එක්සත් ජාතීන්ගේ සංවිධානය

(එක්සත් ජාතීන් වෙතින් යළි-යොමු කරන ලදි)

එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යෝජනා කළ එක්සත් ජාතින් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවන ලෝක යුධ සමයේ 1942 ජනවාරි 1 වනදා කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය මුල්වරට භාවිතා කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය
  • United Nations (ඉංග්‍රීසි)
  • الأمم المتحدة (අරාබි)
    联合国 (චීන)
    Nations Unies (ප්‍රංශ)
    Организация Объединённых Наций (රුසියානු)
    Naciones Unidas (ස්පාඤ්ඤ)
එක්සත් ජාතීන්ගේ සංවිධානය හී කොඩිය
කොඩිය
එජා සාමාජීක රාජ්‍යයන් සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
එජා සාමාජීක රාජ්‍යයන්
සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
මූලස්ථානයනිව්යෝක් නගරය, මැන්හැටන් හි, ජාත්‍යන්තර භූමිප්‍රදේශය
නිල භාෂාවන්අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ
සාමාජිකත්වය193 සාමාජීක රාජ්‍යයන්
නායකයෝ
• මහ-ලේකම්
Antonio Guterres
Establishment
• එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
1945 ජූනි 26
• ප්‍රඥප්තිය අපරානුමත කිරීම
1945 ඔක්තෝබර 24
වෙබ් අඩවිය
http://www.un.org/

යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.

එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ "ජාතීන්ගේ සංගමය" යි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය
එක්සත් ජාතීන්ගේ සමුළුව

චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝම්බර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ.

මෙහි නිෂේධ බලය සහිත රටවල් වන්නේ චීනය, ප්‍රංශය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය යි. මීට අමතරව ආර් තික සහ සමාජීය කවුන්සිලය, සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය යනාදී වශයෙන් වන තවත් අංශ රාශියකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමන්විත වේ.

1965 දී ඉන්දුනීසියාව මෙම සංවිධානයෙන් ඉවත් වී 1966 වසරේ නැවත එක් විය. එසේ කළ එකම රට ඉන්දුනීසියාවයි. එයට හේතුව ඔවුන් මැලේසියාව සමඟ ඇතිවූ ප්‍රශ්නයක් නිසායි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසන් සාමාජිකත්වය ලබා ගත් රට වන්නේ දකුණු සූඩානයයි. 2011 වසරේදී සුඩාන ජනරජයෙන් දකුණු සුඩානය බෙදී වෙන්වීමෙන් පසුව එම වසරේදීම එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය. 2011 වසරේදී පලස්තීනයද සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළද මෙතෙක් ස්ථිර සාමාජිකත්වය ලබා දී නොමැත. තායිවානය සහ කුක් දුපත් වලටද මෙතෙක් සාමාජිකත්වය ලබාදී නොමැත. ඒ චීනයට සහ නවසීලන්තයට එම භුමි පිළිබඳව ප්‍රශ්න ඇති නිසායි. උතුරු සහ දකුණු කොරියා රටවල් දෙකද මෙතෙක් සාමාජිකත්වය ලබා නොමැත.

1945 ආරම්භයෙදී මෙහි පළමු මහ ලේකම්වරයා වූයේ ට්‍රින්ග් වේ ලී, ඉන්පසුව පත්වූ කීපදෙනෙක් වූයේ, බුටෝස් බුටෝස් ගාලි, කොෆි අනන් (ඔහුට 2001 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවිය), බැන්කි මූන් සහ 2017 සිට මේ දක්වා 9 වන මහ ලේකම්වරයා ලෙස පෘතුගාල් ජාතික අන්තෝනියෝ ගුටරෙස්. මෙහිදී එක් අයෙකුට වසර 4 බැගින් වාර දෙකක් මහ ලේකම් තනතුර හෙබවිය හැකිය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කළේ එම සංවිධානය පිහිටුවීමෙන් වසර තුනක් ගතවීමෙන් පසුවය. එනම් 1952 වසරේදීය. පසුව 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට සාමාජිකත්වය ලබා දෙන ලදී.

මෙම සංවිධානය විසින් සිවිල් අරගල පාලනය කිරීම සඳහා රටවල් තුළට "සාම සාධක" හමුදා යැවීමද සිදු කරයි. එසේ හමුදා යවන ලද රටවල් කීපයක් වන්නේ ලයිබීරියාව, ඊශ්‍රයලය, කොසවෝ, සුඩානය සහ හයිටියයි.

චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිළ භාෂාවෝ වෙති. මහා මණ්ඩලයේ, ආරක්‍ෂක මණ්ඩලයේ සහ ආර් තික හා සාමාජීය මණ්ඩලයේ නිල භාෂාවක් ලෙස අරාබි බස ද පසුව එක් කරනු ලැබී ය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිශ්චය කරන්නාවූත් එක්සත් ජාතීන්ගේ අයවැය හා ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කරන්නාවූත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි. අන්තර්ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර්ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප්‍රධාන මූලධර්ම සංග්‍රහ කරයි.

අරමුණු

ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය.

  1. ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
  2. ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
  3. පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම.
  4. ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම

  1. සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත.
  2. සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතුය.
  3. එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම.
  4. සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතුය.
  5. සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම.
  6. සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතුය.
  7. එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටීම.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංග

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 6 ක් ප්‍රඥප්තියෙන් ස්ථාපනය කෙරිණ.

  1. මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව)
  2. ආරක්‍ෂක මණ්ඩලය
  3. ආර්ථික හා සමාජීය මණ්ඩලය
  4. භාරකාරත්ව මණ්ඩලය (ආහෝසිකරනු ලැබීය)
  5. අන්තර්ජාතික අධිකරණය
  6. ලේකම් කාර්යාලය

නියෝජිත ආයතන 15 කින් වැඩසටහන් සහ මණ්ඩල ගණනාවකින් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ පවුල (The United Nation System ) මීට බොහෝ සෙයින් විශාල වූවකි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් (UNICEF සහ UNDP )සහ විශේෂිත ආයතන එක් වීමෙන් නිර්මාණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය

අරමුදල් ලබාදීම

Top 10 donators to the UN budget, 2011[1]
සාමාජික රටවල්දායකත්වය
(% of UN budget)
 ඇමරිකානු එක්සත් ජනපද22.000%
 ජපානය12.530%
 ජර්මනිය8.018%
 එක්සත් රාජධානිය6.604%
 ප්‍රංශය6.123%
 ඉතාලිය4.999%
 කැනඩාව3.207%
 චීන මහජන සමූහාණ්ඩුව3.189%
 ස්පාඤ්ඤය3.177%
 මෙක්සිකෝව2.356%
අනෙකුත් සාමාජික රටවල්27.797%

මේවාද බලන්න

ආශ්‍රිත ග්‍රන්ථ

  • එක්සත් ජාතීන්ගේ පවුල
  • එක්සත් ජාතීන් (අන්තර් ජාතික සාමය හා ආරක්‍ෂාව)

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි