2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්

අනාගතය වෙනුවෙන් ගෝලීය සතිය ලෙසින්ද හැඳින්වෙන, 2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම් යනු, ගෝලීය තාපනය හේතුවෙන් දේශගුණය වෙනස් වීම පිළිබඳ පියවර ගැනීමට තරයේ ඉල්ලා සිටීම සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර වැඩ වැරීම් සහ විරෝධතා මාලාවකි. වැඩ වැරුවන්ගේ ප්‍රධාන දිනයන් අතර, එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ සම්මේලනයට දින තුනකට පෙර දිනයවූ සැප්තැම්බර් 20, සහ සැප්තැම්බර් 27,[2][3] මෙන්ම, පෘථිවි වැඩ වැරීම යනුවෙන් හැඳින්වුණු දේශගුණය පිළිබඳ ලෝකව්‍යාප්ත මහා වැඩ වැරීමක් සඳහා යෝජිත සැප්තැම්බර් 20 සිට 27 දක්වා සම්පූර්ණ සතියද විය. රටවල් 150ක් තුල සහ ස්ථාන 4,500ක විරෝධතා පැවැත්වෙයි. [4][5] මෙම සිද්ධිය, ස්වීඩන ජාතික දේශගුණ ක්‍රියාකාරී ගෙරේටා ටුන්බරී විසින් පොළඹවනු ලැබූ දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් ව්‍යාපාරයෙහි අංගයකි.[6][7]

2019 සැප්තැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්
දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් හි කොටසකි
දිනය20–27 සැප්තැම්බර් 2019
ස්ථානයලෝක ව්‍යාප්ත
හේතූන්දේශගුණය වෙනස් වීම පිළිබඳ කණස්සල්ල
ක්‍රමවිරෝධතා
ප්‍රධන පුද්ගලයෝ
සංඛ්‍යා
මිලියන 4 (ගෝලීය)[1]
සැප්තැම්බර් 20 වන විට විරෝධතාවට සහභාගී වූවන් සංඛ්‍යාව, රට අනුව.
  1,000,000+
  100,000 ගණන්
  10,000 ගණන්
  1,000 ගණන්
  100 ගණන්
  කුඩා විරෝධතා, සංඛ්‍යා පැහැදිලි නැත

සැප්තැම්බර් 20 විරෝධතා බොහෝවිට ලෝක ඉතිහාසයෙහි විශාලතම දේශගුණය පිළිබඳ වැඩ වැරීම් වීමට ඉඩ ඇත.[1][8] සංවිධායකයන් වාර්තා කර තිබුණේ ලොව පුරා වැඩ වැරීම් සඳහා මිලියන 4 කට වැඩි ජනයා සහභාගි වූ අතර,[1] එම සංඛ්‍යාවට ජර්මනියෙහි සහභාගිත්වය වූ මිලියන 1.4 ද අයත් වූ බවයි.[9][10] ඕස්ට්‍රේලියානු වැඩ වැරීම් සඳහා ඇස්තමේන්තු ගත විරෝධතාකරුවන් 300,000 සහභාගි වූ අතර,[11] එක්සත් රාජධානියෙහි විරෝධතා සඳහා තවත් ජනයා 300,000 ක්ද [12] නිව්යෝර්ක්හි විරෝධතා සඳහා දළ වශයෙන් 250,000 දෙනෙක්ද එක් වූහ.[8] රටවල් 40 ක 2,000 සංඛ්‍යාවකට වැඩි විද්‍යාඥයින් ගණනක් වැඩ වැරීම් සඳහා සහයෝගය පල කලහ.[13]

පසුබිම

2019 සැප්තැම්බර් 20 දිනදී දේශගුණය වෙනුවෙන් ගෝලීය වැඩ වැරීම සඳහා එක් වන ලෙස ආයාචනයක්

මෙම වැඩ වැරීම දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් ව්‍යාපාරයෙහි තුන්වන ගෝලීය වැඩ වැරීම වෙයි. 2019 මාර්තු මාසයෙහිදී පැවැත්වුණු පළමුවන වැඩ වැරීම සඳහා රටවල් 125ක් වෙතින් මිලියන 1.6 ක් සහභාගී වූහ.[14] 2019 යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම හා සමගාමී වන අයුරින් 2019 මැයි මාසයේදී පැවැත්වුණු දෙවැන්න, රටවල් 125 ක් තුල ඉසව් 1,600 කට වැඩි ගණනක් සහිතව පැවැත්විණි.[14][15][16] [17] ගෝලීය වැඩ වැරීම් වල තෙවන ගොන්න පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන වශයෙන් සැප්තැම්බර් 20 සහ 27 දිනයන්හිදීය. ඒවා පැවැත්වෙන දින වකවානු නියම කර ඇත්තේ එජා යෞවන දේශගුණය පිළිබඳ සම්මේලනය (21 සැප්තැම්බර්) සහ එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ ක්‍රියාකාරිත්ව සම්මේලන (23 සැප්තැම්බර්) පැවැත්වෙන වකවානු හා සමගාමී වන පරිදීය.[2] සැප්තැම්බර් 27 යනු, පරිසරවේදී ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රධාන හේතු කාරකයක් වූ 1962 ග්‍රන්ථය සයිලන්ට් ස්ප්‍රිං ප්‍රකාශයට පත් කිරීමෙහි සංවත්සරයද වෙයි.[2]

රට අනුව ක්‍රියාකාරිත්ව

ඇෆ්ගනිස්තානය

කාබුල්හී, යෞවනයන් දේශගුණ වෙනසට එරෙහිව ගමනෙහි යෙදුනේ හමුදා බලකායන්ගේ ආරක්ෂාව යටතේය. ඇෆ්ගනිස්තානයෙහි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලේ වාත දූෂණය නිසාවෙන් වාර්ෂිකව දහස් ගණනක් ඇෆ්ගනිස්තාන ජනයා මිය යන බවයි.[18]

ඇන්ගෝලාව

50,000 සංඛ්‍යාවකට වඩා දරුවන් සහ යෞවනයන් පළමුවන වරට අගනුවර ලුවන්ඩාහී එක්රැස් වූයේ දේශගුණ වෙනස පිළිබඳ ව්‍යාපාරයට සහය පල කරනු සඳහාය.


මෙයද බලන්න

  • දේශපාලනය හා රාජ්‍ය පාලනය පිළිබඳව 2019 වසර
  • දේශගුණය වෙනස් වීම පිළිබඳ ව්‍යාපාරික ක්‍රියාකාරකම
  • ලෝක ශෝධන දිනය (21 සැප්තැම්බර් 2019)


ආශ්‍රිත

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි