර්ෂ 2013 නොවැම්බර් මස 15 වෙනි දින සිට 17 වෙනි දින දක්වා කොළඹ දි පැවැත්වුණි.පොදු රාජ්‍ය මණ්ඩලය යීය නායකයින් විසින් 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හී පැවැත්වුනු රැස්වීම් වලදී 2013 චෝගම් සමුළුව ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට තීරණය කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරයට වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් නිසා කැනඩාව හා මුරුසිය සමුළුව නිල වශයෙන් වර්ජනය කල අතර ඉන්දියානු රාජ්‍ය නායකයා සමුළුව දේශපාලනික හේතුන් මත මගහරින ලදී .[2][3] සමුළුව අතරතුර කාලය තුල කොළඹ විරෝධතා පැවැත්වීම තහනම් කෙරිණි.[4] ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් සමුළුවේ අවධාරණය කල මූලික කරුණු වූවේ: "සන්නිවේදනය මත පදනම් වූ සංවර්ධනය, දේශපාලනික වටිනාකම්, ගෝලීය අභියෝග හා තර්ජන සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සුහදතාවයයි ."[5] නමුත් ඊට අමතරව සමුළුව තුල ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ එකිනෙක පරස්පර විවාද සිදුවිය.[6][7][8] වර්ෂ 40 කට පසු 2 වැනි එළිසබෙත් රැජින සහභාගී නොවූ ප්‍රථම සමුළුව මෙය වීමද විශේෂත්වයකි.[9][10]
23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම චෝගම් 2013 | ||
---|---|---|
![]() | ||
සත්කාරක රට | ශ්‍රී ලංකාව | |
දිනයන් | 15 නොවැම්බර් 2013 – 17 නොවැම්බර් 2013 | |
ස්ථානය(න්) | නෙළුම් පොකුණ රංගශාලාව, බීඑම්අයිසීඑච්, වෝටර්ස් එජ් | |
නගර | කොළඹ | |
සහභාගිවූවන් | 51 | |
රජයේ ප්‍රධානියා/රාජ්‍ය නායකයා | 27[1] | |
සභාපති | මහින්ද රාජපක්ෂ (ජනාධිපති) | |
අනුගාමී සිද්ධිය | 2011 | |
පූර්වගාමී සිද්ධිය | 2015 | |
වෙබ්අඩවිය | chogm2013.lk | |
ප්‍රධාන කරුණු | ||
|
පසුබිම් කථාව
2007 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම උගන්ඩාවේ කම්පාලා අගනුවර පැවැති අතර එහිදී 2011 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සම්මත කර ගන්නා ලදී.[11] එසේ නමුදු, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ කාල වකවානුවේ ශ්‍රී ලංකා රජයට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල වීම නිසා, 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම තුලදී ඊලග සමුළුව ඔස්ට්‍රේලියාව පර්ත් හි පැවැත්වීමටත් 2013 සමුළුව ශ්‍රී ලංකාවට ලබා දීමටත් තීරණය කෙරිණි.[12][13][14][15][16]
2013 මැයි මසදී, බකින්හැම් මාලිගාව විසින් 2 වන එළිසබෙත් මහ රැජින සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කරන ලදී.[17][18] 87 හැවිරිදි රැජිනගේ සෙෘඛ්‍ය තත්වය පිලිබඳ සැලකිලිමත් වීමත් ඇය වෙනුවට චාල්ස් කුමරු සමුළුවට සහභාගී වනු ඇති බවත් එහි දැක්විනි.[19][20]
සංවිධානය
රැස්වීම් පැවැත්වූ ස්ථාන
සමුළුවේ ආරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල දී උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණ. නායකයින් සඳහා විශේෂ විවේකී හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හී වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අනෙකුත් රැස්වීම් හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේත්, හික්කඩුව චායා ට්‍රාන්ස් හීදිත්, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදිත් පැවැත්විණි.[21][22]
සමුළුව
සමුළුවේ න්‍යාය පත්‍රය
රාජ්‍ය නායකයන්ගේ දින තුනක සමුළුවද ඇතුළුව තවත් සමුළු කීපයක් සතියක් පුරා පැවැත්විණ.[23]
සංවාදයන්
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුධ අපරාධ සම්බන්දයෙන් ස්වාධීන හා විශ්වාසනීය පරික්ෂණයක් ඉල්ලා සිටියේය.[24][25] "මෙහි නිවැරදි විමර්ශනයක් හා ශ්‍රී ලංකාවේ දෙමල සුළුතරයට මානව හිමිකමත් ප්‍රජාතන්ත්‍රවාදයත් උරුම වීම සිදු විය යුතු බව ඔහු තව දුරටත් කියා සිටියේය.[26][27] එවැනි විමර්ශනයක් අරඹා 2014 මාර්තු වන විට අවසන් නොවුනහොත් බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්වාධින හා ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බව හෙතෙම තව දුරටත් අවධාරණය කර සිටියේය.[28][29][30] පසුව යාපනය අර්ධද්වීපය තුල සංචාරය කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයක් කල ප්‍රථම විදේශීය නායකයා බවට පත් විය.[31][32] සංචාරය අතරතුරදී බොහොමයක් කාන්තාවන් පිරිසක් විසින්, යුද්ධයේදී හා පසුව අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා පැවැත්වූ කලහකාරී උද්ඝෝෂණයකට මුහුණ දීමටද ඔහුට සිදු විය.[33][34]තවද අගමැති කැමරන් වැඩිදුරටත් කියා සිටියේ තමන් ජනපති රාජපක්ෂ සමග තදින් මේ ප්‍රශ්නය පිළිබඳ සංවාද කරන බවයි.[6] බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ: "එවැනි ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත්, එවැන්නකට කිසි ලෙසකත් ඉඩ නොදෙන බවත්ය."[35] ආරක්ෂක ලේඛම්, ගෝඨාභය රාජපක්ෂ මහතාද, ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "ශ්‍රී ලංකාව තව දුරටත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නොවන බවයි.[36]
පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටුව විසින් මාල දිවයිනෙහි ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.[37][38]
කාලගුණ විපර්යාස වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවක් මෙම සමුළුවේදී කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් වලක්වන ලදී.ගෝලීය උණුසුම ඉහල යාමත් සමග ඇතිවන ගැටළු වලදී දුප්පත් රටවලට සහය වීම මෙහි අරමුණ වී තිබිණ.[39]
සමුළුවේ ප්‍රතිඵල
2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මෝල්ටාවදී පැවැත්වීමට තීරණය විය.[40][41][42] එසේම 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වනාතු රාජ්‍යයේදීත්, 2019 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මැලේසියාවේදීත් පැවැත්වීමට තීරණය කෙරිණි.[40][43]
සමුළුව අවසානයේ සැමට සාධාරණ වූ හා ධරණීය සංවර්ධනය පිළිබඳ කොළඹ ප්‍රකාශනය එලි දැක්විණි. දුප්පත්කම පලවා හැරීමටත් කාලගුණ විපර්යාස නිසා ඇතිවන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමටත් සමුළුවේදී එකඟත්වය පල විණි.[40][44]චෝගම් සමුළුව අවසානයේ ඇති කරගත් සාර්ථක ප්‍රතිඵල පිළිබඳ තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අවසානයේ කියා සිටියේය.[45][46]සමුළුවේ සාකච්චා වූ අනෙකුත් කරැණු වූවේ ප්‍රජාතන්ත්‍රවාදයේ "හර වටිනාකම්" , යහ පාලනය, මානව හිමිකම්, ආගමික හා ප්‍රකාශනයේ නිදහස , කාන්තා අයිතිවාසිකම්, දූෂණය පිටු දැකීම, විනිවිද භාවය, ස්වභාවික සම්පත් පාලනය හා තක්සේරැ කිරීම ආදියයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පොදු සුහදතාවය හා බැඳීම් වර්ධනය කිරීම සම්බන්දයෙන්ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගැණින .[40]
මතභේදාත්මක
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6c/David_Cameron_in_Jaffna.jpg/150px-David_Cameron_in_Jaffna.jpg)
සමුළුව වර්ජනය කිරීම් හා මග හැරීම්
මානව හිමිකම් කඩවූවා යැයි නැගෙන චෝදනා නිසා ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලා සමහර ප්‍රබල රටවල් හා සමහර සංවිධාන සහභාගී පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කලහ.[47][48][49]
: කැනඩා අගමැති හාපර් ප්‍රථමයෙන්ම සමුළුව වර්ජනය කරන බව පැවසීය. තමන්ගේ ක්‍රම වේදය අනුගමනය කරන ලෙස අනෙක් රට වලින්ද ඔහු ඉල්ලා සිටියේය. 2011 දී ඔස්ට්‍රේලියාවේ පර්ත් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීමේදීද ඔහු ශ්‍රී ලංකා ජනපතිට කථා කිරීමට ආරාධනා ලද අවස්ථාවේ සමුළුවෙන් නික්ම ගිය බව සඳහන්ය .[50]
: 2013 ඔක්තෝම්බර යේදී තමිල්නාඩු නායකයන් විසින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කල යුතු බවට පවසා එ්ක පාර්ශ්වික ලෙස තීන්දුවක් සම්මත කර ගන්නා ලදී..[47][51][52][53] පසුව ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඔහුට සමුළුවට සහභාගී වීමට අපහසු බව දන්වමින් අවසන් මොහොතේ ශ්‍රී ලංකා ජනපති වෙත ලිපියක් යොමු කරන ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිද් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, අගමැතිවරයාගේ එම තීරණය දේශපාලන කරැණු පදනම් කොට ගනු ලැබූ බවත් ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම ඉන් අදහස් නොවන බවත් ය.[54]
: මුරුසි අගමැති නවීන් රාම්ගුලම්, ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කරන බව පැවසූ දෙවන නායකයා වෙයි.[55][56] 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මුරුසියේ පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුනත් මුරුසි අගමැතිගේ මෙම තීරණය නිසා ඔවුන්ට 2015 සමුළුව අහිමි විය. ඊට ප්‍රතිචාර දැක්වූ මුරුසි අගමැති කියා සිටියේ සිය රට 2015 සමුළු සත්කාරය ඉවත්කර ගන්නා බවත්, සමුළුවකට වඩා මානව හිමිකම් වටිනා බවත්ය.[57]
බ්‍රිතාන්‍යයේ , විදේශ කටයුතු පිළිබඳ කමිටුව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා සමුළුවට සහභාගී වීම අනුමත නොකරණ ලදී.[58]
මැලේසියාවේ, පෙනැන්ග් හි ප්‍රධාන අමාත්‍ය ලිම් ගුවාන් එන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී පක්ෂයේ මහ ලේකම්, එරට රජයෙන් සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින ලදී.[49]
නවසීලන්තයේ හරිත පක්ෂය විසින්ද සමුළුව වර්ජනය කල යුතු බව කියා සිටියේය.[59][60]
දකුණු අප්‍රිකානු ජාතික ඩෙස්මන් ටුටූ ද සමුළුව වර්ජනයෙන් ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට උදව් අත්විය හැකි බව කියා සිටියේය."[61][62]
මාධ්‍ය වලට බාධා සිදුවීම
සියළුම මාධ්‍ය සඳහා සම්පූර්ණ නිදහස ලැබෙන බව සමුළුව ආරම්භයට පෙර රජය ප්‍රකාශ කරන ලදී.[63]
ශ්‍රී ලංකාවට එරෙහිව මතභේදයට තුඩුදුන් චිත්‍රපට නිපදවූ චැනල් 4 හි පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ට 2013 නොවැම්බර් 11 දා පැමිණි අතර ඔවුන්ට විරෝදය දක්වමින් පිරිසක් ගුවන් තොටුපල රැඳී සිටියහ.[64][65] තවද චැනල් 4 පිරිස චෝදනා කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා බුද්ධි අංශ ඔවුන්ව ලුහු බැඳි බවයි.[66][67] 2013 නොවැම්බර් 13 චැනල් 4 පිරිස දුම්රියෙන් කිලිනොච්චිය බලා ගමන් ඇරඹුවත් උද්ඝෝෂකයින් විසින් අනුරාධපුරය දුම්රිය නැවතුමේදී ඔවුන්ව නැවත හරවා එවන ලදී.[68][69][70] 2013 නොවැම්බර් 17 චැනල් 4 පිරිස ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය අතර රජය විසින් තමන් බිය වැද්දීමට හා නිරික්ෂණයට ලක්වූ බව චැනල් 4 පිරිස විසින් අවධාරණය කරණ ලදී.[71][72][73]
විරෝධතා වලට බාධා සිදුවීම
2013 නොවැම්බර් 14 වන දින ශ්‍රී ලංකා පොලීසිය විසින් චෝගම් අතරතුර කාලයේ සියළු විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලදී.[74][75]
2013 නොවැම්බර් 13 උතුරේ සිට පැමිණෙමින් සිටි දෙමල විරෝදතාකරුවන් පිරිසක් නැවත හරවා යවන ලදී.[76][77]
සංචාරයට බාධා සිදුවීම
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යාපනය ගුවන් තොටුපල වෙත යානා ගමන් කරවීම 2013 නොවැම්බර් 10-18 කාලය අතරතුර සීමා කරන ලදී.[78][79]
සහභාගිත්වය
රටවල් 53 ක රාජ්‍ය නායකයින් අතුරින් සමුළුවට, රටවල් 27 ක නායකයින් පැමිණියහ(ජනපතිවරු 9, අගමැතිවරු 16, සුල්තාන්වරු 1 සහ රාජ්‍ය ජනරාල්වරු 1). එය මෙතෙක් පැවැති චෝගම් සමුළු වලින් අඩුම රාජ්‍ය නායක පැමිණීම සහිත චෝගම් සමුළුව ලෙස සඳහන් වෙයි.[40][66] අනෙකුත් රටවල් 22 ක නියෝජිත මඩුළු සමුළුවට සහභාගී විය.[66] නමුත් ග්‍රෙනේඩා, කිරිබති හා මාල දිවයින යන රටවල් සමුළුවේ පාර්ශවකරුවන් ලෙස පැමිණීමට ප්‍රතික්ෂේප කල අතර සාමාජිකත්වය අත්හිටුවා තිබීම නිසා ෆීජි රාජ්‍යයද සමුළුවට නොඑන ලදී.[80] සහභාගිත්වය වූවේ:[81][82]
සාමාජිකයා | නියෝජිතයා | තනතුර |
---|---|---|
පොදු රාජ්‍ය මණ්ඩලය | චාල්ස් කුමාරයා | වේල්සයේ කුමරු |
පොදු රාජ්‍ය මණ්ඩලය | කමලේශ් ෂර්මා | මහ ලේකම් |
![]() | Carl Bertrand Westerby Roberts | මහ කොමසාරිස් |
![]() | ටෝනි ඇබට් | අගමැති |
![]() | පෙරි ක්‍රිස්ටි | අගමැති |
![]() | ෂෙයික් හසිනා | අගමැති |
![]() | Maxine McClean | විදේශ ඇමති |
![]() | Wilfred Peter Elrington | විදේශ ඇමති |
![]() | Ontefetse Kenneth Matambo | මූල්‍ය හා සංවර්ධන සැලසුම් අමාත්‍ය |
![]() | Hassanal Bolkiah | සුල්තාන් |
![]() | Joseph Dion Ngute | Minister Delegate to the Minister for Foreign Affairs |
![]() | Deepak Obhrai[83] | Parliamentary Secretary to the Minister of Foreign Affairs |
![]() | Nicos Anastasiades | ජනපති |
![]() | Francine Barron | මහ කොමසාරිස් |
![]() | අත්හිටවූ | n/a |
![]() | Kwesi Amissah-Arthur | උප ජනපති |
![]() | නැත | n/a |
![]() | Donald Ramotar | ජනපති |
![]() | සල්මාන් කුර්ෂිද් | විදේශ ඇමති |
![]() | Arnold Nicholson | විදේශ ඇමති |
![]() | Amina Mohamed | Cabinet Secretary for Foreign Affairs |
![]() | නැත | n/a |
![]() | Tom Thabane | අගමැති |
![]() | Khumbo Kachali | උප ජනපති |
![]() | නජිබ් රසාක් | අගමැති |
![]() | නැත | n/a |
![]() | Joseph Muscat | අගමැති |
![]() | Arvin Boolell | විදේශ ඇමති |
![]() | Oldemiro Balói | විදේශ ඇමති |
![]() | Hifikepunye Pohamba | ජනපති |
![]() | Baron Waqa | ජනපති |
![]() | ජෝන් කී | අගමැති |
![]() | Namadi Sambo | උප ජනපති |
![]() | නවාස් ෂරීෆ් | අගමැති |
![]() | Leo Dion | උප අගමැති |
![]() | Paul Kagame | ජනපති |
![]() | Denzil Douglas | අගමැති |
![]() | Alva Baptiste | Minister for External Affairs, International Trade and Civil Aviation |
![]() | Cenio E. Lewis | මහ කොමසාරිස් |
![]() | Tuilaepa Aiono Sailele Malielegaoi | අගමැති |
![]() | James Michel | ජනපති |
![]() | Samura Kamara | විදේශ ඇමති |
![]() | Lee Hsien Loong | අගමැති |
![]() | Gordon Darcy Lilo | අගමැති |
![]() | Jacob Zuma | අගමැති |
![]() | මහින්ද රාජපක්ෂ | ජනපති |
![]() | Barnabas Sibusiso Dlamini | අගමැති |
![]() | Jakaya Kikwete | ජනපති |
![]() | Sialeʻataongo Tuʻivakanō | අගමැති |
![]() | Winston Dookeran | විදේශ ඇමති |
![]() | Iakoba Italeli | ආණ්ඩුකාරවරයා |
![]() | Edward Ssekandi | උප ජනපති |
![]() | ඩේවිඩ් කැමරන් | අගමැති |
![]() | Moana Carcasses Kalosil | අගමැති |
![]() | Guy Scott | උප ජනපති |
අදාල
භාහිර සබැඳි
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
- Commonwealth Heads of Government Meeting 2013
- Commonwealth Youth Forum 2013 සංරක්ෂණය කළ පිටපත 2013-11-25 at the Wayback Machine
- Commonwealth People's Forum 2013
සැකිල්ල:Commonwealth Heads of Government Meetings