ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය

ඇෆ්ගනිස්තාන් ඉස්ලාමීය ජනරජය යනු, ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය අතරතුර 2004 සිට 2021 දක්වා ඇෆ්ගනිස්තානයෙහි පැවති ඉස්ලාමීය ජනරජයක් විය. 2001 වසරෙහිදී එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම සමගම තලෙයිබාන්-නායකත්වය සහිත ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය වෙතින් රටෙහි බොහෝ කොටස් අත්පත් කර ගැනීමෙන් පසුව 2004 වසරෙහිදී මෙය සංස්ථාපනය කෙරිණි. 2021 අගෝස්තු 15 දිනදී රටෙහි බහුතර කොටසක පාලනය එය වෙතින් ගිලිහී ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය සතු විය. එහි බල ප්‍රදේශයෙන් බොහෝ කොටසක් අහිමි වීමෙන් පසුව වුවද, ජාත්‍යන්තර පිළිගැනීම එය වෙත හිමිවී ඇති අතර, ඇෆ්ගනිස්තානයෙහි එකම නෛතික රාජ්‍යය බවට හිමිකම් පායි. [4]

ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය

  • جمهوری اسلامی افغانستان (Dari)
  • ජම්හූරියයි ඉස්ලාමියියි ඇස්ගොනිස්තාන්
  • د افغانستان اسلامي جمهوریت (Pashto)
  • ද අෆ්ගනිස්තාන් ඉස්ලාමි ජුමොරියාත්
2004–2021
ඇෆ්ගනිස්තානය හී කොඩිය
ධජය (2013–2021)
{{{coat_alt}}}
ජාතික ලාංඡනය
උද්යෝග පාඨය: لا إله إلا الله، محمد رسول الله
"Lā ʾilāha ʾillā llāh, Muhammadun rasūlu llāh"
" අල්ලාහ් හැර වෙන දෙවියන් වහන්සේ කෙනෙක් නැත; මොහොම්මද් යනු අල්ලාහ් ගේ පණිවුඩකරුවාය." (ෂහාදා)
ජාතික ගීය: 
قلعه اسلام قلب اسیا
("Fortress of Islam, Heart of Asia")
(2004–2006)
Millī Sūrud
سرود ملی
("National Anthem")
(2006–2021)
ඇෆ්ගනිස්තානය හි පිහිටීම
තත්ත්වයජාත්‍යන්තර වශයෙන් පිළිගත් අවශිෂ්ට රජය
අගනුවරකාබුල් (නෛතික)
බසාරාක්, පන්ෂීර් නිම්නය (2021 අගෝස්තු 17 දින සිට තත්වාකාරයෙන්)
33°N 66°E / 33°N 66°E / 33; 66 66°E / 33°N 66°E / 33; 66
විශාලතම නගරයකාබුල්
රජයඒ්කීය ජනාධිපතිමය ඉස්ලාමීය ජනරජය
ජනාධිපතිවරයා 
• 2004–2014
හමීඩ් කර්සායි
• 2014–2021
අෂ්රෆ් ගානි
• 2021–වර්තමානය
අම්රුලා සලේ (වැඩබලන)[lower-alpha 1]
ප්‍රධාන විධායක නිලධාරි 
• 2014–2020
අබ්දුල්ලා අබ්දුල්ලා
උප ජනාධිපතිවරයා[lower-alpha 2] 
• 2004–2009
අහමද් සියා මසූඩ්
• 2004–2014
කරීම් කලිලි
• 2009–2014
මොහමද් ෆාහිම්
• 2014[lower-alpha 3]
යූනුස් ඛානුනි
• 2014–2020
අබ්දුල් රෂීඩ් ඩොස්ටුම්
• 2014–2020
සාර්වාර් දානිෂ්
• 2020–වර්තමානය
අම්රුලා සලේ
ව්‍යවස්ථාදායකය ජාතික මන්ත්‍රණ සභාව
වැඩිමහල්ලන්ගේ මන්ත්‍රී මණ්ඩලය
ජනතා මන්ත්‍රී මණ්ඩලය
ඓතිහාසික යුගයත්‍රස්තවාදයට එරෙහි යුද්ධය
• එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම
7 ඔක්තොම්බර් 2001
• පළමුවන මැතිවරණය
26 ජනවාරි 2004
• එක්සත් ජනපදය ඉවත්වීම
29 පෙබරවාරි 2020
15 අගෝස්තු 2021
වර්ග ප්‍රමාණය
• ජලය (%)
අල්පතර
2020652,864[2] km2 (252,072 sq mi)
ජනගහණය
• 2020
31,390,200[3]
• ඝණත්වය
48.08/km2 (124.5/sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඇෆ්ගනිස්තාන අන්තර්කාලීන ඉස්ලාමීය රාජ්‍යය
ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය
දෙවන විරෝධය

කාබුල් නගරය අහිමි වීමෙන් පසුව වුවද, තලෙයිබාන් හමුදා විසින් රටෙහි සමහරක් ප්‍රදේශ වල පාලනය නතු කර ගෙන සිටි අතර, සිවිල් යුද්ධය දිගටම පැවතිනි. මෙය විසින් ඇෆ්ගනිස්තානයෙහි ගැටළුකාරී මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් වාර්තා දිගටම පවත්වා ගෙන ගිය අතර, දෙපාර්ශවය විසින්ම, සිවිල් වැසියන් මරාදැමීම, පැහැරගෙන යෑම සහ වධහිංසා පැමිණවීම වැනි බොහෝ විෂමාචාර සිදු කෙරිණි. ඇමරිකානු හමුදාමය සහ ආර්ථික ආධාර වෙත රජයෙහි පුළුල් විශ්වාස්‍යතාව නිසා, සමහරුන් විසින් මෙම දේශය වර්ගීකරණය කෙරුණේ ඇමරිකානු සේවාදායක රාජ්‍යයක් ලෙසින් වන අතර, චිරස්ථායි නිදහස මෙහෙයුමෙහි සමාප්තියට පසුව, ග්‍රාමීය ගම්බද පෙදෙස් වල පාලනය එය වෙතින් ක්‍රමයෙන් ගිලිහී ගියේය. [5]

ඇෆ්ගනිස්තානයෙහි එකම නෛතික රජය තමන් බවට මෙම ජනරජයෙහි රජය දිගටම හිමිකම් පායි. 2021 අගෝස්තු 17 දිනදී, පළමුවන උප ජනාධිපති අම්රුල්ලා සලේ විසින් විරෝධතා ක්‍රියාන්විතයන්හී කඳවුර පිහිටි පන්ෂීර් නිම්නයෙහි සිට  – ඇෆ්ගනිස්තානයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන දක්වමින් – ඇෆ්ගනිස්තානයෙහි වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් තමන් ප්‍රකාශයට පත් කර ගන්නා ලද අතර එහි සිට තලෙයිබාන් සංවිධානයට එරෙහිව හමුදාමය ක්‍රියාන්විතයන් දිගටම පවත්වා ගෙන යන බවට ප්‍රතිඥා දුන්නේය.[6][7][8]

සටහන්


ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි