විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව

විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව (සමහරක් විට විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ලෙස හඳුන්වන) යනු විද්‍යුතයේ, ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් චුම්භකත්වයේ යෙදීම් ගැන අධ්‍යයනය කරන ඉංජිනේරු ක්ෂේත්‍රයයි. 19 වැනි සියවසේ පසු භාගයේ දී විද්‍යුත් ටෙලිග්‍රාෆ් හා විද්‍යුත් ජව සැපයුම් වානිජකරණය වීමෙන් පසුව මෙම ක්ෂේත්‍රය මුල්වරට වැදගත් රැකියාවක් බවට පත් විය. වර්තමානයේ දී මෙම ක්ෂේත්‍රය ජවය, ඉලෙක්ට්‍රොනික්, පාලන පද්ධති, සංඥා සැකසීම හා සන්නිවේදනය යන ඒවා ඇතුළත් උප අංශ ගණනක් ආවරණය කරයි.

විදුලි ඉංජිනේරු විද්‍යාවට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව ඇතුළත් වීම හෝ නොවීම සිදු විය හැකිය. එක්සත් ජනපදයෙන් පිට දී මේ සඳහා වෙනස්කම් යොදා ඇත. එහිදී විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව යනු ජව සම්ප්‍රේෂණ හා මෝටර පාලන පද්ධති වැනි මහා පරිමාණයේ විද්‍යුත් පද්ධතිවල ගැටලු සමඟ වැඩ කටයුතු කරන අංශයක් වන අතර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව යනු පරිගණක හා සංගෘහිත පරිපථ ඇතුළත් කුඩා පරිමාණ ඉලෙක්ට්‍රොනික පද්ධති සමඟ කටයුතු කරන විෂය ක්ෂේත්‍රය වේ. මෙම වෙනස්කම පිළිබඳව බලන තවත් අන්තයක් නම් විදුලි ඉංජිනේරුවරුන් සාමාන්‍යයෙන් ශක්තිය සම්ප්‍රේෂණය සඳහා විදුලිය යොදා ගැනීම සමඟ සළකනු ලබන අතර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරුන් තොරතුරු සම්ප්‍රේෂණය සඳහා විදුලිය යොදා ගැනීම සමඟ සළකනු ලැබේ.


විද්‍යුත් ඉංජිනේරුවරුන් ජව පද්ධති සැලසුම් කරයි. තවද සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කරයි.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි