Jump to content

මූර්ති ශිල්පය

විකිපීඩියා වෙතින්


මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරයි. මෙම මූර්ති ශිල්පයේ යෙදෙන්නන් මූර්ති ශිල්පීන් ලෙස හඳුන්වයි.

බො‍හෝවිට මූර්තිකරණයේ දී ඇඹීමට යොදාගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණයේ යෙදෙන්නේ ඒවා අවශ්‍ය ලෙස සකසා ගත හැකි නිසාමය. එබැවින් එය ඇඹීම් කලාවක් ලෙසින්ද සැලෙකේ. මහජන කලාවන් හි බහුතරය ලෙස දැක්වෙන්නේ ද මූර්ති ශිල්පය වේ. බොහෝ රූප නෙලීම් උද්‍යාන අලංකරණයට යොදා ගන්නා අතර එම නිසා නූතනයේ මූර්තිමත් උද්‍යාන වැඩි වී ඇත.ස්තූතියි.

මූර්ති වර්ග

සුලභ මූර්ති ආකාරයන් පහත දැක්වේ.

  • පූර්ණ උන්නත මූර්ති : මූර්තියේ පාදම හැරෙන්නට අන් සියලූ පැති නෙලා ඇත. මෙය ඕනෑම කෝණයකින් නිරීක්‍ෂණය කළහැක.
  • ආභරණ
  • උන්නත  : මූර්තිය පසුතලයක් හා සම්බන්ධිතව ඇත.
  • පිහිටන ස්ථානයට විශේෂිත කෘති
  • චාලක මූර්ති : භෞතික චලනයක කිසියම් පැතිකඩක් හෙළදරව් කරයි.වතුර මල - ජලය ගලායන ආකාරයෙන් නිමවන මූර්තිය.
  • පිළිමය : පුද්ගලයෙක්, අවස්ථාවක්, සතෙක් හෝ වස්තුවක් නිරූපනය කරන සංදර්ශකවාදී මූර්තියකි.
    • ඌර්ධවකාය - කෙනෙකුගේ පපුවේ සිට ඉහල කොටස දැක්වෙන මූර්තියකි.
    • අශ්වාරෝහක පිළිම - සුවිශේෂී තැන්තකු අවශ්වයකු පිට සිටින ආකාරය දක්වයි.
  • ලෑන්ඩ් ආර්ට්

    ලෑන්ඩ් ආට් යනු එක්තරා කළා නිර්මාණ සම්ප්‍රදායක් වන අතර එය ඉංග්‍රීසි බසින් Land art, Earthworks සහ Earth art යන නම් වලින් හැඳින්වේ. මෙය 1960 දශකයේ අගභාගයේ සහ 1970 දශකයේ මුල් භාගය තුළ ඇමරිකාව තුළ ආරම්භ වූ කළා සම්ප්‍රදායකි.

    මෙම සම්ප්‍රදායට අයත් කළා නිර්මාණ ඒවා පවතින වටපිටාව සමඟ දැඩිව බැඳී පවතී. මෙහි දී කිසියම් පරිසරයක් තුළට අඹන ලද මූර්ති පිහිටුවීම සිදු නොකෙරෙන අතර ඒ වෙනුවට අදාල භෑ දර්ශනයන්ම නිර්මාණය සඳහා යොදාගනු ලබයි. මෙම වර්ගයට අයත් කළා නිර්මාණ බොහෝ විට බාහිර පරිසරයට නිරාවරණය වන ආකාරයට පිහිටුවා තිබෙනු දැක ගත හැකි අතර සාමාන්‍යයෙන් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉතා දුරස්ථව මේවා පිහිටුවනු ලැබේ. එමෙන්ම මෙම නිර්මාණ ස්වභාවික ක්‍රියාවලීන් හේතුවෙන් වෙනස්වීම්වලට භාජනය විය හැකි ආකාරයට පිහිටුවීම සාමාන්‍ය සිරිතකි. මෙම වර්ගයට අයත් මුලින්ම නිර්මාණය කළ බොහෝ නිර්මාණයන් නෙවාඩා, නිව්‍මෙක්සිකෝ, ඌටා සහ ඇරිසෝනා යන ප්‍රදේශවල කාන්තාරයන් තුළ පිහිටුවන ලද අතර මේ වන විට ඒවායින් බහුතරයක් ස්වභාවික හේතු නිසා විනාශයට පත්ව ඇත. එබැවින් වර්තමානයෙහි ඒවා දැකගත හැකි වන්නේ වීඩියෝ පට හෝ වාර්තාමය ඡායාරූප ඇසුරෙන් පමණි.

"https://www.search.com.vn/wiki/?lang=si&title=මූර්ති_ශිල්පය&oldid=538834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය