2023 ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය

2023 ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය යනු, ශ්‍රී ලංකාවේහි 17වන පළාත් පාලන මැතිවරණය වන අතර, 2023 මාර්තු 9 දිනදී පැවැත්වීමට නියමිතය.[2][3] පළාත් පාලන ආයතන 340කට සභිකයින් තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදුසුකම් ලබයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙරපා හැරීමට තුඩු දුන් පෙර වසරේ විරෝධතාවලින් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වනු ඇත.

2023 ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය
ශ්‍රී ලංකාව
← 20189 මාර්තු 2023
 පළමුවන පක්ෂයදෙවන පක්ෂයතෙවන පක්ෂයy
 
නායකයාමහින්ද රාජපක්ෂසජිත් ප්‍රේමදාසසාමූහික නායකත්වය[lower-alpha 1]
පක්ෂයශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයසමගි ජන බලවේගයනිදහස් ජනතා සන්ධානය

 Fourth partyFifth party
 
නායකයාඅනුර කුමාර දිසානායකආර්. සම්බන්ධන්
පක්ෂයජාතික ජන බලවේගයදෙමළ ජාතික සන්ධානය

පසුබිම

2018 වසරේ ශ්‍රී ලංකාවේ පැවති අවසන් පළාත් පාලන මැතිවරණයේදී අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා ලදී.[4]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුව 2019 සහ 2020 දී පිළිවෙළින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය බවට පත්වනු ඇත.

මීළඟ පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ පෙර වසරේ එනම් 2022 වසරේදීය. කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැතිවරණය කල් දමන ලදී.[3] එම හේතුව නිසාම මැතිවරණය නැවත කල් දමන බවට බොහෝ අනුමාන පළ වූ අතර, බොහෝ විරුද්ධ පක්ෂ කියා සිටියේ නින්දා සහගත පරාජයක් අත්විඳීමෙන් වැළකීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියමිතව තිබූ මැතිවරණය හිතාමතාම කල් තබන බවයි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පසුව මාර්තු 9 මැතිවරණය පවත්වන දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

නාම යෝජනා

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. රහුමාන් පැවසුවේ තමන් කොළඹ නගරාධිපති ධුරයට තරග කරන බවයි.[5]

සටහන්

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි