2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය


2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, 8වන ජනාධිපතිවරණය වන අතර, 2019 නොවැම්බර් 16 දිනදී පැවැත්විය.[1][2] 2019 වන විට රටේ තනතුරුධාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය, 2020 ජනවාරි 9 දිනදී ඉකුත් වීමට තිබුණි. ධූරය දරන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායක වරයා හෝ ජනාධිපති ධූරය සඳහා තරග නොවැදෙමින් පැවැත්වෙන ශ්‍රී ලංකාවෙහි පළමුවන ජනාධිපතිවරණය මෙය වෙයි.මෙම මැතිවරණයේදි අමිත් වීරසිංහයන්ගේ මතවාදය 2019 ජනාධිපතිවරණයට බොහොසේ පල පෑ බව මැතිවරණ විශේෂඥ මතයයි.නමුත් 2019 පත් වු ජනාධිපතිවරයා හා ආණ්ඩුවද අමිත් වීරසිංහන්ගේ අන්තතර්ජාල තහනම දිර්ඝ කොට ලැබිය. පසුුව අමිත් වීරසිංහයන් විසින් තමන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රථිපල විකෘති කිරිම පිටුපසද 2019 පත් වූ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සිටින බවට නඩු මගට පවා ගියහ. එමෙන්ම තමන්ගේ මතවාදය 2019 රජය විසින් දේශපාලනය උදේසා භාවිතා කල බවටද චෝදනා නැගීයහ. [3]

2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
← 201516 නොවැම්බර් 20192022 →
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය83.72%
 
Nandasena Gotabaya Rajapaksa.jpg
Sajith Premadasa.jpg
අපේත්ෂකයාගෝඨාභය රාජපක්ෂසජිත් ප්‍රේමදාස
පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණඑක්සත් ජාතික පක්ෂය
සන්ධානයශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ජනප්‍රිය ඡන්ද6,924,2555,564,239
ප්‍රතිශතය52.25%41.99%

මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ
  –ගෝඨාභය රාජපක්ෂ   –සජිත් ප්‍රේමදාස

ජනාධිපති මැතිවරණයට පෙර

මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජනාධිපති මැතිවරණයට පසු

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

කාලානුරූපය

2018
2019
  • 9 ජනවාරි- මෙම දිනයට පසු ඕනෑම දිනයක ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලය ලබයි.[2]
  • 31 ජනවාරි- පක්ෂයෙහි අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයෙහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි අපේක්ෂකයා ලෙසින් ජනාධිපති සිරිසේන ඒකමතිකව අනුමැතිය ලබයි. [4][5]
  • 6 මාර්තු- තම එජ පුරවැසිභාවය අත්හිටුවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා අයැදුම්පතක් ඉදිරිපත් කරයි.[6]
  • 26 මාර්තු- ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය වෙත පෞද්ගලික සංචාරයක යෙදෙන අතර, එහිදී ඔහුගේ පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලීම කඩිනම් කිරීමට ඔහු අපේක්ෂා කරයි.[6][7]
  • 7 අප්‍රේල්- මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම වධහිංසාවෙන් නොමැරී බේරුනු දෙමළ ජාතික රෝයි සාමදානම් වෙනුවෙන් ඔහුට විරුද්ධව ඇඑජ කැලිෆෝර්නියාවෙහි ගොනු කෙරුණු සිවිල් නඩු දෙකක් පිළිබඳ නොතීසි ඔහු එක්සත් ජනපදයෙහි සිටියදී ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලබයි .[8][9]
  • 12 අප්‍රේල්- ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජනපදයෙහි සිට ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි.[10]
  • 21 අප්‍රේල්- 2019 ශ්‍රී ලංකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය
  • 27 අප්‍රේල්- ජනාධිපතිවරණය සඳහා තරග කරන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.[11]
  • 11 අගෝස්තු- මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා වනුයේ ගෝඨාභය රාජපක්ෂ බව නිල වශයෙන් ප්‍රකාශ කරයි.[12]
  • 12 අගෝස්තු - පක්ෂය විසින් නිල අපේක්ෂකයෙක් නම් කර නොමැති වුවද, එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් බදුල්ලෙහි රැළියක් සංවිධානය කරන ලද්දේ එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කරනු පිණිසය. සජිත් ප්‍රේමදාස පැහැදිලි ලෙසින් දක්වා සිටියේ ජනාධිපති ධූරය සඳහා ඔහු තරග වදින බවය.[13] බදුල්ලෙහි සියළු එජාපෙ මන්ත්‍රීවරු එයට සහභාගි වූ අතර, හරිෂ , ඉරාන් , අජිත්, සුජීව, රංජිත්, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, චන්ද්‍රානි, බුද්ධික, හේෂා, අශෝක්, සහ තවත් මන්ත්‍රීහූ එයට සහභාගී වූහ.
  • 18 අගෝස්තු - ගාළු මුවදොර පිටියෙහි පැවැති රැළියකදී ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ අළුතින් තැනුනු දේශපාලන සන්ධානයක් වන "ජාතික ජන බලවේගය" පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බවයි.[14]
  • 23 අගෝස්තු- එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් වෙත සහයෝගය පල කිරීම‌ට, මහා රැළියක් මංගල සමරවීර විසින් මාතරදී සංවිධානය කරන ලදි.
  • 5 සැප්තැම්බර්- අකිල හැර අනෙකුත් සියළු කුරුණෑගල එජාප මන්ත්‍රීවරු විසින් එජාප අපේක්ෂකයා ලෙසින් සජිත් වෙත සහාය පල කිරීමට මහා රැළියක් කුරුණෑගල පැවැත්විණි.
  • 5 සැප්තැම්බර්- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා සිටියේ ඉදිරියෙහිදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂය විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි [15]
  • 6 සැප්තැම්බර්- අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයෙහි නායක, රනිල් වික්‍රමසිංහ විසින්, තම පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වීමට අපේක්ෂාව ප්‍රකාශ කර සිටි බවට වාර්තා විය.[16]
  • 15 සැප්තැම්බර්- ඕනෑම වේලාවක ජනාධිපතිවරණය කැඳවීමට ජාතික මැතිවරණ කොමිසම බලය ලබයි [17]
  • 18 සැප්තැම්බර්-ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙහි උපදෙස් පරිදී ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව විසින් අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2141/25 මුද්‍රණය කරමින් නියම කර සිටියේ 2019 ඔක්තොම්බර් 7 දින නාමයෝජනා බාර ගන්නා දිනය බවත්, නොවැම්බර් 16 දින මැතිවරණ දිනය බවත්ය.
  • 24 සැප්තැම්බර් 2019 - එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂක ලෙසින් එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වුවද එය පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත විය යුතුව තිබුණි.[18]
  • 26 සැප්තැම්බර් 2019 - පක්ෂයෙහි නීතිය අනුව එහි අපේක්ෂකයා තෝරා ගැනීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතෙහි රැස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය විසින් නියමිත කර තිබුණි.[19]
  • 26 සැප්තැම්බර් 2019 - එක්සත් ජාතික පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසින් ඒකමතිකව තීරණය කරන ලදි.
  • 29 සැප්තැම්බර් 2019 - ශ්‍රී ලංකාවෙහි හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කර සිටියේ, දිවයින පුරා සිවිල් සංවිධාන එකමුතුවක් වන දේශපාලන නොවන ජාතික ජනතා පක්ෂය, යටතේ ජනාධිපති ධූරය සඳහා තරග කරන බවයි.[20]
  • 30 සැප්තැම්බර් -අභියාචනා අධිකරණය විසින් තීරණය කලේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙක් ලෙස පිළිගැනීම‌ අභියෝග කරමින් ගොනු කර තිබූ පෙත්සම ඔක්තොම්බර් 2 දින විභාගයට ගන්නා බවටයි.[21]
  • 1 ඔක්තොම්බර්- වෛද්‍ය කටයුත්තක් සම්බන්ධයෙන් ඔක්තොම්බර් 9 සිට 12 දක්වා සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙහි අවසරය පතයි.[22]
  • 2 ඔක්තොම්බර්- හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙක් ලෙස පිළිගැනීම‌ අභියෝග කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීම අභියාචනා අධිකරණයෙහි විනිසුරු-තිදෙනෙක් විසින් සමන්විත මඩුල්ලක් විසින් අරඹයි.[23]
  • 3 ඔක්තොම්බර්- එක්සත් ජාතික පක්ෂය එහි ජාතික සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයෙහිදී පැවැත්වූයේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙසින් නිල වශයෙන් මහජනයාට දැනුවත් කිරීම සඳහාය.[24]
  • 4 ඔක්තොම්බර්- ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව නගා තිබූ චෝදනා නිෂ්ප්‍රභා කල අධිකරණය, ඉදිරියෙහිදී පැවැත්වෙන මැතිවරණයට තරග කිරීමට ඉඩ සලසන ලදි.[25][26]
  • 5 ඔක්තොම්බර්– ශ්‍රී ලංකා ඉතිහාසයෙහි පළමුවරට ජනාධිපති අපේක්ෂකයන් අතර වාද විවාදයක් පැවැත්වුණි.[27] මෙම ඉසව්ව සඳහා, ගෝඨාභය රාජපක්ෂ හැර අනෙකුත් සියළුම ප්‍රධාන අපේක්ෂකයෝ සහභාගී වූහ.[28]
  • 7 ඔක්තොම්බර් - මීළඟ ජනාධිපති සඳහා නාමයෝජනා භාර ගැනීම 9.00 පෙ.ව. සිට 11.00 පෙ.ව දක්වා පැවැත්වෙන අතර අපේක්ෂකයෝ 33 දෙනෙක් නාමයෝජනා භාර දීමට නියමිතය.[29]
  • 9 ඔක්තොම්බර් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රීලපොපෙ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය ලබා දීමට ප්‍රතිඥා දෙයි.[30]
  • 15 ඔක්තොම්බර් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි[31]
  • 15 ඔක්තොම්බර් - දෙමළ ප්‍රගතශීලි පෙරමුණ විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි.[32]
  • 18 ඔක්තොම්බර් - ලංකා කම්කරු කොංග්‍රසය විසින් ශ්‍රීලංපොපෙ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය දැක්වීමට ප්‍රතිඥා දෙයි.[33]
  • 18 ඔක්තොම්බර් - ජාතික හෙළ උරුමය විසින් ජාතික සම්මේලනය පැවැත්වූයේ සජිත් ප්‍රේමදාස වෙත සහාය දැක්වීම ප්‍රකාශ කිරීම සඳහය.[34]
  • 4 නොවැම්බර් - දෙමළ ජාතික සන්ධානය විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය දැක්වීමට ප්‍රතිඥා දෙයි[35]
  • 5 නොවැම්බර් - ශ්‍රීලංනිප හිටපු ජනාධිපති සහ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය, චන්ද්‍රිකා කුමාරතුංග විසින් සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දීමට ප්‍රතිඥා දෙයි.[36] [37]
  • 16 නොවැම්බර් - මීළඟ ජනාධිපති සඳහා මැතිවරණය 7.00 පෙ.ව. සිට 5.00 ප.ව. දක්වා පැවැත් විණි . [29][38]
  • 17 නොවැම්බර් 2019 - නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ දහ හතරකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන තේරී පත් විය.
  • 18 නොවැම්බර් 2019- නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ

මැතිවරණයට පෙර

2019 ජනාධිපතිවරණය නිමවීමෙන් පසුව, මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව පුරෝකථනය කෙරෙයි.[39]

ශ්‍රී ලාංකික මෑත මැතිවරණ ප්‍රතිඵල
මැතිවරණ දිනඑක්සත් ජාතික පක්ෂය
(යුඑන්එෆ්ජීජී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(යූපීඔෆ්ඒ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණදෙමළ ජාතික සන්ධානයජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයස්වාධීන
ඡන්ද%ඡන්ද%ඡන්ද%ඡන්ද%ඡන්ද%ඡන්ද%ඡන්ද%
2015 ජනාධිපතිවරණය6,217,16251.28% [lower-roman 1]5,768,09047.58%
2015 පාර්ලිමේන්තු මැතිවරණය5,098,91645.66% [lower-roman 2]4,732,66442.38%515,9634.62%543,9444.87%44,1930.40%42,8280.38%
2018 පළාත් පාලන මැතිවරණය3,640,62029.42%1,497,23412.10%5,006,83740.47%337,8772.73%710,9325.75%92,897[lower-roman 3]0.75%374,1323.02%
මෙම මැතිවරණයට පෙර ශ්‍රී ලාංකික දේශපාලන සිතියම
ජනාධිපතිවරණය, 2015පාර්ලිමේන්තු මැතිවරණය, 2015
වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට හෝ නගර සභාවට පත්වූ සාමාජිකයෝ:
  එක්සත් ජාතික පක්ෂය/යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ
  එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය සපයන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ප්‍රතිඵල

ජාතික

සං • සා ' 2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයෙහි සාරාංශය'
අපේක්ෂකයාපක්ෂයඡන්ද%
ඒ. එච්. එම්. අලවි ස්වාධීන%
සිරිපාල අමරසිංහ ස්වාධීන%
අජන්තා ද සොයිසාරුහුණු ජනතා පෙරමුණ%
අරුණ ද සොයිසාප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය%
අනුර කුමාර දිසානායකජාතික ජන බලවේගය%
ආරියවංශ දිසානායකප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ%
ප්‍රියන්ත එදිරිසිංහඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය%
මිල්රෝයි ප්‍රනාන්දු ස්වාධීන%
සුබ්‍රමානියම් ගුණරත්නම්අපේ ජාතික පෙරමුණ%
සුමනසිරි හේරත් ස්වාධීන%
එම්.එල්. ඒ. එම්. හිස්බුල්ලා ස්වාධීන%
සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය%
සරත් කීර්තිසේන ස්වාධීන%
ජයන්ත කැටගොඩ ස්වාධීන%
ඒ. එස්. පී. ලියනගේශ්‍රී ලංකා කම්කරු පක්ෂය%
සරත් මනමේන්ද්‍රනව සිහළ උරුමය%
ඉල්ලියාස් අයිද්රූස් මොහමඩ් ස්වාධීන%
දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය%
බැද්දෙ ගමගේ නන්දිමිත්‍ර නව සම සමාජ පක්ෂය%
රොහාන් පැල්ලෙවත්තජාතික සංවර්ධන පෙරමුණ%
අජන්තා පෙරේරාසමාජවාදී පක්ෂය%
සමන් පෙරේරාඅපේ ජන බල පක්ෂය%
අනුරුද්ධ පොල්ගම්පොල ස්වාධීන%
සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ5,564,23941.99%
අපරැක්කේ පුඤ්ඤානන්ද ස්වාධීන%
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ6,924,25552.25%
නාමල් රාජපක්ෂ ජාතික සමගි පෙරමුණ%
බත්තරමුල්ලේ සීලරතනජන සෙත පෙරමුණ%
මහේෂ් සේනානායකජාතික ජනතා පක්ෂය%
එම්. කේ. සිවාජිලිංගම් ස්වාධීන%
අශෝක වඩිගමංගාව ස්වාධීන%
සමරවීර වීරවන්නි ස්වාධීන%
පියසිරි විජේනායක ස්වාධීන%
රාජිව විජේසිංහ ස්වාධීන%
පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය%
වලංගු ඡන්ද100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද%
භාවිතා කල මුළු ඡන්ද%
ලියාපදිංචි ඡන්දදායකයෝ


ආශ්‍රිත

සටහන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි