බීටා ක්ෂය වීම

β-ක්ෂය වීම හෙවත් බීටා ක්ෂය වීම (ඉංග්‍රීසි:  beta decay or β-decay).

β decay in an atomic nucleus (the accompanying antineutrino is omitted). The inset shows beta decay of a free neutron. In both processes, the intermediate emission of a virtual W boson (which then decays to electron and antineutrino) is not shown.

බීටා ක්ෂය වීමකදී පිටවන අංශුව බීටා අංශුවක් (β) ලෙස හැදින්වේ. මේවා වර්ග දෙකකි. එනම් ඉලෙක්ට්‍රෝන හා ප්‍රොසිටෝන වේ. බීටා ක්ෂය වීමකදී සත්‍ය වශයෙන් අංශු දෙකක් විමෝචන අතර න්‍යෂ්ටිවල පවතින නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට හෝ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීම සිදු වේ. මෙ‍හිදී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීමේදී පොසිටෝනයක් හා නියුමිනෝවක් න්‍යෂ්ටියෙන් විමෝචනය වන අතර එවිට ලැබෙන න්‍යෂ්ටියේ පරමාණුක ක්‍රමාංකය එකකින් අඩුවේ. නියුට්‍රෝනයෙන් ප්‍රෝටෝනයක් බවට පත් වන විට නව න්‍යෂ්ටියේ පරමාණුක ක්‍රමාංකය එකකින් අඩුවේ. නියුට්‍රෝනයේ ප්‍රෝටෝනයක් බවට පත් වන විට නව න්‍යෂ්ටියේ පරමාණු ක්‍රමාංකය එකකින් වැඩි වන අතර එවිට න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝනයක් හා (ඇන්විනියුට්‍රිතෝ හෙවත්) ප්‍රතිනියුටිතෝවක් විමෝචනය වීම සිදුවේ.

β-අංශු පිට කරමින් අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වින්‍යාසයන්ට ලඟා වීම β-ක්ෂය වීම ලෙස හැඳින්වේ. මීට අමතරව β-ක්ෂය වීමකදී නියුට්‍රිනෝ අංශුවක්ද මුක්ත වෙයි. β-ක්ෂය වීමකදී පීතෘ න්‍යෂ්ටියේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමක් සිදු නොවන නමුදු, පරමාණුක ක්‍රමාංකය අංක 1 කින් අඩු හෝ වැඩි වෙයි.

β-ක්ෂය වීමකදී මුක්ත වන β-අංශු, දෙවර්ගයක් පවතී:

  1. β - ඉලෙක්ට්‍රෝනය (ඍණ ආරෝපිතය)
  2. β+ - පොසිට්‍රෝනය (ධන ආරෝපිතය. මෙය ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථ අංශුවයි)

ඒ අනුව β-ක්ෂය වීම් වර්ග 2ක් පවතී.

β-ක්ෂය වීම

අස්ථායී න්‍යෂ්ටියේ ඇති නි‍යුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට හැරෙමින් β-අංශුවක් සහ ප්‍රති-නියුට්‍රිනෝවක් පිට කරයි. මෙහිදී ප්‍රෝටෝන අංකය එකකින් වැඩි වන බැවින් පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වේ.

β+-ක්ෂය වීම

අස්ථායී න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝනයක් නි‍යුට්‍රෝනයක් බවට හැරෙමින් β+-අංශුවක් සහ නියුට්‍රිනෝවක් පිට කරයි. මෙහිදී ප්‍රෝටෝන අංකය එකකින් අඩු වන බැවින් පරමාණුක ක්‍රමාංකය එකකින් අඩු වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බීටා_ක්ෂය_වීම&oldid=428127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි