2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය

2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහරක් ගැටීමෙන්, ශ්‍රී ලංකාවේ පෑරලියදී මගී දුම්රියක් විනාශයට පත්වූ අතර, එම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින්වේ. මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙයි. කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්ථා වී තුබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය
2004 Sri Lanka tsunami-rail disaster
Map
විස්තර
දිනය2004 දෙසැම්බර් 26
පිහිටුමපෑරලිය, හික්කඩුව
රටශ්‍රී ලංකාව
දුම්රිය මාර්ගයමුහුදුබඩ දුම්රිය මාර්ගය
ක්‍රියාකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
අනතුරු වර්ගයසුනාමි රළ, මගී දුම්රියක ගැටීම
හේතුව2004 සුනාමිය
සංඛ්‍යාන
දුම්රිය1 (නො. 8050)
මරණනිවැරදිව නොදනී, අවම වශයෙන් 1,700+
තුවාලවීම්100+

දුම්රිය

මෙම ව්‍යසනයට මුහුණදුන් දුම්රිය, මෙරට කොළඹ සහ ගාල්ල නගර අතර ක්‍රියාත්මකව පැවැති මගී දුම්රියක් වූ අතර (මෙම දුම්රිය, සමුද්‍රදේවී දුම්රිය බවට සමහර තැන්හී සඳහන් වෙයි), එය මෙරට නිරිත දිග වෙරළට ආසන්නයෙන් ඇදී යන, මුහුදුබඩ දුම්රිය මග ඔස්සේ ධාවනය කෙරිණි.

සිදුවීම

2004 වසරේ නත්තල ආගමික සැමරුම යෙදී තිබුණු දිනට පසු එළැඹි උදුවප් පොහොය දින, එනම් දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බව සඳහන් වෙයි.[1]

සුනාමි රළ දුම්රියේ ගැටීම

කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පෑරලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවැතිණි. එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා වුත් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන ලදී. මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් රට තුලට ගලා යන ලදී. සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා මිය ගියහ. දැඩි රළ පහර නිසා ගැලවී ගිය සමහර දුම්රිය පෙට්ටි උඩුයටිකුරු වෙමින් ජල පහර සමග රට තුලට ගසා ගෙන ගිය අතර, දුම්රිය මාර්ගයටද රළ පහර නිසා දැඩි ලෙස හානි සිදුවී තිබුණි. මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 - 9 ත් පමණ උස් වූ රළ පහරක් බව පැවසෙයි.[2]

විපත්තියෙහි තරම

සුනාමිය නිසා රටට සිදුවූ සමස්ථ හානියේ වපසරිය ඉතා විශාල වූ නිසා, ගුවනින් දැකගන්නා තුරු, එනම් පැය කිහිපයක් යන තුරුම දුම්රිය ඇත්තේ කොහේදැයි පිළිබඳව නිශ්චිත අදහසක් බලදාරීන්ට නොවූ බව පැවසෙයි. ප්‍රාදේශීයව පිහිටුවා තිබූ සියළුම හදිසි සේවාවන්ද, සුනාමිය හේතුවෙන් විනාශ වී ගොස් තුබූ නිසා, මෙම ප්‍රදේශ වෙත සහන සේවා පැමිණීමටද යම් කාලයක් ගතවූ බව සඳහන් වෙයි.

බලදාරීන් විසින් නිකුත් කල වාර්ථාවන්ට අනූව, දුම්රියේ සිටි මගීන්ගෙන් යම් සංඛ්‍යාවක් සිය දිවි ගලවා ගෙන තුබූ අතර, තවත් 1,700 ක පමණ පිරිසකට, සමහර විට 2,000, කට වඩා වැඩි පිරිසකට, මෙම අනතුර නිසා සිය ජීවිත අහිමි වී තිබුණි.

මේවාද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

80°05′28″E / 6.169°N 80.091°E / 6.169; 80.091

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය