ආරෝග්‍යශාලා

ආරෝග්‍යශාලා හෙවත් රෝහල් යනු විශේෂිත කාර්ය මණ්ඩලයක් සහ විශේෂිත උපකරණ භාවිත කරමින් නේවාසික ප්‍රතිකාරද සහිතව සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙති.

ආරෝග්‍යශාලා

නූතනයේදී රෝහල් සඳහා සාමාන්‍ය වශයෙන් අරමුදල් ලබාදෙනු ලබන්නේ අදාළ රජයෙන්, සෞඛ්‍ය සංවිධාන මඟින් (ලාභ ලබන හෝ ලාභ නොලබන), සෞඛ්‍ය රක්‍ෂණ මඟින් හෝ පුණ්‍යාධාර ආයතන මඟින් සෘජුවම සිදුකරන පරිත්‍යාග වශයෙනි. අතීතයේදී කෙසේ නමුත් ඒවා සඳහා ආධාර සපයනු ලැබුවේ ආධුනික ආයතන සහ පුණ්‍යාධාර ලබාදෙන පුද්ගලයන් හෝ නායකයන් මඟිනි. මේ හා සමානව නූතන රෝහල්වල ප්‍රධාන වශයෙන් වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද සේවයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඇත. අතීතයේදී මෙම කර්තව්‍යයන් සාමාන්‍යයෙන් සිදු කරනු ලැබුවේ ආගමික නායකයින් හෝ ස්වේච්ඡා සේවකයන් මඟිනි.

වර්ග

විවිධ රටවල විවිධ වර්ගීකරණ ක්‍රම පවතී.ඇතැම් රෝගීන් රෝහල් කරා පැමිණීමෙන් රෝග සඳහා නිර්ණයක් ලබාගැනීම හා ප්‍රතිකාර ලබාගැනීම පිණිස වන අතර ඉන්පසුව ඔවුන් බාහිර රෝගීන් ලෙස ප්‍රතිකාර ලබා පිටව යති. තවත් රෝගීන් පිරිසක් රෝහල්වල සති ගණනන් හෝ මාස ගණන් නේවාසික ප්‍රතිකාර ලබති. රෝහල් සාමාන්‍යයෙන් අනෙක් වර්ගයේ වෛද්‍ය පහසුකම් මගින් වෙනස් වනුයේ ඒවා මගින් රෝගීන් සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදෙමින් සත්කාර කිරීමේ ඇති හැකියාව නිසා ය.

මහ රෝහල්

ප්‍රධාන වශයෙන් හදුනාගැනීමකට ලක් වූ රෝහල් වනුයේ මෙම මහ රෝහල් වන අතර එමගින් විවිධ වර්ගයේ රෝග සහ අනතුරු සඳහා ප්‍රතිකාර ලබාදෙන අතර හදිසි අවස්ථාවන්වලදී සෞඛ්‍ය සඳහා අවධානම් එල්ල වන අවස්ථාවන්වල දී ප්‍රතිකාර ලබාදීම සඳහා හදිසි අනතුරු අංශයක් සහ හදිසි අනතුරු වාට්ටු පිහිටා ඇත. මහ රෝහලක් යනු එය පිහිටා ඇති ප්‍රදේශයක ප්‍රධාන සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ආයතනය වන අතර එහි දිගු කාලීනව රෝගීන් හට ප්‍රතිකාර ලබාදීම පිණිස දැඩිසත්කාර ඒකකයක් සහ ප්ලාස්ටික් සැත්කම් අනෙකුත් සාමාන්‍ය සැත්කම් , ශල්‍යාගාර , සූතිකාගාර හා රසායනාගාර වැනි විශේෂ පහසුකම් ද ඇත. විශාල නගරවල්වල විවිධ ප්‍රමාණයේ සහ විවිධ පහසුකම් සපයන විවිධ වර්ගයේ රෝහල් පවතී.

විශේෂ පහසුකම් සහිත රෝහල්

මෙම වර්ගයේ රෝහල් නම් හදිසි අනතුරු මධ්‍යස්ථාන, ළමා රෝහල්, වයෝවෘද පුද්ගලයන් හට ප්‍රතිකාර ලබාදෙන රෝහල් , මානසික රෝහල් සහ වෙනත් රෝග වර්ගීකරණයන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහල්ය.

මෙවන් රෝහලක් තනි ගොඩනැගිල්ලක් හෝ මණ්ඩපයක් විය හැකිය. (විසි වන ශත වර්ෂයට ප්‍රථම පැවති බොහෝමයක් රෝහල් තනි ගොඩනැගිල්ලකින් ආරම්භ වූ අතර එය පසුකාලීනව මණ්ඩපයක් බවට පත් වුණි. ඇතැම් රෝහල් වෛද්‍ය පරීෂණ සහ පුහුණු කිරීම සදහා පසු කාලීනව විශ්ව විද්‍යාල හා අනුබද්ධ කරන ලදී. ලොව පුරාම බොහොමයක් රෝහල් රජය හෝ පුණ්‍යාධාර ආයතන මගින් ලාභ නොලබන ආයතන ලෙසද නඩත්තු කරනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදය තුල බොහෝමයක් රෝහල් ලාභ ලැබීමේ අරමුණින් තොරව පවත්වා ගෙන යනු ලබයි.

ශික්ෂණ රෝහල්

ශික්ෂණ රෝහල් හෝ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ රෝහල් රෝගීන්ට වෛද්‍ය ආධාර ලබාදෙන ගමන් වෛද්‍ය සිසුන්‍ට ඉගැන්වීමේ කටයුත්ත සඳහා රෝගීන්ගේ උදවු හා දායකත්වය ලබාදෙයි.

වෙනත් පහසුකම්

බොහෝ රෝහල් සඳහා ස්වේච්ඡා වැඩ සටහන් ඇති අතර මෙහිදී බොහෝ පුද්ගලයන් හට (ශිෂ්‍යයින් හා ජේෂ්ඨ පුරවැසියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී විවිධ සේවාවන් ලබාදිය හැකිය.

විදුලිය සැපයීම් විසන්ධි වූ අවස්ථාවන්වලදී ඒ සදහා ක්‍රියාකාරී වීමට අතිරේක විද්‍යුත් සැපයුම් ඒකකයක් පවත්වා ගැනීම නිත්‍යානුකූලය. මීට අමතරව හදිසි අවස්ථාවකදී රෝගීන් වෙත ලබාදෙන ප්‍රතිකාර නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා වඩා හොද යටිතල පහසුකම් පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

අතීතය

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ආරෝග්‍යශාලා&oldid=443117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි