රියානා

රොබින් රියානා ෆෙන්ටි (1988 පෙබරවාරි 20),[3][4] යනු ලෝක ප්‍රකට බාර්බඩොස් ජාතික ගායිකාවක්, ගීත රචිකාවියක්, නිලියක් සහා නිරූපිකාවක් වේ. බාර්බඩොස් ශාන්ත මයිකල්හී උපත ලැබූ ඇයගේ සංගීත දිවියේ ආරම්භය 2003 වසර අගභාගයේ, පටිගත කිරීමේ නිෂ්පාදක ඉවන් රොජර්ස්ගේ හමුවත් සමග සිදුවිය. ඔහුගේ මගපෙන්වීම යටතේ ඇය විසින් හඬ පටයක් පටිගත කල අතර එය කටහඬ පටිගත කිරීමේ ආයතන කිහිපයක් වෙත යවනු ලැබිණි. එම සමයේදී ඇය විසින් එවක ඩෙෆ් ජෑම් රෙකෝර්ඩින්ස්හී සභාපති වූ රැප් ගායක ජේ-සි ඉදිරියේ සිදුකල සාර්ථක හඬ පරීක්ෂණයකින් අනතුරුව, එම ආයතනය සමග ගිවිසුමකට එළැඹීමටද අවස්ථාව හිමිකර ගත්තාය. ඇගේ මුල්ම ගීත ඇල්බම වූ, මියුසික් ඔෆ් ද සන් (2005) හා පසුපැමිණි අ ගර්ල් ලයික් මී (2006) යන ඇල්බම, ඇමෙරිකාවේ බිල්බෝර්ඩ් 200 දර්ශකයේ මුල් දහය අතර ඉහළ ස්ථානයකට පත්විය.

රියානා
Rihanna
Photograph of Rihanna
බෙල්ෆාස්ට් හී ලඋඩ් ලෝක සවාරිය අතරතුර (2011)
උපත
රොබින් රියානා ෆෙන්ටි

පෙබරවාරි 20, 1988 (1988-02-20) (වයස 36)
සෙන්ට් මයිකල්, බාර්බඩොස්
රැකියාව
  • ගායිකාව
  • මෝස්තර නිරූපිකාව
  • ගීත රචක
සක්‍රීය වසර2005–වර්ථමානය
ශුද්ධ වත්කමඅඩො මිලියන 600 (est. 2019)[1]
සංගීත වෘත්තිය
ප්‍රභේද
ලේබල
  • Def Jam
  • Roc Nation
  • SRP
  • Westbury Road
සම්බන්ධිත රඟපෑම්
  • ක්‍රිස් බ්‍රවුන්
  • ඩ්‍රේක්
  • එමිනම්
  • ජේ-සි
  • Ne-Yo
  • Kanye West
වෙබ් අඩවියrihannanow.com
අත්සන
File:Rihanna-signature.png

2007 වසරේදී නිකුත් කරනු ලැබූ ගුඩ් ගර්ල් ගෝන් බෑඩ් නම් ඇගේ තෙවැනි ගීත ඇල්බමය හා එහි වූ "අම්බ්‍රෙල්ලා" ගීතය, ඇගේ ජනප්‍රියත්වය උපරිමයකට නැංවීමට හේතු වූ අතර, ඇල්බමය හා එහි 2008 රීලෝඩඩ් යලි නිකුතුව නමවැනි ග්‍රැමී සම්මාන උළෙලේදී නාම නිර්දේශයට හා "අම්බ්‍රෙල්ලා" ගීතය සම්මානයටද පාත්‍රවිය. 2009 හා 2012 කාලය තුලදී ඇය වාර්ෂිකව ගීත ඇල්බමය බැගින් රේටඩ් ආර් (2009), ලඋඩ් (2010), ටෝක් දැට් ටෝක් (2011) සහ අන්ඇපොලොජිටික් (2012) යන ඇල්බම හතර නිකුත් කිරීමට කටයුතු යොදන ලදී. එමෙන් ම ඇය විසින් සිය අට වෙනි ඇල්බමය ලෙස "ඇන්ටි" 2016 ජනවාරි 28 වන දින එලි දැක්වූවාය. 2016 වසරේ අංක 1 ඇල්බමය ලෙසත් එහි සිවුවන ස්තානයේ පසුවන "Work" ගීතය 2016 වසරේ වැඩිම කාලයක් අංක 1 ට පත් වූ ගීතය බවට පත් කරන්නටත් ඇය සමත් විය. බොහෝ ප්‍රසිද්ධියට පත් සිදුවීමක් වූ එවක සිය පෙම්වතා ක්‍රිස් බ්‍රවුන් සමග රියානා ඇතිකරගත් ආරවුලද මෙම සමයේ බෙහෝදෙනා අතර කතාබහට ලක්විය. 2012 වසරේදී ඇය සිය රංගනය එක්කල ප්‍රථම සිනමා පටය වූ, බැට්ල්ශිප් තිරගත වීම සිදුවිය.

සිය පටිගත කිරීම් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කරනු ලැබ තිබෙන රිහානා ලොව වැඩිම විකිණුම් ඉල්ලුමක් සහිත සංගීත කලාකාරිණියක සේද සැළකේ.[5] එමෙන්ම යූටියුබ් තුල වැඩිම සබ්ස්ක්‍රයිබර්ස් ලද කලාකාරණිය ලෙසත් අඩුම කාලෙකින් වැඩිම ගීත ප්‍රමානයක් අංක 1 ට පත් කල කලාකාරණිය ලෙසත්, යූටියුබ් තුල වැඩිම සමස්ත නැරඹුම් ඇති ගායිකාව ලෙසත්, ඇය වාර්තා පිහිටුවා ඇත. එසේම ඇගේ "අම්බ්‍රෙල්ලා", "ටේක් අ බෝ", "ඩිස්ටර්බියා", "ඔන්ලි ගර්ල් (ඉන් ද වර්ල්ඩ්)", "එස්&එම්", "වී ෆවුන්ඩ් ලව්", "ඩයමන්ඩ්ස්" හා "ස්ටේ" සහා "Work" යන ගීත ලොව වැඩිම ඉල්ලුමක් සහිත ගීත වශයෙන් පිළිගැනීමට ලක්විය. එම ගායනා වලට අමතරව ඇය විසින් අනෙකුත් සංගීත කලාකරුවන් සමග එක්ව නිර්මාණය කල "කාන්ට් රිමෙම්බර් ටු ෆොගොට් යූ" (ශකීරා සමග), "ලිව් යුවර් ලයිෆ්" (ටී.අයි. සමග), "රන් දිස් ටවුන්" (ජේ-සි හා Kanye West සමග), "ලව් ද වේ යු ලයි" සහ "ද මොන්ස්ටර්" (එමිනම් සමග) සහා කෙල්වින් හැරස් සමග කල "දිස් ඉස් වට් යූ කේම් ෆෝ" වැනි ගීතද ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඇය බිල්බෝඩ් හොට් 100 දර්ශකයේ පළමු ස්ථානය දහතුන්වරක් දිනාගත් ලාබාලතම හා වේගවත්ම සංගීත කලාකරුවා ලෙසද සැළකේ. බිල්බෝඩ් විසින් ඇය 2000 දශකයේ ඩිජිටල් ගීත කලාකරු ලෙස හා 2010 දශකයේ හොඳම කලාකරුවන් 100 දෙනාගෙන් එක් අයෙකු ලෙස නම් කරනු ලැබිණි.[6][7][8]

රියානා සිය මෝස්තර විලාසය හා ප්‍රතිරූපය නිරතුරුවම නවආරකින් ඉදිරිපත් කරන්නියක ලෙස සැළකේ.[9][10] නිරතුරුවම පාහේ සිය සංගීත නිර්මාණ උදෙසා සම්මානයට බඳුන්වන ඇය මේ වන විට ග්‍රැමී සම්මාන නමයක්[11], ඇමරිකානු සංගීත සම්මාන අටක්, බිල්බෝඩ් සංගීත සම්මාන 23ක්, හා බ්‍රිට් සම්මාන දෙකක් හිමිකරගෙන ඇත. 2012 වර්ෂයේදී, ෆෝර්බ්ස් විසින් ඇය ලොව සිවුවන කීර්තිධර පුද්ගලයා ලෙස නම්කරනු ලැබිණි. එම වසරේදීම, ටයිම් සඟරාව විසින් ඇය ලොව බලවත්ම පුදගලයන් 100 අතුරින් එක් අයෙකු ලෙස ප්‍රකාශ කරන ලදී.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රියානා&oldid=549334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි