ස්ත්‍රී විමෝචනය

ස්ත්‍රී විමෝචනය යනු, සුරතාන්තය තුලදී හා එයට පෙරදී, මිනිස් ස්ත්‍රී මූත්‍ර මාර්ගය අවටදී අන්තරා-මූත්‍රගීය නාල විසින් තරලය අපහරණය කිරීම වෙයි. තරලයෙහි නියමාකාර ප්‍රභවය හා එහි ස්වභාවය පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන් අතර විවාද මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ජී-ස්ථානය පවතීද යන්න පිළිබඳව පහළව ඇති සැකයන්ට මෙයද ආශ්‍රිත වෙයි.

ස්කීන්ස් ග්‍රන්ථි විසින් ස්ත්‍රී විමෝචන ක්‍රියාවලියෙහි වැදගත් කාර්යයක් ඉටු කරන බව විශ්වාස කෙරෙයි.

වාර්තා

ප්‍රශ්නාවලි ඇසුරෙන් සිදු කල සමීක්ෂණයකදී, කාන්තාවන්ගෙන් 35–50% වාර්තා කලේ කිසියම් අවස්ථාවකදී හෝ සුරතාන්තයෙහිදී තරලය විදීමක් ඔවුන් විසින් අත්විඳ ඇති බවයි. [1][2][3] අර්ථදැක්වීම් සහ භාවිතා කෙරුණු ක්‍රම අනුව, අනෙකුත් අධ්‍යයන විසින් දක්වා සිටින්නේ, 10–69% පමණ ප්‍රතිශතයක් විසින් විදීම් ආකාරයෙහි විමෝචන අත්දැක ඇති බවයි. [4][5] නිදසුනක් වශයෙන්, ක්‍රතෝවිල් (1994) විසින් කාන්තාවන් 200 දෙදෙනෙක් සමීක්ෂණයට ලක් කරනු ලැබ දැන ගත්තේ 6% දෙනා විසින් විදීම් ආකාරයේ විමෝචනය වාර්තා කල බවත්, තවත් අමතර 13% ක ප්‍රමාණයක් විසින් කිසියම් අත්දැකීමක් ලද බවත් සහ 60% ප්‍රමාණයක් පමණ සත්‍ය ලෙසින් විදීමක් රහිතව තරලය නිකුත් කිරීමක් වාර්තා කල බවත්ය. [6] නිකුත් කෙරුණු තරලයෙහි පරිමාව පිළිබඳ සෑහෙන ප්‍රමාණයෙහි විවිධ වාර්තාගතවීම් දැක්වුණු අතර [7] එය කාන්තාවකට නොදැනෙන තරම් ප්‍රමාණයෙහි සිට, 1–5 මිලී තරමෙහි මධ්‍යනය අගයයක් දක්වා ප්‍රමාණයක් ගති .

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ස්ත්‍රී_විමෝචනය&oldid=492441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි