හැලීගේ ධූම කේතුව

හේලිගේ වලගාතරුව පිලිබද තොරතුරු

හැලීගේ ධූම කේතුව , නිල නම්කරණය 1P/හැලී,[2] යනු, පෘථිවියෙහි සිට සෑම වසර 75–76 ට වරක් දර්ශනය වන, කෙටි-කාලාවර්ත ධූම කේතු අතුරින් පැහැදිලිතම අවබෝධයක් සහිත ධූම කේතුවය.[2][10] පෘථිවියෙහි සිට පියවි ඇසට දර්ශනය වන එකම කෙටි-කාලාවර්ත ධූම කේතුව හැලීගේ ධූම කේතුව වන අතර, එම නිසාම, මිනිස් ජීවිත කාලය තුල දෙවරක් දිස්විය හැකි පියවි-ඇසට පෙනෙන එකම ධූම කේතුව එය වෙයි. [11] පියවි-ඇසට පෙනෙන අනෙකුත් ධූම කේතු මෙයට වඩා දීප්තිමත් සහ ප්‍රේක්ෂණීය විය හැකි නමුදු ඒවා දිස්වන්නේ වසර දහස් ගණනකට එක් වරකි. අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලයෙහි අවසන් වරට හැලී දක්නට ලැබුණේ 1986දී වන අතර නැවතත් පෙනෙන්නේ මධ්‍ය-2061 හිදීය.[12]

1P/හැලී (හැලීගේ ධූම කේතුව)
A color image of comet Halley, shown flying to the left aligned flat against the sky
1986 මාර්තු 8 දිනදී හැලීගේ ධූම කේතුව
සොයාගැනීම
සොයාගත් තැනැත්තේප්‍රාග්-ඓතිහාසික (නිරික්ෂණය);
එඩ්මන් හැලී ( ආවර්තිකතාව හඳුනාගැනීම)
කක්ෂීය ලක්ෂණ[2]
කාලාරම්භය 2449400.5
(17 පෙබරවාරි 1994)
විහේලිකය35.1 AU
(9 දෙසැම්බර් 2023)[1]
අපහේලිකය0.586 AU
අවසන් අපහේලිකය: 9 පෙබරවාරි 1986
ඊළඟ අපහේලිකය: 28 ජූලි 2061[1]
අඩ-මහා අක්ෂය17.8 AU
උත්කේන්ද්‍රියතාවය0.967
කක්ෂීය කාලාවර්තය75.3 ව[2]
ආනතිය162.3°
භෞතික ගුණාංග
මාන15×8 කිමී,[3] 11 කිමී (මධ්‍යන්‍යය)[2]
ස්කන්ධය2.2×1014 කිග්‍රෑ[4]
මධ්‍යන්‍යය ඝණත්වය0.6[5] (ඇස්තමේන්තුගත පරාසය 0.2 සිට 1.5 දක්වා ග්‍රෑ/සෙමී3[6])
මිදුම් ප්‍රවේගය~0.002 කිමී/තත්
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය2.2 දි (52.8 පැ) (?)[7]
ප්‍රභානුපාතය0.04[8]
දෘශ්‍ය විශාලත්වය28.2 (2003 දී)[9]


අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලය වෙත හැලීගේ යළි-පැමිණීම්, අඩුම වශයෙන් ක්‍රිපූ 240 සිට තාරකා විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කොට වාර්තාගත කොට ඇත. ධූමකේතුවෙහි දර්ශනය වීම් වල පැහැදිලි වාර්තාගත කිරීම් චීන, බැබිලෝනියානු සහ, මධ්‍යතන යුරෝපියානු වංශකථා වල දක්නට ඇතත්, එකම වස්තුව යළි-දර්ශනය වීම් ලෙසින් එකල හඳුනාගෙන නොතිබිණි. ධූමකේතුවෙහි ආවර්තිත ගමන වසර 1705දී පළමුවෙන් හඳුනාගත්තේ ඉංග්‍රීසි තාරකාවිද්‍යාඥ එඩ්මන්ඩ් හැලී විසින් වන අතර, එය නම් කර ඇත්තේ ඔහු අනුව යමිනි.

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=හැලීගේ_ධූම_කේතුව&oldid=302892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි