සුන්නි ඉස්ලාම්

සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah (අරාබි: أهل السنة والجماعة‎), " මුහමද් තුමාගේ සම්ප්‍රදායය සහ උම්මා සම්මුතියට අදාළ ජනතාව " හෝ ahl as-sunnah (අරාබි: أهل السنة‎) ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන්නේ, සුන්නි මුස්ලිම්වරුන්, සුන්නිවරුන්, හෝ සුන්නින් ලෙසිනි. සුන්නි ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගමික සමූහනය වන අතර [1] ලෝකයේ සමස්ත ආගම් අතුරින් විශාලතම ආගමික නිකාය වෙයි. [2] ආගමෙහි, ඕර්තඩොක්ස් අනුවාදය ලෙසින්ද සුන්නි ඉස්ලාම් ආගම සමහරවිට සැලකෙයි. [3][4] හදීත් කෘතීන්හී සටහන්ව ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මුහමද්තුමාගේ කියමන් සහ ක්‍රියා සඳහා භාවිතා වන සනාහ් (අරාබි: سنة‎) යන පදයෙන් "සුන්නි" යන පදය බිඳි ඇති බව සැලකෙයි .[5]

ඊජිප්තුවේ, කයිරෝවේ, අල්-අස්හර් විශ්වවිද්‍යාලය. ෆාතිමිද් ෂියා වරුන් විසින් තැණුනු එය, සුන්නි ඉස්ලාම් අධ්‍යයනය පිළිබඳ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත

සුන්නි ඉස්ලාම් ආගමෙහි සමස්ත නීති සංග්‍රහයෙහි පදනම් සකස්වන්නේ, සුන්නි ඕර්තඩොක්ස් දෘෂ්ටිය විසින් පිළිගන්නාවූ කුතූබ් අල්-සිත්තාහ් වෙතින් සමන්විත ප්‍රාථමික සමුච්චයන් හා සමග සංගමනයවූ කුරානය සහ බැඳුම් සම්මුති වෙතිනි. කීති ව්‍යුත්පන්න කරගන්නේ මෙම මූලික මූලාශ්‍රයන් වෙතිනි; මෙයට අමතරව, සුන්නි ඉස්ලාම් ආගමෙහි නෛතික ශාස්ත්‍රාල විසින් තීන්දු ව්‍යුත්පන්න කිරීම සඳහා, තුල්‍යරූප තර්කය, මහජන සුබසාධනයෙහි විචාරණය සහ නෛතික අභිමතිය වැනි විවිධ ක්‍රම පිළිගනිති.

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සුන්නි_ඉස්ලාම්&oldid=334848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි