මෝරා

අවුරුදූ මිලියන 400 ක් පමණ අතීතයක් ඇති සත්වයෙක් ලෙස මෝරා හැදින්විය හැකිය.මිහිමත සිටි ඩයෝනසර් සත්වයන් සිටින සමයෙ‍් සිට මෙම මත්ස්‍යයන් සිටින බව පිලිගැනේ.එමෙන්ම සාගරයේ වෙසෙන විශාලම සත්ව කොට්ඨාශයක් හා ඉතාමත් දරුණු මත්ස්‍ය විශේෂය ලෙස ද මෝරා හැදින්වීමට පුලුවන.අවුරැදු 20-25 ත් අතර ආයුකාලයක් ජීවවෙන අතර ඩෝග් ෆිෂ් ෂාක් නමින්හැදින්වෙන මෝරා අව්රැදු 100 ක් පමණ කාලයක් ජීවත් වේ.මොවුන්ගේ ආහාරයන් ලෙස සැලකෙන්නේ ප්ලැන්ක්ටන්(ජලයෙහි පාවෙන ශාක හා සත්ව විශේෂ)කුණු වු මස් සීල් මත්සයින හා ජලයේ වෙසෙන ක්ෂීරපායීමත්සයින් මොවුන්ගේ ප්‍රධාන ආහාරය ලෙස හැදින්විය හැකිය.


මෝරා‍ගෙ‍් ශරීරය කාටිලේජවලින‍් සෑදී ඇති බැවින් කටු දක්නට නොලැබේ.මොවුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සදහා දික් සිදුරැ පහත් හතත් අතර කරමල් දැකිය හැකිවේ.එමෙන්ම ඔවුන්ගේ දත් ද ඉතාමත් තියුණු වේ.මොවුන්ගේ වරල් ඉතාමත් ඉහළ වටිනාකමක් දරයි.


වසරකට මෝරුන් මිලියන 26 ත් 73 ත් අතර ප්‍රමාණයක් මිනිසුන් විසින් මරා දමනු ලබන අතර මෝරුන් අතින් වසරක මිනිසුන්පස්දෙනෙක් පමණ මරණයට පත්වේ.


මෝරුන් විශේෂ 350 ක් පමණ සාගරයේ වෙසෙන බව සොයාගෙන ඇත.මෙයින් දිගින් සෙන්ටිමීටර 22ක් පමණ (අගල් 9 ක් පමණ) වන කුඩා මෝරාගේ සිට මීටර් 12ක් පමණ (අඩි 41ක් පමණ) දිගින් විශාල,මේ සාගරය තුළ ඇති බව සොයාගෙන ඇත.සාගරයේ වෙසෙන ඉතාමත් ශක්තිමත් දත් ඇති මොවුන් ඉතාමත් වේගවත්ව පිහිනිය හැකි මත්සය්‍ය විශේෂයක් වන, මෝරුන් ඔවුන්ගේ ගොදුරැ වෙත එන ගමන නතර කිරීමට නොහැකි අතර එසේ නතර කිරීම වෙනුවට ඔවුන් ගොදුරු මගහැර යාම පමණක් සිදුකරයි.

පින්තූර ගැලරිය

මෝරුන් වර්ග

අද ලෝකයේ මෝරුන් වර්ග රාශියක් දැකිය හැකිය

  • ග්රේ ස්මූත්හොන්ඩ්
  • කවිඳු ෂාක්
  • ලෙපර්ඩ් ෂාක්
  • හෝන් ෂාක්
  • ස්වේල් ෂාක්
  • එන්ජල් ෂාක්
  • බ්ලු ෂාක්
  • මාකෝ ෂාක්
  • ට්රේෂර් ෂාක්
  • හැමර්හෙඩ් ෂාක්
  • ග්රේට් වයිට් ෂාක් එසේ ලෝකයේ ඇති මෝරුන් වර්ග කිහිපයකි.

මොවුන්ට ඉතාමත් තියුණු ඉවක් ඇත.සැතපුම් කාලක් පමණ දුර ඇති ලේ වල ඉව ඔවුන්ට ඉතාමත්හොදින් දැනේ.හොදින් වැඩුණු මෝරෙකුගේ මුඛයේ දත් 24000 ක් පමණ දක්නට ලැබේ.මෙම මත්ස්‍යයින්ට වර්ණ නොපෙනේ.මොවුන්ගේ ශරීරය සෑදී ඇත්තේ,කාටිලේජ වලිනි.මොවුන්ගේසම ඉතාමත් ඝණවන අතර සමහර මෝරුන්ට පීනන විටදී හුස්ම ගැනීමට අපහසුය.කෙටි දුර පිහිනීමේදී මෝරෙකුට පැයකට සැතපුම් 50 ක පමණ වේගයකින් පිහිනීමට හැකියාව ඇත.

මෝරුන් සමග සහජීවනයෙන් ජීවත්වන මත්ස්‍යය විශේෂ දෙකක් සොයාගෙන ඇත.ඔවුන් නම් පයිලට් හා රෙමෝරා ලෙස හදුන්වයි.රෙමෝරා මත්ස්‍යයන් මෝරුන්ගේ සමේ වෙසෙන පරපෝෂිතයන් ආහාරයට ගන්නා නිසා මොවුන් නිසා ද මෝරුන් ස්වභාවිකව ආරක්ෂා වේ.

මෝරා ඉතාමත් සෞඛ්‍යසම්පන්න සතෙකි.මෝරාගේ ශරීරය විෂබීජවලින් තොරය.මොවුන්ට තුවාලයක් වුවද ඉතාමත් ඉක්මනින් සුවඅතට හැරේ.මොවුන්ගේ ශරීරයට විෂබීජ හා රෝග ඉතාමත් ඉක්මනින් මර්දනයකර ගැනීමට හැකියාව ඇත.අද බොහෝසෙයින් අසන්නට ලැබෙන රෝගයක් වන පිළිකාව,මෝරාට නොවැලදෙන රෝගයකි.පිළිකාවලට ඔරොත්තුදීමේ හොඳ සෞඛ්‍යසම්පන්න බවක් මෝරා සතුව ඇත.මෝරුන්ගේ අස්ථි පන්ජරයෙන් ගනුලබන රසායනික ර්‍ද්‍රව්‍යයකින් පිලිස්සුණු රෝගීන්ට ස්ථිර ප්‍රථිකාර වශයෙන් කෘතීම සමක් සාදාගැනීමට හැකිබව සොයාගෙන ඇත.තවද මසට හා මෝරුන්ගේ වරල් සඳහා ද මොවුන් මරනු ලබයි.මෝරා‍ගේ පරම සතුරා මිනිසා වේ.

මේ අඩවිත් බලන්න

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මෝරා&oldid=568557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි