මේදය

කාබනික රසායනික ද්‍රව්‍යය

මේදය යනු පුළුල් කාණ්ඩයක පැතිර පවත්නා රසායනික ද්‍රව්‍යයක් වන අතර ඒවා කාබනික ද්‍රාවකයන්හි දියවන අතර ජලයෙහි අද්‍රව්‍යවේ. රසායනික විද්‍යාවට අනුව මේද යනු ග්ලිසරෝල් හා මේද අම්ලවල ට්‍රයිඑස්ටර වේ. මේදය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එහි ව්‍යුහය සහ සංයුතිය අනුව ඝන හෝ තරලයක් වේ. තෙල්, මේද සහ ලිපිඩ යන වචන භාවිතා කළද තෙල් යනු ද්‍රවයක් වන අතර මේද යනු සාමාන්‍ය කාඹර උෂ්ණත්වයේදී ඝණයකි. ලිපිඩ යනු මෙම ඝණ හා ද්‍රව මේද සදහා භාවිතාවන පොදු නමකි. තෙල් යන්නෙන් අදහස් වන්නේ ජලය සමග මිශ්‍ර නොවන ග්‍රීස් , පෙට්‍රෝලියම් වැනි ද්‍රවයකි.

මේද යනු ලිපිඩවල එක් වර්යක් වන අතර එය අනෙකුත් ලිපිඩ වලින් වෙන්කර හදුනාගත හැක්කේ එහි රසායනික ආකෘතිය සහ භෞතික ලක්ෂණ අනුවය. මෙම අණු විශේෂය ව්‍යුහ විද්‍යාත්මකව සහ පරිවෘත්තීය ක්‍රියාවලින් ඉටුකරන ජීවය සදහා ඉතා වැදගත් ස්ථානයක් දරයි. මිනිසුන් ඇතුළු විෂම පෝෂීන් බහුතරයකගේ ආහාර වේලෙහි විශේෂ ස්ථානයක් මේවා සදහා හිමිවේ. අග්න්‍යාසය මගින් ශ්‍රාවය කරන ලයිපේස් නම් එන්සයිමය මගින් ලිපිඩ බිදහෙලනු ලබයි.

ආහාරයට ගත හැකි සත්ව මේදයන් වනුයේ ඌරු තෙල්, මත්ස්‍ය තෙල්, බටර් හෝ එළගිතෙල්ය. ඒවා කිරිවලින් , මස්වලින් සහ සතුන්ගේ සමට යටින් ඇති තෙල් මගින් ලබාගනී. ශාකවලින් ලබා ගන්නා ආහාරයට ගත හැකි මේද වර්ග වනුයේ රටකජු, සෝයා, සූරිය කාන්ත තෙල්, තලතෙල්, පොල්තෙල්, ඔලිව්තෙල් සහ එළවළු තෙල්ය. මාජරින් සහ අනෙකුත් එළවළු තෙල් වර්ග ආහාර ද්‍රව්‍ය පිලිස්සීම සදහා භාවිතා කරනු ලබයි. මේදය සදහා ලබාදී ඇති මෙම නිදසුන් සංතෘප්ත මේද සහ අසංතෘප්ත මේද ලෙස වර්ගීකරණය කරයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මේදය&oldid=490715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි