රන්ජිත් ප්‍රේමසිරි

කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි (නීරෝ නමින් ප්‍රකට) යනු ඊළාම් යුද්ධයේදී සතුරන් 217 දෙනෙක් (තහවුරු කළ) මරණයට පත් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකි.[1] 2009 අප්‍රේල් 28, එනම් ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය අවසන් වීමට දින 20 කට පෙර ඔහු ක්‍රියාන්විතයේදී මිය ගියේ ය.

රන්ජිත් ප්‍රේමසිරි 
නමරන්ජිත් ප්‍රේමසිරි මැදලාන
උපතපල්ලම, ශ්‍රී ලංකාව
මරණය2009 අප්‍රේල් 28
පක්ෂපාතිත්වය ශ්‍රී ලංකාව
සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවය කළ වසර1991–2009
පදවිය කෝප්‍රල් (ශ්‍රී ලංකාව)
රෙජිමේන්තුවශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළකාය
5 වැනි සේනාංකය, ගජබා රෙජිමේන්තුව
සටන්/යුද්ධශ්‍රී ලංකානු සිවිල් යුද්ධය
ප්‍රදාන දේශ පුත්‍ර සම්මානය

පූර්ණ භූමි පදක්කම
උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
රිවිරැස මෙහෙයුම් පදක්කම
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 50වන සංවත්සර පදක්කම

ස්වර්ණ ජයන්ති පදක්කම

හමුදා වෘත්තිය

1991 දී, වසය 22 ක් වූ ප්‍රේමසිරි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්වේඡ්චා බළකායට එකතු විය. දියතලාව හමුදා මූලස්ථානයේදී පුහුණුව ලැබීමෙන් පසු ඔහු ගජබා රෙජිමේන්තුවේ 5 වැනි සේනාංකයට බැඳිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 8 වැනි ස්නයිපර් පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, 2000 දී ඔහු හමුදා ස්නයිපර්වරුන්ට එකතු විය. හමුදා සේවය අතරතුර කිහිපවරක්ම තුවාල සිදු වුවද ඔහු දිගටම එහි සේවය කළේය.

2009 අප්‍රේල් 28 වැනිදා, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සටන්කරුවන්, පුදුමාතලන් වෙත පලා යන සිවිල් වැසියන් අතර සැඟවී ගමන් කළ අතර, ඔවුන් ගැන අවධානය යොමු කර සිටි කෝප්‍රල් ප්‍රේමසිරි LTTE ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් මරණයට පත් විය.

ඔහුගේ මරණයෙන් දින 20 කට පසු, 2009 මැයි 28 වැනිදා ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය අවසන් විය. මරණයට පත් වන අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 18 ක් ද, එයින් 9 ක් ස්නයිපර්වරයෙකු ලෙස ද සේවය කර තිබූ අතර ඔහු විසින් සතුරු සටන්කරුවන් 217 දෙනෙක් මරණයට පත් කරන ලදි.

මරණයෙන් පසු

2021 දී ඇරිමැක් ලංකා පුද්ගලික සමාගම විසින් ඔහුට ගෞරවයක් ලෙසින් "නීරෝ" (NERO) නමින් ප්‍රථම පුරුෂ දෘෂ්ඨිකෝනයකින් යුත් වීඩියෝ ක්‍රීඩාවක් එළි දක්වන ලදී.

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය