අජටාකාශගාමියා

අජටාකාශගාමියා (ඉංග්‍රීසි:  Astronaut) යනු මිනිස් අභවකාශ චාරිකා වැඩසටහන මඟින් අභවකාශ යානා හැසිරවිම පිලිබද පුහුණුවක් ලැබු තැනැත්තෙකි.අජටාකාශගාමියා යෙදුම සමහර අවස්ථා වලදී අභවකාශයේ සැරිසරන ඔනෑම පුද්ගලයකු සඳහා යොදා ගනු ලබයි.මෙයට විද්‍යාඥයන්,දේශපාලඤයන්,ජනම‍ධ්‍යවෙිදින් සහ සචාරකයන් ද අයත්ය.

අජටාකාශගාමියා


අර්ථ දැක්විම

අඡටාකාශගාමියන් සදහා අනුග්‍රහකත්වය සහ පුහුණු කිරිම 2003 දක්වා සිදුකරන ලද්දේ රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේය.එම අනුග්‍රාහකත්වය යුදමය හෝ සිවිල් අභවකාශ ඵ්ජන්සි හරහා සිදුවිය.නමුත් 2004ප්‍රථම (පුද්ගලික)කක්ෂීය අභවකාශ යානය (spaceShipOne)සඳහා අරමුදල් සැපයීමෙන් පසු අඡටාකාශගාමියන්ගේ නව කාණ්ඩයක් බිහිවිය.ඔවුන් නමින් වාණිජ අඡටාකාශගාමියන් විය.අභවකාශ චාරිකා ප්‍රචලිත විමත් සමඟම NASA හා Russian Federal Space Agency වාණිජ අඡටාකාශගාමියන් සදහා අභවකාශ ගමන් සදහා සහභාගි වන්නන් ලෙස හැදින්විය.මෙමගින් බලාපොරොත්තු වුයේ ඉහත සඳහන් කල ආයතන විසින් සිදුකරන අභවකාශ චාරිකා සඳහා සහභාගි වනඅඡටාකාශගාමියන් වාණිජ අඡටාකාශගාමියන්ගෙන් වෙන් කර හදුනා ගැනීමටය. federation Aeronautique Internationale(FAI) අනුව අඡටාකාශගාමියින් ලෙස හදුන්වනු ලබන්නේ 100km(හැතැපුමි 62) වඩා දුරක් පියාසර කරන පුද්ගලයන් හටයි.කෙසේ නමුත්ඇමරිකා එක්සත් ජනපද‍ය 80km(හැතැපුමි 50)වඩා දුරක් පියාසර කරන පුද්ගලයන් හට අභවකාශ පියාසර කරන්නන් ලෙස හදුන්වයි.2008 මැයි 31 වන විට රටවල් 39ක පුද්ගලයන් 482ක් 100km සිමාව පසු කර ඇති අතර පුද්ගලයන්479ක් පහල පෘථිවි සිමාව පසු කර ඇත.මෙවුන් අතරින් පුද්ගලයන් 24 දෙනෙකු පහල පෘථිවි සිමාව පසු කර සද කක්ෂය දක්වා හෝ සද තරණය දක්වාද ගමන් කර ඇත.මෙවුන් අතරින් තිදෙනෙකු දෙවරක් මෙය සිදු කර ඇත.(ලෝවිල්,යංන්ග් සහ ස්නන්)ඇමරිකානු අර්ථ දැක්වීමට අනුව පුද්ගලයන් 488 දෙනෙකු අභ්‍යවකාශයට ගමන් කර ඇත.දැනට අඡටාකාශගාමියන් පුද්ගලික දින 30,400 අභවකාශයේ ගත කර ඇති අතර අභවකාශයේ ඇවදිම අඡටාකාශගාමිය දින 100කට වඩා සිදුකර ඇත.2008 දක්වා දැනට අභවකාශයේ වැඩිම කාලයක් ගත කර ඇති පුද්ගලයා වන්නේ සර්ගි කේ.කැරිකැලිවි.ඔහු දින 803 පැය 9 මිනිත්තු 39 හෝ අවුරුදු 2.2 අභවකාශයේගත කර ඇත.වැඩිම කාලයක් අභවකාශයේ ගත කර ඇති කාන්තාව වන්නේ පෙගි ඵ්.විටිසන්.ඇය දින 377 අභවකාශයේ ගත කර ඇත.

අභවකාශ තරණයේ වැදගත් සංසිද්ධස්ථාන

යුරි ගගාරින්
යුරි ගගාරින්

අභවකාශයට ගිය ප්‍රථම පුද්ගලයා වන්නේ යුරි ගගාරින් ය.ඹහු මෙම දක්ෂකම සිදු කරන ලද්දේ 1961 අප්‍රේල් 12 වොස්ටොක් 1 අභවකාශ යානය මගින් පෘථිවි කක්ෂය වටා ගමන් කිරිමෙනි.පෘථිවි වායුගෝලයට යානාව නැවත ඇතුල් විමෙිදී පසු ගගාරින් පැරෂුටයක් ආධාරයෙන් යානයින් ඉවත් කල බවටද චෝදනාවක් ඇත.මෙමගින් බලාපොරොත්තු වී ඇත්තේ නැවත පැමිණීමෙ යානාවෙිගොඩ බැසීමෙි පද්ධතිය ආරක්ෂා කර ගැනීම සදහා යි.අභවකාශයට ගිය ප්‍රථම කාන්තාව වන්නේ වැලැන්ටින් ටෙරෙෂ්කොවා.

වැලැන්ටින් ටෙරෙෂ්කොවා
වැලැන්ටින් ටෙරෙෂ්කොවා

ඇය මෙය සිදු කරන ලද්දේ 1963 ජුනි මස වොස්ටොක් 6 යානාව මගිනි.අභවකාශයට ගිය දෙවන හා ප්‍රථම ඇමරිකානු පුද්ගලයා වන්නේ ඇලන් ෂෙපඩි 1961 මැයි 5 දීය.අභවකාශයට ගිය ප්‍රථම ඇමරිකානු කාන්තාව වන්නේ 1983 ජුනි 18 සැලි රයිඩි,Space Shuttle Challenger's මෙහෙයුම STS-7 අතරතුරදීය. ප්‍රථම සද තරණය සිදු කරන ලද්දේ ඇපලෝ 8 යානය මගිනි.මෙම ගමන සදහා විලියමි ඇන්ඩසන් ඇතුලත් වු අතරඔහු ප්‍රථම ආසියානු අජටාකාශගාමියා ද විය.ඔහු උපත ලබා ඇත්තේ හොංකොං හිදීය.අභවකාශයට ගිය ප්‍රථම චින ජාතික අජටාකාශගාමියා වන්නේ ‍ටෙිලර් වැන්ග්1985 දීය.එමෙන්ම 2003 ඔක්තෝබර් 15 දී ප්‍රථම චින අජටාකාශගාමියා සෙන් සු 5 අභවකාශ යානය මගින් අභවකාශයට ගමන් කරන ලදී.ඔහු නමින් යැන් ලුවී.සෝවීයටි සමුහාන්ඩුව ඔවුන්ගේ විශ්ව තරණ ව්‍යාපෘතිය යටතේ සමාජවාදී රටවල පුද්ගලයන් හටත් අභවකාශ මෙහෙයුමිසඳහා සහභාගි වීමට ඉඩ දුන්හ.උදාහරණයක් ලෙස ප්‍රථම සමාජවාදී නොවන යුරෝපීය ජාතික අජටාකාශගාමියා වුයේ වැඩමීර්රිමෙක් (චෙකොස්ලෝවෙකියාව) 1978 දී රැසියානු සොයිස් රොකටිටුව මගනි.ප්‍රථම ආසියානු ජාතික අජටාකාශගාමියා වුයේ පාමි ටුන් (වියටිනාමය) 1980 ජුලි 23 සොයිස් 37 රොකටිටුව මගනි.ප්‍රථම අප්‍රිකානු ජාතික අජටාකාශගාමියා වුයේ කුබෙින් ආනෝල්ඩි ටොමොයෝ මෙන්ඩිස් 1980 දීය.(ප්‍රථම අප්‍රිකාවෙි ඉපදුනු අජටාකාශගාමියා වුයේ පැටිරික් බවුන්ඩ්‍රි 1985 දී)ප්‍රථම ඇ‍ෆගන්ස්ථාන් අජටාකාශගාමියා වුයේ අබිදුල් අහම‍ඩි මොහොමඩි 1988 දීය.ඔහු මිර් අභවකාශ මධ්‍යස්ථානයේ දින 9 ක් ගත කළේය.අභවකාශ යානා වල ආසන ගණන වැඩි විමත් සමග ඇමරිකා එක්සත් ජනපද‍ය අන්තර් ජාතික අඡටාකාශගාමියන් ඔවුන්ගේමෙහෙයුමි සදහා ඵක්කර ගන්නා ලදී.ප්‍රථම මෙක්සිකාවෙි ඉපදුනු අජටාකාශගාමියා වුයේ රොඩොල්ෆෝ නීරී වෙිලා 1991 දීය.ප්‍රථම ඉංග්‍රිසි ජාතික අජටාකාශගාමියා වුයේ හෙලන් ෂාමන් 1991 දීය.2002 දී මාක් ෂාටල්වර්ත්,ප්‍රථම අප්‍රිකානු පුරවැසියා ලෙස අභවකාශයට ගියේ අභවකාශ මගියකු ලෙස මුදල් ගෙවීමෙනී.ප්‍රථම ඊර්ෂාල අජටාකාශගාමියා වුයේ ඉලන් රාමන් 2003 දීය.

අභවකාශ තරණයේ වයස අනුව වැදගත් සංසිද්ධස්ථාන

අඩුම වයසින් අභවකාශ තරණය කල පුද්ගලයා වන්නේ ගීමන් ටිටොවි වොස්ටොක් 2 අභවකාශ යානය මගිනි.ඵවිට ඔහුට වයස අවුරැදු 25 කි.අභවකාශ රොගාබාධය වැලදුන පුද්ගලයාද මොහු ය.අභවකාශයට ගිය වයස් ගතම පුද්ගලයා වන්නේ ජෝන් ගීලින් STS-95 අභවකාශ මගිනි.ඵවිට ඔහුට වයස අවුරැදු 77 කි.වැඩිම කාලයක් අභවකාශයේ ගත කළ පුද්ගලයා වන්නේ වැලරි පොල්යොකෝචි ය.දින 438 ඔහු අභවකාශයේ ගත කළේය.අඡටාකාශගාමියෙක් පෘථිවියේ සිට ගමන් කළ උපරිම දුර වන්නේ 401,056km ඇපලෝ 13 අභවකාශ යානය අනතුරකට පත් වු අවස්ථාවෙිදී ය.

රාජ්‍ය මැදිහත් වීමකින් තොරව සිදු වු වැදගත් සංසිද්ධස්ථාන

ප්‍රථම රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ගමන් කල අජටාකාශගාමියා වන්නේ බියිරොන් කේ. ලිචන්බර්ග්(පරේෂක massachusetts Institute Of technology),1983 STS-9 මඟිනි.ප්‍රථම වරට වර්තාකරැවෙක් ලෙස අභවකාශයට ගමන් කළ පුද්ගලයා වන්නේ ටෝයෝහිරෝ අකියාමා විසින් 1990 දෙසැමිබර් හීදීය(Tokyo Broadcast System වෙනුවෙන්).ඔහු මිර් අභවකාශ මධ්‍යස්ථානයට ද ගමන් කලේය.මෙය සදහා ඇ.ඩො. මිලියන 12 ක අනුග්‍රහයක් ජපන් රෑපවාහිනි ආයතනය මගින් සිදු කරන ලදී.මෙම කාලය තුලදී අකීයාමා හැදින් වුයේ පරේෂක අජටාකාශගාමියා ලෙසය.මෙම මෙහෙයුම අතරතුරදී අකියාමා අභවකාශ රොගාබාධයෙන් පෙලුනල අතර ඵය ඔහුගේ කාර්ය සදහා මහත් බාධවක් විය.ප්‍රථම අභවකාශ ‍මගියා වන්නේ ඩෙනිස් ටිටො ය.ඔහු 2001 අප්‍රේල් 28 දින රැසියානු සොයිස් TM3 අභවකාශ යානයෙන් අභවකාශය තරණ කලේය.

පුද්ගලික මුදලින් අභවකාශයට ගමන් කල පුද්ගලයන්

ප්‍රථම පුද්ගලික මුල්‍ය ආධාර මත සිදු වු අභවකාශ තරණය සිදු කලේ මයික් මෙල්වින් විසින් Spaceship one flight 15Pයානය මගිනි.මෙය ඇත්ත වශයෙන්ම ප්‍රථම පුද්ගලික අභවකාශ තරණය නොවන අතර මෙය අත්හදා බැලීම සදහා සිදු කරන ලද්දකී.දැනට අභවකාශ තරණය සදහා 6 දෙනෙකු මුදල් ගෙවා ඇත.


1.ඩෙනිස් ටිටො (ඇමරිකානුවෙක්)අප්‍රේල්28-මැයි6,2001

2.මාක් ෂටල්වර්ත්(දකුණු අප්‍රිකානුවෙක්/ඉංග්‍රිසි ජාතික)අප්‍රේල්25-මැයි 5,2002(ISS)

3.ග්‍රේගරි ඔල්සෙන්(ඇමරිකානුවෙක්)ඔක්තෝබර්1-ඔක්තෝබර්11,2005(ISS)

4.අනුසේස් අන්සාරි(ඉරාන ජාතික/ඇමරිකානුවෙක්)සැප්තැමිබර්18-සැප්තැමිබර්29,2006(ISS)

5.චාල්ස් සිමිඔනියි(හන්ගෙරැ ජාතික/ඇමරිකානුවෙක්)අප්‍රේල්7-අප්‍රේල්21,2007(ISS)

6.රිචඩි ගැරිඔටි(ඇමරිකානුවෙක්)ඔක්තෝබර්12-ඔක්තෝබර්24,2008(ISS)


පුහුණුව

NASA ආයතනය ප්‍රථම අජටාකාශගාමියා 1959 දී තොරා ගත්තේ ය.අතීතයේදී NASA හි අඡටාකාශගාමියෙක් වීමට හමුදා ජෙටි යානා පැදවීමෙි පුහුණුව හාඉංජිනේරැ පුහුණුව අවශ්‍ය විය.නමුත් ජෝන් ගිලින් හෝ ස්කොටි කාර්පෙන්ටර් කිසිම විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ ඉංජිනේරැ දැනුමක් නොතිබුනි.අතීතයේදී ඇමරිකානු හා රැසියානු අඡටාකාශගාමින් ජෙටි හා පරික්ෂක ගුවන් නියමුවන් විය.අඡටාකාශගාමින් ලෙස තෝරා ගැනීමෙන් පසු NASA ආයතනය ඔවුන් මාස 20 ක පුහුණුවකට යොමු කරයි.මෙය විවිධ විෂයන් සදහා පැතිරී යයි.මෙහි දී අඡටාකාශගාමින් 'ශුන්‍ය ගුරැත්වය' යටතේද පුහුණු වීමට සිදු වෙි.

ශුන්‍ය ගුරැත්වය

අඡටාකාශගාමියෙක් වීමට පුහුණුවන්නන් නියමිත පියාසර පැය ගණනක් ජෙටි යානාවල සිදු කර තිබිය යුතු වෙි.මෙය සිදු කරනු ලබන්නේ T38 ජෙටි යානා මගින් ඵලින්ග්ටන් ෆිල්ඩි හිදී ය.ඵලින්ග්ටන් ෆිල්ඩි තෝරා ගෙන ඇත්තේ ඵය ජොන්සන් අභවකාශ මධ්‍යස්ථානය ආසන්නයේ පවතින නිසාය.ඵමෙන්ම පුහුණු අභවකාශ යානා නඩත්තුව නිපදවීම ඵලින්ග්ටන් ෆිල්ඩි හිදී සිදු වෙි.නමුත් බෙහෝ පියාසර පුහුණු සිදුවන්නේ ඵඩිවඩි ගුවන් හමුදා කදවුර තුලදීය.

NASA හී අඡටාකාශගාමියකු වීමට සැපරිය යුතු සුදුසුකමි

ඇමරිකා එක්සත් ජනපද‍යේ පුරවැසියකු වීම.

ශාරීරික පරීක්ෂණයෙන් සමත් වීම.ඇස පෙනීම 20/20(6/6) රැධිර පීඩනය90 හා 140 අතර(ඉදගෙන සිටි මෙිදී)

අණදෙන්නක් හා නියමුවෙක් වීමට

ප්‍රඵම උපාධිය ඉංජිනේරැ,ජිව විද්‍යාව,හෞතික විද්‍යාව, හෝ ගණිත විෂයන් ගෙන් හදාරා තිබිම.(මෙය අත්‍යවශ්‍ය නෙිවෙි.)

1000 අවම පියාසර කාලයක් සපුරා තිබිම(පරීක්ෂක නියමුවෙක් වීම විශේෂ සුදුසු කමකි.)

උස අඩි 5 අගල් 6(1.6m) හා අඩි 6 අගල් 4 (1.9m)අතර විය යුතුයි.

දුර දැක්ම 20/20 සෑම ඇසකම විය යුතුයි.ඇසට ශල්‍ය කර්මයක් සිදු කර ඇත්නමි අයදුමිපත ඉදිරිපත් කළ යුත්තේ ශල්‍ය කර්මයෙන් අවුරැද්දකට පසුව ය.මෙම අවුරැද්දතුලදී කිසිදු අතුරැ ආබාධයක් සිදු නොවි තිබිය යුතුයි.

මෙහෙයුමි විශේඥයන් වීමට

ප්‍රඵම උපාධිය ඉංජිනේරැ,ජිව විද්‍යාව,හෞතික විද්‍යාව, හෝ ගණිත විෂයන් ගෙන් හදාරා තිබිම.(මෙය අත්‍යවශ්‍ය නෙිවෙි.)

1000 අවම පියාසර කාලයක් සපුරා තිබිම(පරීක්ෂක නියමුවෙක් වීම විශේෂ සුදුසු කමකි. )

උස අඩි 5 අගල් 6(1.6m) හා අඩි 6 අගල් 4 (1.9m)අතර විය යුතුයි.

ලාංඡනය

NASA හි පුහුණුව අවසන් කරන අඡටාකාශගාමින් හට silver lapel pin,ලැබෙන අතර අභවකාශ තරණයේන් පසු Gold lapel pin ලැබෙි.ඇමරිකා එක්සත් ජනපද‍යේ අඡටාකාශගාමින් හට ප්‍රථම අභවකාශ තරණයේන් පසු අඡටාකාශ ලාංඡනය (Astronaut badge)ලැබෙි.ඇමරිකා එක්සත් ජනපද‍යේ ගුවන් හමුදාව ද හැතැප්ම 50 (80km) ඉක්මවු ගුවන් නියමුවන්ටද මෙම ලාංඡනය ලබා දෙයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අජටාකාශගාමියා&oldid=575934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි