ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපද සහ භූමි ප්‍රදේශ ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ඇමෙරිකා එක්සත් ජනපදය යනු ජනපද 50ක්, ෆෙඩරල් දිස්ත්රික්කයක් (එක්සත් ජනපදයේ අගනුවර වන වොෂිංටන්, ඩී. සී.), ප්‍රධාන ප්‍රදේශ පහක්, සහ විවිධ කුඩා දිවයින් වලින් යුත් ෆෙඩරල් ජනරජයකි.[1][2][3] සමීප ජනපද 48 හා වොෂින්ටන් ඩී.සී ෆෙඩරල් දිස්ත්‍රික්කය, කැනඩාව හා මෙක්සිකෝව අතර උතුරු ඇමෙරිකාවේ ද; අනෙක් ජනපද දෙක වන ඇලස්කාව සහ හවායි, උතුරු ඇමරිකාවේ වයඹ කොටසෙහි සහ මධ්‍යම-පැසිෆික් සාගර කලාපයෙහිද; පිළිවෙලින් වේ. මේ අතර අයත් භූමි ප්‍රදේශ පැසිෆික් සාගරයෙහි සහ කැරිබියන් මුහුදෙහි විහිදී තිබෙයි.

එක්සත් ජනපදයෙහි ජනපද 50 සහ කොලොම්බියා දිස්ත්‍රික්කය පෙන්වන සිතියමක්

එක්සත් ජනපදයේ ප්රාථමික අනු කොටස් ජනපද වන අතර, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල හා අයිතිවාසිකම් රාශියක් බුක්තිවිඳිති. එනම්, අභ්යන්තර වෙළඳාම නියාමනය කිරීම, මැතිවරණ පැවැත්වීම, ප්‍රාදේශීය ආන්ඩු නිර්මාණය සහ ව්‍යවස්ථා සංශෝධන අනුමත කිරීම ය.සෑම ජනපදයකටම වෙන්වූ, ජනරජ මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවක් සහ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අදිකරණය යනුවෙන් සමන්විත ආණ්ඩුවක් වේ.[4] සියළුම ජනපද සහ ඒවාගේ පදිංචිකරුවන් ෆෙඩරල් කොන්ග්රසය තුල නියෝජනය වන අතර, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද්වි පාර්ශවීය ව්‍යවස්ථාදායකයකින් සමන්විතය. සෑම ජනපදයක්ම සෙනෙට් සභිකයන් දෙදෙනෙකු විසින් නියෝජනය කරනු ලබන අතර, වඩාත්ම මෑත දශකය තුල අනුමත කළ සංගණනයන්ට අනුව නියෝජිතයින් සමානුපාතිකව ජනපද අතර බෙදී සිටී.[5] අතිරේක වශයෙන් සෑම ජනපදයක්ම, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආයතනය වන මැතිවරණ විද්‍යාලයන්හි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නියමිත ඡන්දදායකයින් ගණනක් තෝරා ගැනීමට සුදුසුකම් ලබන අතර, එය එම ජනපදයේ කොංග්‍රසයේ නියෝජිතයන් සහ සෙනෙට් සභිකයන්ගේ එකතුවට සමානවේ.[6] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1වන ලිපියෙහි 3වන අංශයෙහි IV වන වගන්තිය මගින් නව ජනපදයන් සමූහාණ්ඩුවට ඇතුලත්වීමේ බලය කොංග්‍රසයට ලබා දෙයි. 1776 දී ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවීමෙන් අනතුරුව, ජනපද සංඛ්‍යාව 13 සිට වර්තමාන ජනපද 50 දක්වා වර්ධනය වී ඇති අතර, සෑම නව ජනපදයක්ම පවත්නා ජනපද සමග සමාන පදනමක් යටතේ පිළිගනු ලැබේ.[7]

ආශ්රේයයන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි